පුවත්

ත්‍රි'මලේ තෙල් ටැංකි ගිවිසුම අත්සන් තැබේ
ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධන ගිවිසුම්වලට අත්සන් තැබූ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.
ඒ අනුව, ඉන්දියාවේ පාලනය යටතේ පැවති ටැංකි 99 න් 85 ක් ශ්‍රී ලංකා පාලනය යටතට පත් වනු ඇතැයි උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.
අදාළ ගිවිසුමට අත්සන් කළ පාර්ශ්ව අතර භාණ්ඩාගාර ලේකම්, ඉඩම් කොමසාරිස් ජනරාල්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා IOC සහ ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ප්‍රයිවට් ලිමිටඩ් ඇතුළත් වෙයි.
ඒ අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ව්‍යාපාර කටයුතු සඳහා තෙල් ටැංකි 24ක් වෙන් කෙරෙයි.
ලංකා IOC සමාගම දැනටමත් භාවිතය ගනිමින් පවතින පහළ තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 14ක් එම සමාගමේ ව්‍යාපාර කටයුතු සඳහා වෙන් කිරීම සිදුවෙයි.
එහිදී අයි ඕ සී සමාගම භාවිත කරන තෙල් ටැංකි 14 පමණක් තවත් වසර 50කට ඔවුන්ට බදුදීමට නියමිතය.
ඉතිරි තෙල් ටැංකි 61 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට 51%ක් හා ලංකා IOC සමාගමට 49%ක් කොටස් අයිතිය හිමිවන ලෙස ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ප්‍රයිවට් ලිමිටඩ් නමින් ස්ථාපිත සමාගම හරහා සංවර්ධන කිරීම මෙම ගිවිසුම මගින් සිදුකරයි.
ට්‍රින්කෝ පෙට්‍රෝලියම් සමාගම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාලිත සමාගමක් ලෙස ක්‍රියාත්මක කෙරේ.
අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 7 දෙනාගෙන් 4 දෙනෙක්ම තෙල් සංස්ථාවෙන් පත්කෙරෙන අතර එහි සභාපති ධූරය හිමිවන්නේ ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවටය.

අනුර කවදාහරි දිනන්නෙත් අනික් අය දිනපු විදියටම තමයි..!
අනුර කුමාර සහෝදරයා මල්වතු අස්ගිරි හිමිවරුන් බැහැ දැකීම ගැන එයාට හිතවත් අය එයාගේ පලු අරිනවා මම බලාගෙන. නැවිල වඳින එක ගැනත් අප්‍රසාදය පළ කරලා තියනවා. විශේෂයෙන් අනුරට උපදෙස් දෙන අයගේ ප්‍රමාණය දැන් වැඩි නිසා මම නම් උපදෙස් දෙන්න වගේ හදන්නේ නැහැ. මේ මම කියන්නේ මට හිතෙන දේ. හැබැයි ඒක විවේචනය කරන අයට එහෙම කරන්න අයිතිය තියෙන්න ඕනි.
මට නම් ඔය මල්වතු අස්ගිරි හාමුදුරුවරු බැහැදක්ක එක ගැන ලොකු ආරෝවක් නැහැ. ටිකක් දැන් ජාතික තලෙයේ නායකයෙක් වෙන්න යන නිසා පක්ෂේ කට්ටිය කියන්න ඇති පොඩ්ඩක් එහෙම රවුමක් ගහල එන්න කියල.
මේ කරන්නේ ඌරගේ මාළු ඌ උඩම තියල කපන එක. උඹල අපිව පාච්චල් කරන්නේ විප්ලවවාදීන් කියල නේ...හරි දැන් අපි මල්වතු අස්ගිරි යනවා....දැන් මොකද කියන්නේ? මම කියන්නේ මේක ලාංකික සමාජයෙන් කරන බරපතල පළිගැනීමක් කියල...ඒක ඒ විදියටම වෙන්න ඕනි.
එහෙම නැමෙන්නත් ලොකු ධෛර්යයක් තියෙන්න ඕනි. ඒක පරාජයක් නෙවෙයි.
මේක පංති අරගලයවත්, ලෙනින්ගේ විප්ලවයවත් නෙවෙයි. එයා කරන්නේ විසි එක් වන සියවසේ මැතිවරණ මුල් කරගත්ත පෝස්ට් මොඩන් වැඩක්...ඒක අපි දන්නා විප්ලව දේශපාලනය විකෘති කිරීමක්. නමුත් විකෘතිය විසින් නව අවකාශයක් නිර්මාණය කරනවා. ඒක තේරුම් ගන්න ලොකු තියරි ඕනි නැහැ.
මෙතන පොඩි දෙයයි තියෙන්නේ. විශ්ව විද්‍යාල වල, ගොවි අරගල වල, වීදි සටන් වගේ ක්ෂුද්‍ර අවකාශ වල පවත්වා ගෙන යන 'රැඩිකල් ප්‍රවේශය' මහා සමාජය එක්ක ගමන් කරන ලොකු වැඩකදී පවත්වා ගෙන යන්න බැහැ. එතකොට පොඩ්ඩක් අර මහා සමාජයේ දැක්ම (gaze) එක්ක වැඩ කරන්න වෙනවා. මම කියන්නේ අනුර කරන්නෙත් මහින්ද මහත්තයා සහ මෛත්‍රී ලොක්ක කරපු දේ ම කියල නෙවෙයි. හැබැයි මෙතන පොඩි වසඟයක් තියනවා (seduction). ඒ වසඟය නැතුව බැහැ වැඩේ ලොකුවට ගොඩ දාන්න ඕනි නම්...
මෙතෙක් වැඩ කරපු අර පොඩි තැන් වලින් ලොකු අවකාශයක් වෙත විතැන් වෙනකොට ගොඩක් දේවල් විපරිණාමය වෙන්න ඕනි. රූපාන්තරණය වෙන්න ඕනි. හැබැයි දැන් අනුරට ගේන විවේචනය ජේ.වී.පී. එක හවුල් වෙච්ච වෙනත් පොදු අපේක්ෂකයෙක් (මෛත්‍රී, චම්පික, විමුක්ති, සංගක්කාර, ධම්මික පෙරේරා...සහ වෙන ඕනෑ එකෙක්) ඔය විදියටම කලා නම් ඔය විවේචන එකක්වත් එන්නේ නැහැ. ඒ නිසා අනුර මහේෂ්ක තලය වෙත විකසිත වෙද්දී සහ ඒ සඳහා උත්සාහ කරද්දී ඒ සඳහා අපේ ආසාවල් එයා වෙත ප්‍රක්ෂේපනය නොකර ඉම්මු. අවම වශයෙන් මම එහෙම කරන්නේ නැහැ.
පහුගිය මැතිවරණේ පොදු අපේක්ෂකයා හැටියට ජන බලවේගේ අනුර නම් කරද්දී හැමෝම මැලවුනා. හැබැයි දැන් එහෙම කවුරුත් හිතන්නේ නැහැ. දැන් හැමෝම උපදෙස් දෙනවා හරි පාරේ යන්නේ කොහොමද කියල. මේ තරම් ගමනක් ආවේ එයාලගේ විදියට කියන එක ඇයි අපි අමතක කරන්නේ? එකම දේ මේ අද දවසේ අර්බුදය විසින් ඔවුන්ට ලොකු ඉඩක් හදල දීල තියනවා. ඒක අමතර වාසියක්.
අපේ ජීවිත කාලේ ඇතුලේ අපි හිතුවේ නැහැ ජනතා විමුක්ති පෙරමුණ ජාතික මට්ටමේ මැතිවරණයක් දිනල ඒ දුර යයි කියල. දැන් අඩු තරමේ එහෙම බලාපොරොත්තුවක් තියන්න පුළුවන් තැනට එයාල ඇවිල්ල තියනවා. ඒක දුෂ්කර ගමනක්. අති දුෂ්කර දේශපාලන ගමනක්. ලේ කඳුළු එක්ක කරපු මාරක ගණුදෙනුවක්.
ඒ ගමන ආවේ එයාලගේ විදියට. වැරදුණත් කමක් නැහැ. ඉතුරු ටිකත් ඔහොමම යන්න...
මෙතෙක් දිනපු හැමෝම දිනුවෙත් ලොකු ලොකු ගණන් වලින් නේ. ඉතිං අනුර කවදාහරි දිනන්නෙත් අනික් අය දිනපු විදියටම තමයි.
මම ජේ. වී. පී. කාරයෙක් නෙවෙයි....
මහේෂ් හපුගොඩ ගේ ෆේස්බුක් ගිනුමෙනි

විපක්ෂය අමාරුවේ : රනිල්ගෙන් ආණ්ඩුවට හුස්මක් !
පාර්ලිමේන්තුවේ නව සැසිවාරය අරඹමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවත්වන රාජාසන කතාව සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් ලබා දෙන ලෙස හිටපු අග්‍රාමාත්‍ය සහ කොළඹ දිස්ත්‍රික් පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ (එජාප) කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත ලිපියක් යවමින් ඉල්ලා ඇති බව වාර්තා වෙයි.
පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු තීරණය කරන පක්ෂ නායක කමිටුව පාර්ලිමේන්තු වාර අවසානයත් සමඟ අහෝසි වී ඇති හෙයින් ඉහත කල් තැබීමේ විවාදය ජනවාරි 19, 20 හෝ 21 දින වලින් එකක දී පැවැත්වීම සුදුසු බවද රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා කතානායකවරයාට යැවූ ලිපියේ සඳහන්ව ඇති බව ලංකාදීප පුවතක් අනාවරණය කර ඇත.
ඉහත විවාදය සම්බන්ධයෙන් තමා ජනවාරි 03 වැනි දින සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමඟ දුරකථනයෙන් කතා කළ බව කියන රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගේ රාජාසන කතාවට පසුව ඊට අදාළව මෙවැනි විවාදයක් පැවැත්වීම 1978 ව්‍යවස්ථාව ගෙන ඒමෙන් පසුව සම්ප්‍රදායක් ලෙස පැවත ගෙන එන බව ද සිහිපත් කරයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ මේ හරහා බෙදී පුපුරා ඇති ආණ්ඩුවට ඔක්සිජන් සැපයීමක් සිදුවන බවයි.
මේ හරහා යළිත් ආණ්ඩුවේ පාර්ලිමේන්තු බලය 20 සංශෝධනය සහ පසුගිය අයවැය අවස්ථාව මෙන් තුනෙන් දෙකක ජයග්‍රහණයක් වීමේ වැඩි සම්භාවිතයක් ඇති බවත් ඔවුන් පවසයි.
එසේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ හරහා දේශපාලන වශයෙන් දුර්වල වීමේ තත්ත්වයක් පෙන්නුම් කරන බවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.
ඒ අනුව ආණ්ඩුවේ අර්බුදය විපක්ෂයේ බෙදීම විසින් සමනය කරදීමක් පැහැදිලිව පෙන්නුම් කරන බවත් දේශපාලන විචාරකයන් ගේ අදහස වී තිබේ.

කොවිඩ් මරණ 15,083ක් දක්වා ඉහළට
තවත් කොවිඩ් මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
මියගිය පුද්ගලයන් අතර පිරිමි පුද්ගලයින් 12ක් සහ කාන්තාවන් 06දෙනෙකු ද වේ.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (05) තහවුරු කර ඇති බවයි.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,083කි.

ඇමති මණ්ඩල සංශෝධනයක් : ගැලවෙන ඇලවෙන ඇමතිධූර මෙන්න !
කැබිනට් මණ්ඩලයේ සංශෝධනය ලබන 10 වැනිදා සිදුකිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.
මෙම කැබිනට් මණ්ඩල සංශෝධනයේදී ප්‍රධාන ඇමතිධූර කිහිපයක් වෙනස් කෙරෙන අතර කෘෂිකර්ම අමාත්‍යධූරයද එසේ වෙනස් කෙරෙන අමාත්‍යධුර අතර වන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
කෘෂිකර්ම අමාත්‍ය ධූරයට ඉඩම් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන එස්.එම් චන්ද්‍රසේන මහතා පත් කිරීමට නියමිතව ඇතැයිද දැනගන්නට ඇත.
ඔහු අනුරාධපුර දිස්ත්‍රික්කයේ කාබනික පොහොර ව්‍යාපෘති කිහිපයක් ඉතා සාර්ථකව ක්‍රියාත්මක කර ඇති අමාත්‍යවරයෙකි. ඔහුගේ එම ව්‍යාපෘති රජයේ විශේෂ ඇගයීමට ලක්ව ඇත.
නව වසරේ නව ගමනක් යෑමට රජය තීරණය කර ඇති අතර මෙම කැබිනට් මණ්ඩල සංශෝධනය සිදු කෙරෙන්නේ ඒ ගමනට උත්තේජනයක් වශයෙන් යැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉවත් කිරීමෙන් පුරප්පාඩුවූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරයට මන්ත්‍රීවරයකු පත්කිරීමද මෙදින සිදු කෙරෙනු ඇත.
මේ අතර වාර අවසාන කෙරුණු පාර්ලිමේන්තුවේ මීළඟ සැසිවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 18 වැනිදා විවෘත කිරීමට නියමිතය .
-Lankadeepa

පොල්ල තියන්න කළින් මෛත්‍රී එළවන්න : ජනාධිපතිට යෝජනාවක් !
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පසුගිය ජනපතිවරණයේ හෝ මහ මැතිවරණ ජයග්‍රහණයේ ප්‍රධාන කොටස්කරුවකු නොවන බවත්, කොයි මොහොතේ හෝ හිටපු ජනපති ඇතුළු පිරිස පොල්ල තියා යන බැවින් හොඳම දේ දැන්ම ඔවුන් ඉවත් කිරීම බවත්, රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම පවසයි.
ඊයේ (05) මහනුවර පැවති මාධ්‍ය හමුවක් පවත්වමින් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මේ බව ප්‍රකාශය කළේය.
පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මන්ත්‍රි ධුර 13ක් හිමි වූවේ පොදුජන පෙරමුණ සමඟ එක්ව තරග කළ නිසා බවත්, තනිව තරග කළා නම් ඔවුන්ට අත්වන්නේ එජාපයට අත්වූ ඉරණමම බවත් අවධාරණය කළ අමාත්‍යවරයා ආණ්ඩුව තුළ සිටිමින් එහි සාමූහිකත්වයට හානි වන ලෙස කටයුතු කිරීමට කිසිවකුට හැකියාවක් නොමැති බවත්, එලෙස කරන්නට අවශ්‍ය නම් කළ යුත්තේ ආණ්ඩුවෙන් ඉවත්ව ගොස් එය සිදුකිරීම බවත් එහිදී රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

රාජ්‍ය සේවක විශ්‍රාම වයස 65 වෙයි
රාජ්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීම දැනුම් දෙමින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය චක්‍රලේඛය නිකුත් කර තිබේ. චක්‍රලේඛයට අනුව විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීම 2022-01-01 දින සිට ක්‍රියාත්මක වේ.
ඒ අනුව විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 දක්වා වන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හෝ වෙනත් නීතියක් මගින් හෝ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස නිශ්චිතව තීරණය කර ඇති නිලධරයින් හැර අනෙකුත් සියලුම සිවිල් නිලධරයින් සඳහා අදාළ වේ.
තව ද මේ වනවිට විශ්‍රාම පූර්ව නිවාඩු ලබා ගෙන ඇති සහ විශ්‍රාම යෑම සඳහා අනුමැතිය ලබා ගෙන ඇති අය සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය ද අදාළ චක්‍රලේඛයෙන් පැහැදිලි කර තිබේ.

ඇල්ලේ හිමි යළිත් අධිකරණයට : ගම්මන්පිලගේ ජාතික හැඩය අවධානමක !
ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගිවිසුමට එරෙහිවද අධිකරණය හමුවට යාමට අපේක්ෂා කරන බව ඇල්ලේ ගුණවංශ හිමි පවසති.
තමන්ට ලැබෙන තොරතුරු අනුව එහි ගැටලුකාරී තත්වයන් ඇති බවත් උන්වහන්සේ පවසති.
ඒ සඳහා අධිකරණය හමුවට යාමට කණ්ඩායම් කිහිපයක් දැනටමත් සුදානම් කරමින් ඇති බවද උන්වහන්සේ සඳහන් කළේය.
ඇල්ලේ ගුණවංශ හිමි මේ අදහස් දක්වා සිටියේ ඊයේ (05) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.
කෙසේ වුවත් මේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගිවිසුම සාධාරණීකරණය කරමින් ඛනිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිල දිගින් දිගටම මාධ්‍ය හමුවේ පෙනීසිටින පසුබිමක මේ ප්‍රකාශය නිකුත්කර තිබීම විශේෂය.
මේ අනුව පෙන්නුම් කරන්නේ වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය අනුව ආණ්ඩුව පිහිටුවීමට මතය හැදූ ජාතිවාදී කඳවුරේ බෙදීමක් හටගෙන ඇති බව යන්න දේශපාලන විචාරකයන් ගේ අදහස වී තිබේ.
මීට පෙර යුගදනවි ගිවිසුමට එරෙහිවද ඇල්ලේ හිමියන් අධිකරණය ඉදිරියට ගොස් තිබිණ.

බැසිල්ගේ සහන මල්ල සුනිල් කුඩු කරයි !
ආණ්ඩුවකට සහන දෙන්න සල්ලි මැවුනේ කොහොමද ..? යන්න සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සාමාජික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති අනාවරණය කර ඇත.
ඒ දැඩි ආණ්ඩු හිතවාදී දෙරණ මාධ්‍ය ජාලයේ අරුණ පුවත්පත වෙත ප්‍රකාශයක් ලබාදෙමින් මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අදහස් දක්වා ඇත.
මුදල් නොමැති බව පවසමින් ජනතාවට දුකකි වූ ආණ්ඩුවම හිටි හැටියේම ජහැටියේම ජනතාවට ලබා දී ඇති සහන මල්ල සැබැවින්ම සහන මල්ලක් ලෙස පෙනී සිටින ආර්ථිකය විනාශ කර දැමීමේ අසහන මල්ලක්.
ආර්ථිකය ගැන මූල්‍ය කළමනාකරණය ගැන අබමල් රේණුවක හරි අවබෝධයක් ඇති ඕනෑම පුද්ගලයෙකුට ආණ්ඩුව සිදුකළ ඇති විනාශය වැටහෙනවා. ආණ්ඩුව ලබා දුන් සහන මල්ල එකවරම ලබාදෙන්නේ ඡන්දය ඉලක්ක කරගෙන මිස ජනතාව පිළිබඳව උපන් කරුණාවෙන් නොවෙයි. අයවැයට සහන දෙන්නට තරම් ආර්ථික ශක්තියක් නොතිබූ ආණ්ඩුවට එකවරම මුදල් පහළ පහළවීම පුදුමයක්. මේ දීලා තියෙන්නේ ජනතාව තාවකාලිකව සනස ගන්න පොඩි ඇමක් විතරයි. ජනතාවගේ බදු සල්ලි ජනතාවටම දෙනවා මේ ආණ්ඩුව.මට ඇත්තටම දුක තියෙන්නෙ ආර්ථිකය ගැන විශාල දැනුම් සම්භාරයක් තියෙන ආර්ථික ඔස්තාර්ලා මේ වෙලාවේ මුකුත් තේරෙන්නේ නැති විදිහට ඉන්න එක ගැන.
මේ ආණ්ඩුව වැටිල තියෙන රටට කරපු මේ විනාසෙ ගැන ඔවුන් කට අරින්නෙ නැත්තේ ඇයි කියලා මම අහනවා. ඕනෑම කෙනෙක්ට තේරෙනවා ඩොලර් අර්බුදයක් තියෙන වෙලාවක රුපියල් අච්චු ගැහුවම ඒ රුපියල් වලින් මිලදී ගන්න මිලදීගන්න භාණ්ඩ ගෙන්වන්න ඩොලර් ආයෙම ඕනේ කියලා. රුපියල් අච්චු ගහලා වැඩක් නැහැ භාණ්ඩ ගෙන්වන්න ඩොලර් නැත්නම්. මේ සරල කාරණය තේරෙන්නේ නැද්ද ආණ්ඩුවට. මිනිස්සුන්ටත් ලොකුම ගැටලුව වෙලා තියෙන්නේ රුපියල් ගැටලුව නෙමේ ඩොලර් අර්බුදය. නමුත් රුපියල් කොච්චර තිබ්බත් අපිට වැඩක් නැහැ. කඩවල් වල බඩු නැහැ. හා හා නැත්නම් රුපියල් තිබ්බට වැඩක් නැහැ . සිමෙන්ති නැත්නම් රුපියල් තිබ්බට වැඩක් නැහැ . වාහන අමතර කොටස් නැත්නම් රුපියල් තියෙන්නෙ මොනව කරන්නද ..? උත්තරය හොයන්න ඕනේ මේ දරුණුවටම දැනෙන ඩොලර් අර්බුදයට නම් ඒකට උත්තරය හොයනව ඇරෙන්න ඡන්ද අර්බුදයට උත්තර හොයල වැඩක් නැහැ. පැහැදිලියි. මේ තමන්ගේ බලය වැඩි කරගන්න කරන සෙල්ලමක්. ජනතාව ඒක තේරුම් ගන්න. මේ දෙන්නේ අමුතු නිධානයක් නෙමෙයි . ජනතාවගේම බදු සල්ලි. එකවරම හැන්දෑවකම මාධ්‍ය හමුවක් තියලා වීරයෝ වගේ සහන දෙනවා ඇවිල්ලා. මේ මුදල් බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ ගිහින් ගෙනාපු සල්ලි නෙමෙයි නේ . අපේ සල්ලි. අපිට විඳවන්න වෙනවා මේ සල්ලි ගත්තට අපි හිතනවා මේ රටේ බුද්ධිමත් ජනතාව තවදුරටත් මේ මේ සැනසිලි තෑගි වලට රැවටෙන්නේ නැහැ කියලා . මේ රටට කළ මහා අපරාධය ගැන සියල්ලන්ම ඉන්නේ නිහඬව . නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන ආර්ථික උපාධි තියන දැනුම තියෙන අයත් රටට මේ වෙන දේවල් වලට වගකියන්න ඕනේ. මේ අපරාධ වලට කට කටවහන් ඉන්න එක නෙමේ, මේ තීරණ හරිද හරිද වැරදිද කියලා ඔවුන් ජනතාවට කියන්න ඕනේ . දැන් රටේ ජනතාවගේ නහයට උඩිනුත් වතුර ගිහින් තියෙන්නේ. දෙන්න ඕනේ පහළම තැනට වැටිලා ඉන්නේ.මෙහෙම සල්ලි පොම්ප කළාම ආර්ථිකයට අර සිම්බාබ්බේ වුණා වගේ විල්බැරෝ වක් අරගෙන තමයි යන්න වෙන්නේ. පාන් ගෙඩියක් ගේන්න. මේ ආණ්ඩුව හොයාගත්ත බිලියන දෙසිය විසිනවයක් නෙමෙයි , මේ අච්චු ගහපු සල්ලි "
අශිකා ජයවීර
අරුණ පුවත්පත 2022-01-05

රට බේරාගැනීම වෙනුවට ආණ්ඩුව ණය ගෙවීමට කැපවෙලා !
ලංකාව ණය ගෙවීමට කැපවී සිටියත් රට බේරාගැනීමට කැපවී නැති බව ආර්ථික විශේෂඥයකු වන ආචාර්ය නිෂාන් ද මෙල් පවසයි.
ඔහු ඒ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවට ඉදිරියේදී ණය ආපසු ගෙවීමේ හැකියාවක් තිබේද යන්න පිළිබඳව 'අද දෙරණ' කළ විමසීමකදීය.
ඒ සම්බන්ධ අදහස් දැක්වූ ආර්ථික විශේෂඥයකු වන වෙරිටේ රිසර්ච් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිෂාන් ද මෙල් මෙසේද සඳහන් කළේය.
"ණය ගෙවීමෙන් අර්බුදය විසදෙන්නේ නෑ. ණය ගෙවන තරමට සංචිත තවත් අඩුවෙනවා. ක්ෂණික ක්‍රියාමාර්ගය.. අපි ණය ගෙවීම ප්‍රතිව්‍යුහගත කීරීමකට යන්න ඕනේ. දැම්මම පටන් ගන්න ඕනේ. ඩොලර් මිලියන 500 ගෙව්ව හැටිය රට තවත් අර්බුදයකට ළංවෙනවා. ඉක්වදෝරයට සහ ආජන්ටිනාවටත් මේ ප්‍රශ්නය තිබුණා. ඒ අය සාකච්ඡා කරලා ගොඩ ආවා. අපේ ප්‍රශ්නය තියෙන්නේ අපි ණය ගෙවීමට කැපවෙලා තියෙනවා. රට බේරගන්න කැපවෙලා නෑ. "
ණය අභියෝගය මෙන්න !
මේ අතර 2022 ජනවාරි 18 වන දින කල්පිරෙන ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරය පියවීම සඳහා අවශ්‍ය කෙරෙන අමෙරිකානු ඩොලර් මිලියන 500 ක මුදල වෙන්කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකාව ලබන ජූලි මාසයේ තවත් ඩොලර් බිලියනයක ණයවාරිකයක් ගෙවීමට නියමිතය.
ෆිච් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය ශ්‍රී ලංකාව දිගුකාලීන විදේශ විනිමය පියවීම පැහැර හැරීමේ අවදානමක පවතින බවට පසුගියදා අනතුරු ඇඟවීමක් සිදුකළේ ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ මුදල් ශ්‍රේණිගතකිරීම 'CCC' සිට 'CC' දක්වා පහත දමමින්ය.
2022 සහ 2023 වසරවලදී නව බාහිර මූල්‍ය ප්‍රභවයන් නොමැතිව ශ්‍රී ලංකා රජයට එහි බාහිර ණය බැඳීම් සපුරාලීම දුෂ්කර වනු ඇතැයි ෆිච් ආයතනය විශ්වාස කරන බවද ඔවුන් ගේ නවතම ශේණිගත කිරීමේ නිවේදනය දෙසැම්බර් 17 වනදා නිකුත් කරමින් සඳහන් කර තිබුණි.
මෙම බැඳීම්වලට 2022 ජනවාරි මාසයේ දී ගෙවිය යුතු අමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 500 ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර දෙකක් සහ 2022 ජූලි මාසයේ දී අමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 1 ක් ඇතුළත්ය.
ඒ අනුව 2022 වසරේ දී ඩොලර් බිලියන 6.9 ක විදෙස් ණය ප්‍රමාණයක් පියවීමට ශ්‍රී ලංකාවට සිදුව තිබේ.

සජබ කලමනාකරණ කමිටු රැස්වීමේ දී ගෝරි ගොඩයි !
නව වසරේ පැවති සමගි ජනබලවේගයේ පළමු කලමණාකරණ රැස්වීමේ දී හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, කබීර් හෂීම්, අජිත් පී පෙරේරා, මනුෂ නානායක්කාර සහ සරත් ෆොන්සේකා විසින් පක්ෂයේ ප්‍රතිපත්ති දැඩි විවේචනයට ලක් කර ඇත.
නායක සජිත් ප්‍රේමදාස ගේ උපදේශකවරයෙකු වන දයාන් ජයතිලක විටෙක ජනතා විමුක්ති පෙරමුණත්, තවත් විටෙක ආණ්ඩුවත් ආදී වශයෙන් එකිනෙකා උසවා තබමින් කටයුතු කරන බව හර්ෂ ද සිල්වා සහ එරාන් වික්‍රමරත්න විසින් පෙන්වා දී ඇත.
සජබ ප්‍රතිපත්ති කාලීන නොවන බවත් උගත් දැනුවත් මිනිසුන් අතර පක්ෂය විහිළුවක් බවට පත්වෙමින් ඇති බවත් ඔවුන් කරුණු දක්වා ඇත.
‘දයාන් ජයතිලක නායකතුමාගේ උපදේශක මිසක් පක්ෂයේ උපදේශක නෙවෙයි. ඔහු අපි සමඟ කරන කතා බහ, වට්ස්අප් පණිඩුව පවා සමාජ මාධ්‍ය යේ පළ කරනවා‘ යැයි හර්ෂ - එරාන් දෙදෙනා පවසා ඇත.
දැනට වසරට වැඩි කලක් සජිත් ප්‍රේමදාස මහතාගෙන් දුරස්ථවී සිටින කබීර් හෂීම් පවසා සජබ නායකයාගේ කටයුතු දැඩි විවේචනයකට ලක් කර ඇත.
" අපි ආණ්ඩු විරෝධී කිසිම වැඩක් සංවිධානාත්මකව කරන්නේ නෑ. තැන තැන ගිහින් වාචාල කතා කියනවා. අපිට මෙහෙම යන්න බෑ" යැයි ඔහු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දැඩි විවේචනයට ලක් කර ඇත.
මනූෂ නානායක්කාර පවසා ඇත්තේ, නායකතුමා එජාපය විවේචණය කිරීමෙන් වලකින ලෙසයි. ‘ඔබතුමා එජාපයේ හිටපු නියෝජ්‍ය නායකයා. ඒ නිසා එජාප ආණ්ඩුව කළ සෑම දෙයකම වගකීමක් ඔබතුමාට තියෙනවා. අපිටත් තියෙනවා.‘ අපි ආණ්ඩුව මිසක් එජාපය විවේචනය කළ යුතු නෑ. එජාප නායක රනිල් වික්‍රමසිංහ, මත්තල ගුවන්තොටුපලේ ගබඩාවල වී තැම්පත් කළේ මාව පරද්දන්න යැයි‘ සජිත් ප්‍රේමදාස තිස්සමහරාමයේ දී පවසා තිබුණි.
කළුතර හිටපු මන්ත්‍රී අජිත් පී පෙරේරා පක්ෂ නායකයාට සහ මහ ලේකම්වරයාට විරුද්ධව දැඩි චෝදනාවක් එල්ල කළේ ‘මාව මරන්න ආපු මිනිහට පක්ෂයේ දිස්ත්‍රික් සංවිධායක ධූරයක් දීලා තියෙනවා. අමරසේකර හිටියේ කෙහෙද? මොනාද කළේ කියලා හැමෝටම අමතක වෙලා. එජාපයෙන් කැඩිලා මේ පක්ෂය ඇති කරන්න කටයුතු කරපු මිනිහෙක් මම. ඒ නිසා ඔය හැමෝටම වැඩිය අයිතියක් මේ පක්ෂයේ මට තියෙනවා. රනිල් මට හොදම නියෝජ්‍ය ඇමතිකම්, රාජ්‍ය ඇමතිකම් දුන්නත් මම මේ පක්ෂය එක්ක ආවා. දැන් මට කළුතරට යන්න බැරිවෙලා තියෙනවා. ඇයි මෙහෙම කටයුතු කරන්නේ? කියා අජිත් පෙරේරා පවසා ඇත.
පක්ෂයේ සභාපති සරත් ෆොන්සේකා ඉතා පරිස්සමෙන් වචන පාවිච්චි කරමින් ‘මේ විදිහට අපිට ඉදිරියට යන්න බෑ. අපි පිළිවෙලකට වැඩ කරන්න ඕනි. නැත්තම් ඕනි නැති ප්‍රශ්න ඇතිවෙනවා" යැයි පවසා ඇත.

සුසිල් ඉවත් කළේ බුද්ධි අංශ තොරතුරු මත – තිස්සකුට්ටි
සුසිල් ප්‍රේම්ජයන්ත රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කළේ රාජ්‍ය බුද්ධි අංශ මගින් ජනාධිපතිවරයා වෙත වාර්තා කර තිබූ කරුණු මත පදනම්ව බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටිආරච්චි පවසයි.
ඔහු ඇමතිධුරයෙන් නෙරපීමට පෙර දින දෙල්කඳ පොළේදී ආණ්ඩුව විවේචනය කරමින් අදහස් දක්වා තිබූ අතර එම විවේචනය හේතුවෙන් ප්‍රේම්ජයන්තට ඇමති ධුරය අහිමි වූ බව බොහෝදෙනා විස්වාස කරන නමුත් එහි කිසිදු සත්‍යයක් නොමැති බවයි මන්ත්‍රීවරයා පවසයි.
ජනාධිපතිවරයා හෝ වත්මන් ආණ්ඩුව විවේචන ඉවසා ගත නොහැකි තත්වයට පත්ව නොමැති බවද ඔහු සඳහන් කරයි.
තිස්සකුට්ටිආරච්චි මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

කොවිඩ් මරණ 15,065ක් දක්වා ඉහළට
තවත් කොවිඩ් මරණ 10ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (04) තහවුරු කර ඇති බවය.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,065කි.

සියළු සිසුන් පාසල් කැදවීමට අනුමැතියක්
පාසල් අධ්‍යාපන කටයුතු ලබන සඳුදා සිට යථාතත්ත්වයට පත්කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන විසින් අධ්‍යාපන අමාත්‍යංශයට අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව දිවයිනේ සියලු පාසල්වල පළමු වසරේ සිට 13 වැනි වසර දක්වා අධ්‍යාපන කටයුතු සාමාන්‍ය ක්‍රමවේදය යටතේ පවත්වාගෙන යාමට උපදෙස් ලබා දී තිබේ.
මේ වනවිට පාසල්වල ළමුන් කැඳවීම සිදුකරනු ලබන්නේ කොටස් වශයෙන් වන අතර .නව තීරණයත් සමඟ සියලුම පාසල් සිසු සිසුවියන්ට දිගු කාලයකට පසු එකවර පාසල් පැමිණීමට අවස්ථාව ලැබේ.

රටපුරා ඔමික්‍රෝන් පැතිරී ඇති බවට සුව සේවයේ බියක්
ඔමික්‍රෝන් ශ්‍රී ලංකාව තුල පැතිරෙන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශවල වරදින් බවට වසංගත මර්දනයේ නිරත සුව විරු නායකත්වය චෝදනා කරයි.
වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසන්නේ රට තුලට ඇතුළුවන ගුවන් මගීන් PCR පරීක්ෂාවකින් තොරව රටට ඇතුළු කිරීම, ඔමික්‍රෝන් රැල්ලක් රටේ ඇතිවීමට හේතුවී ඇති බව දැනට සොයාගෙන ඇති ඔමික්‍රෝන් ආසාදිතයන්ගේ දත්ත මගින් ඉතා පැහැදිළිව තහවුරු වී ඇති බවයි.
"ඒ අනූව මේ වන විටත් ඔමික්‍රෝන් ප්‍රභේදයට නිරාවරණය වී ඇති අතර, ඉදිරියේදී රට ඔමික්‍රෝන් ප්‍රභේදයේ තර්ජනයකට ලක් වීමට බොහෝ ඉඩකඩක් පවතී."
රටට ඇතුළුවන ගුවන් මගීන්ගේ PCR පරීක්ෂණ සිදු කලේනම් මෙම තත්වය වලක්වා ගැනීමේ හැකියාවක් තිබුණු අතර, රජය හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සදහා කටයුත නොකරමින්, මහ ජනතාව අනවශ්‍ය අවධානමක හෙලමින් සිටින්නේ කිනම් හේතුවක් නිසාද යන්න පැහැදිළි නොමැති නමුත්, ඉදිරියේදී ඇතිවන ඔමික්‍රෝන් තර්ජනයේ වගකීම අදාල මාර්ගෝපදේශ සකස් කරන කණ්ඩායම බාර ගත යුතු බවයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසයි.
ගු=වන්ගතවීමට දින කිහිපයකට කලින් සිදු කල PCR පරීක්ෂාවක් මගින් ආසාදිත තත්වය තහවුරු කල නොහැකි බවත්, එන්නත් මාත්‍රා දෙකක් ලබා ගත් පමණින්, පරීක්ෂාවට ලක් නොකිරීම නිවැරදි නිර්ණායකයක් නොවන බවත්, හදුනා ගත් ඔමික්‍රෝන් ආසාදිතයන්ගේ තොරතුරු මගින් තහවුරු වී ඇති අතර, අදාලා ආසාදිතයන් බහුතර ප්‍රමාණයක් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් හා දින ගුවන්ගත වීමට පෙර ලබා ගත් PCR පරීක්ෂාවක් මගින් ආසාදනයක් නොමැති බව තහවුරු කරගත් අය වීම මගින් ඔන් ඇරයිවල් PCR නොකිරීමේ ප්‍රතිපත්තිය බරපතල වැරදි තීරණයක් බව තහවුරු කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් රවී කුමුදේශ් අවධාරණය කර තිබේ.
එම නිවේදනයේ දැක්වෙන පරිදි දෙසැම්බර් මාසයේ ආගමනිකයන් හා විගමනිකයන් අතුරෙන් හඳුනා ගත් ඔමික්‍රෝන් ආසාදිතයන් ප්‍රමාණය පහත පරිදි වේ.
පලමු සතිය
ආගමනිකයන් - 1 විගමනිකයන් - 0
දෙවැනි සතිය
ආගමනිකයන් - 0 විගමනිකයන් - 1
තෙවැනි සතිය
ආගමනිකයන් - 3 විගමනිකයන් - 6
මෙම විගමනිකයන් සියල්ල ඊශ්‍රායල්, ඉතාලි, කැනඩාව, අයර්ලන්තය සහ ඩුබායි යන රට වලින් මෙරටට පැමිණි අයවලුන් වන නමුත් එන්නත්කරණය සම්පූර්ණ කිරීම නිසා On Arrival PCR පරීක්ෂණ සිදු කිරීමේ නොහැකියාව මත පැමිණීමේදී පරීක්ෂා කිරීමට නොහැකි වී ඇති බව රවී කුමුදේශ් වැඩි දුරටත් සදහන් කරයි.
සිව්වැනි සතිය
ආගමනිකයන් - 1 විගමනිකයන් - 22
මෙම විගමනිකයන් සියල්ල පෙර පරිදිම විවිධ රට වලින් මෙරටට පැමිණි අයවලුන් වන අතර ඔවුනට අමතර වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රදේශ පහකින් වාර්තා වී ඇත.
"එම ප්‍රදේශ වන්නේ බණ්ඩාරගම, කොළඹ, ඇඹිලිපිටිය, අලුත්ගම, රාගම ය."
එම ප්‍රදේශ විශ්ලේෂණය කිරීමේදී මේ වන විටත් ඔමික්‍රෝන් දිවයින පුරා ව්‍යාප්ත වී ඇති බවට රවී කුමුදේශ් සැක පළ කර තිබේ.

කොවිඩ් මරණ 15,055ක් දක්වා ඉහළට
තවත් කොවිඩ් මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (03) තහවුරු කර ඇති බවය.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,055කි.

වතුර බිලත් ඉහළට !
ජල ඒකක 30ට වැඩි ජල පරිභෝජකයින් සඳහා ජල ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.
කෙසේ වෙතත් ඒකක 30ක් පාවිච්චි කරන අයට මුල් ඒකක 15 සහනයක් ලබාදීම සම්බන්ධයෙන් සලකා බලන්න ලෙස තමන් ජලසම්පාදන මණ්ඩලයට උපදෙස් දුන් බවද අමාත්‍යවරයා පවසයි .
අඩු ආදායම්ලාභීන්ගේ ජල ගාස්තුවෙහි කිසිදු වෙනසක් සිදු නොකරන බවත් ඔහු පවසයි.
මේ වනවිට ජලසම්පාදන මණ්ඩලය වියදම අවම කරගක හැකි මට්ටමේ ආදායමක් ලබන බවද අමාත්‍යවරයා සදහන් කළේය.

මෛත්‍රී ප්‍රසිද්ධියේ ජනාධිපතිට එරෙහිව යයි !
සුසිල් ප්‍රේමජයන්ත ඇමැති තනතුරින් ඉවත් කළද ආණ්ඩුවේ පිපිරීම නවත්වන්න බැරි බව හිටපු ජනාධිපති ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන පවසයි .
හිටපු ජනාධිපති පෙන්වා දුන්නේ ආණ්ඩුව යන වැරදි ගමන නැවැත්වූවේ නැතිනම් මීට වඩා පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් කිරීමට සිදු වනු ඇති බවකි.
"ලංසාට අත තියන්නේ නෑ" - මෛත්‍රී
"ගිය සෙනසුරාදා සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා පොළේ ගියා. ආණ්ඩුවට හයේ පාරක් ගහලා ගෙදර ගියා. දැන් ජනාධිපතිතුමා වහාව ක්‍රියාත්මක වන පරිදි එතුමා ඇමති ධූරයෙන් අස් කෙරුවා. සුසිල්ව අස් කෙරුවා පොළේ ගිහින් කියපු කතාවට. ලංසා ඇමතිතුමා මීට දවස් තුනකට කලින් ගම්පහදි හයේ පාරවල් දෙකක් ගැහුවා. හැබැයි ලංසාට නෑ චාර්ජ් ෂීට් එකක්. ඉල්ලා අස්වීමක්. මං දන්නවා හේතුව ලංසට අත තියන්නේ නෑ. ඒ මොකද ලංසා ඔක්කොම දන්න මිනිහා. වෙන හේතුවක් නොවෙයි."
(04.01.2022 - මාතලේ)
Page 396 of 474