පුවත්

අවශ්‍යතාවය මත දින10ක් විදුලිය විසන්ධි කෙරේ
රටේ පවතින තත්ත්වය මත අද (12 වැනිදා) සිට ඉදිරි දින 10ක කාලයේ දී රට පුරා විදුලිය විසන්ධි කිරීම් සිදුවනු ඇතැයි රජය ප්‍රකාශ කරයි.
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ සිදුව ඇති බිඳවැටීම යථාවත් කිරීමට තවත් දින 10ක පමණ කාලයක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරෙන බැවින් අවශ්‍ය වුවහොත් මෙලෙස විදුලිය කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට විදුලිබල මණ්ඩලයට සිදුවනු ඇතැයි කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක, වැවිලි කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ ඊයේ (11 වැනිදා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළේය.
මේ අතර ඉදිරියේ දී අවශ්‍යතාවක් මතු වුවහොත් විදුලිය කප්පාදු කිරීම සඳහා වන කාලසටහනක් ද ලංකා විදුලිබල මණ්ඩලය මගින් ඊයේ (11 වැනිදා) ප්‍රසිද්ධ කරනු ලැබීය.
ඒ අනුව සමස්ත රට ඒ, බී, සී, ඩී, (A, B, C, D) වශයෙන් කලාප 04කට බෙදා ඇති අතර පස්වරු 5.30 සිට රාත්‍රී 9.30 දක්වා කාලයේ දී අවශ්‍යතාව මත පැයක කාලයක් බැගින් විදුලිය කප්පාදු කෙරෙනු ඇත.
ඉරිදා දිනය නොමැතිව සතියේ සඳුදා සිට සෙනසුරාදා දක්වා දිනවල මෙම විදුලිය කප්පාදුව සිදුකෙරෙන බවද විදුලි බලමණ්ඩලය ප්‍රකාශ කර තිබේ.

''කෘෂිකර්මය මරණ මංචකයේ''
මෙරට කෘෂිකර්මාන්තය මේ වනවිට ඇත්තේ මරණ මංචකයේ බවත් සමස්ත කෘෂිකර්මාන්තයේ ඉරණම තීන්දු කරන තීරණාත්මක මොහොතකට එළඹ සිටින මේ මොහොතේ මුළු මහත් ලාංකීය ගොවි ජනතාව නියෝජනය කරමින් මුළුදෙන මෙම ගොවි ජාතික සමුළුව ලාංකීය ගොවි ජනතාව පක්‍ෂ,පාට,ජාති,ආගම්,කුල,භේද කිසිවක් නොසලකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ගොඩනැඟෙන්නක් බව පසුගියදා (10) පොලොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේ පැවැති ගොවි ජාතික සමුළුවේදී ගොවි නායකයෝ කියා සිටියහ.
දිවයිනේ ගොවි ව්‍යාපාර 26ක් පමණ නියෝජනය කරමින් ගොවි නියෝජිතයින් ඇතුලු ගොවි ජනතාව මෙම සමුළුවට සහභාගීවී සිටීම ඉමහත් සතුටට කරුණක් බව සමුළුව ඇමතූ එහි සංවිධායකවරයෙකු වන පොලොන්නරුව පරාක්‍රමසමුද්‍රය මහ ගොවිජනපද ව්‍යාපාරයට අයත් අලුත්වැව නැඟෙනහිර ගොවිසංවිධානයේ සභාපති පී.කේ.ඩී.විජේරත්න පැවැසීය.
අද දින මෙම සමුළුවට ඉදිරිපත් කෙරෙන ප්‍රධාන යෝජනා 07 වන්නේ ආණ්ඩුව විසින් නිර්මාණය කල පොහොර අර්බුදය හේතුවෙන් මෙවර මාස් කන්නයේ අඩුවන වී අස්වැන්නට සාධාරණ අයුරින් වන්දි ලබාදීම, ඉදිරි යල කන්නයේ සිට වී වගාවට සුදුසු ගුණාත්මක තත්වයේ පොහොර ගොවියාට ලබාදීම, වගා ණය සඳහා දැනට අයකරනු ලබන අධික පොලිය වෙනුවට සහන පොලියට ගොවියාට ණය ලබාදීම.කෘෂි උපකරණ ගෙන්වීමේදී දැනට පනවා ඇති බද්ද ඉවත් කරන ලෙස ඉල්ලීිම, කෘෂිකර්මාන්තය වෙනුවෙන් දැනට සිදු කෙරෙන සමාගම් මැදිහත්වීමෙන් තොරව රජය මැදිහත්වීම, කෘෂිකර්මයට අදාල තීරණ තීන්දු ගැනීම කෘෂි විද්‍යඥයින්,ගොවි නියෝජිතයින්ගෙන් සැදුම්ලත් ජාතික සභාවක් පිහිටුවීම.ගොවිතැනේදී භාවිත කෙරෙන භූගත ජලයට මීටර් සවිකිරීමට ගෙන ඇති කැබිනට් තීරණය හකුලා ගන්නා ලෙස රජයට බල කිරීම බව ඔහු එහිදී පැවසීය.
ලංකාදීප

කොවිඩ් මරණ 15,149ක් දක්වා ඉහළට
තවත් කොවිඩ් මරණ 15ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (10) තහවුරු කර ඇති බවය.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,149කි.

දෙකෙන් එකක් බේරගන්න - බැසිල්ගේ ගෝලයන් බහියි : මෛත්‍රීට දැවැන්ත ප්‍රහාරයක් !
මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඉකුත් ජනාධිපතිවරණයේ දි කකුල් දෙකම දෙපැත්තේ තබාගෙන කටයුතු කළ බවත්, කිසිදු කාර්යයක වගකීම බාරනොගෙන එය විවිධ පුද්ගලයන් පිට පැටවීමේ ක්‍රියාදාමයක නිරතව සිටින බවත් ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (11) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අදහස් දක්වමින්,
“අද දවසේ ප්‍රධාන මාතෘකාවක් වෙලා තිබෙන්නේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමඟ එකට එකතුව අපිත් එක්ක දේශපාලන වශයෙන් සන්ධාන ගත වුණා. ඊට පසුව වසරකුත් මාස 04 ට පසු මහා මැතිවරණය පවත්වලා එතුමා රට වටේ යමින් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට විවේචන, චෝදනා එල්ල කරමින් යනවා.
ඒ වගේම ඊයේ දවසේදී එතුමා ප්‍රකාශ කළා අපි එතුමාගේ පිටිපස්සෙන් ආවා කියලා. එසේම එතුමාගේ සහයෝගය නැතිව ජයග්‍රහණය කරන්න හැකි වෙන්නේ නෑ කියලා. මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිවරණයේ දි කකුල් දෙකම දෙපැත්තේ තියාගෙන තමයි කටයුතු කළේ. ඒ වගේම මහ මැතිවරණය අපි ජයග්‍රහණය කරාට පස්සේ එතුමා නැවත නිදහස් පක්ෂයේ සභාපති ධුරය භාර අරගෙන අපිත් එක්ක මහ මැතිවරණය ඉල්ලන්න කටයුතු කළා. එතුමාගේ කාලයේ කිසිම වගකීමක් භාර ගන්නේ නෑ. කාටහරි වගකීම චෝදනාව එල්ල කරමින් තමයි එතුමා කටයුතු කරන්නේ.
පාස්කු ඉරිදා ප්‍රහාරය මේ රටේ වෙද්දී එතුමා මේ රටේ ජනාධිපති, පොලිස්සියේ විෂය භාර ඇමතිවරයායි. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්පූර්ණයෙන් සිද්ධ වෙන්නේ එතුමාගේ විෂය පථයට අයත් කාලයක් තුළයි. එතුමා එක දශමයක වගකීමක්වත් ගන්න තරම් නිහතමානි වෙලා නෑ. හැම එකක්ම පටවන මානසිකත්වයේ ඉන්නේ. ඒනිසා අපි මේ රටේ නැති කරන්න ඕනේම ඔය දේශපාලනයයි. තමන් තනතුරක් දරන කාලයක සිදුවන ක්‍රියාකාරකම්වලට යම්කිසි හෝ වගකීමක් ගන්න නිහතමානි වෙන්න කියලා අපි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතුමාගෙන් ඉල්ලා සිටිනවා.
අපි පවුලක් වුණත් මෙහෙම යන්න පුළුවන්කමක් නෑ කියන එකත් මතක් කරන්න ඕන. ඒ නිසා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවර දේශපාලන කඳවුරක් වන ඉතාම කෙටි කාලයකින් ආණ්ඩු බලය ලබා ගත්තා. අපි ලෝකය එක්ක සන්සන්දනය කරද්දි එන්නත්කරණයේදී අපි සාර්ථක රටක්. ඊයේ දිනයේදි සියලු පාසල් ආරම්භ කළා. අද නැවතත් රටේ ආර්ථකය පනගන්වලා තිබෙනවා. රටේ ආර්ථිකයට උත්තේජනයක් ලැබිලා ආර්ථික ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා. මේ සියල්ලම සිද්ධ කරන්න අපිට හැකියාව ලැබුණේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන්, අග්‍රාමාත්‍ය තුමාගේ නායකත්වයෙන් සහ සියලුම ත්‍රිවිධ හමුදාව , සෞඛ්‍ය අංශයේ සහයෝගය නිසායි. මේ එන්නත්කරණය හරියාකාරව ඉෂ්ඨ කරන්න බැරි වුණා නම් අද මේ රටේ තත්වය මීට වැඩිය වෙනස් තත්වයකට පත්වෙනවා කියලා කියනවා.”
මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට කියන්න කැමති ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමේ වගකීම වෙනකාටවත් භාර දෙන්න එපා. ඒක ඔබතුමාම භාර ගන්න……….
එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රි සංජීව එදිරිමාන්න අදහස් දක්වමින්,
“ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මේ වන විට එහි පෙරටු නායකයින් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණටත්, වර්තමාන ආණ්ඩුවටත් අතිශයෙන් නිර්දය ලෙස පහාර දීමක් සිදු කරමින් පවතින බව අපි දකිනවා.
මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට කියන්න කැමති ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමේ වගකීම වෙනකාටවත් භාර දෙන්න එපා. ඒක ඔබතුමා භාර ගන්න. 75% ක් තිබුණු පළාත් පාලන ආයතනවල බලය තිබුණේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයටයි. ඔබතුමයි ඒ පළාත් පාලන ආයතන විසුරුවලා අවුරුදු 03 ක ඡන්දය කල්දාලා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මූලික මූලයන් බිම් මට්ටමේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය විනාශ කළේ . ඒ වගේම පළාත් සභා මන්ත්‍රි ව්‍යුහයේ ජ්‍යෙෂ්ඨයන්, ජනප්‍රියම දේශපාලන චරිත ඉවත් කරලා ඊට පසුපෙළ හිටපු කණ්ඩායමට දේශපාලන අවස්ථා නිර්මාණය කරන්න ගිහිල්ලා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ව්‍යුහය නැති කළේ ඔබතුමයි. ඔබ දිගින් දිගටම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ විනාශ කිරිමේ වගකීම වෙන කාටවත් පවරන්න එපා. ඒක ඔබතුමා භාර ගත යුතුයි. මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නුවරඑළිය පස්වෙනියා. කළුතරින් නිදහස් පක්ෂයට ඡන්දය ලැබුණේ 10,979 යි. අනුර කුමාර මහතාගේ පක්ෂයත් ආවා ඊටත් වඩා උඩින්. ඒ නිසා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ විනාශ කර දැමීම සම්බන්ධව ඒ ඓතිහාසික වරද මම ඉතාම පැහැදිලිව සාධක සහිතව මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ඉදිරියේ තියනවා. ”
එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රි මිලාන් ජයතිලක අදහස් දක්වමින්,
“අද මේ රටේ විශාල අර්බුදයක් අපි උපරිමයකට ජයග්‍රහණය කළ මොහොතක්. අපිට ලොකු අභියෝගයක් තිබ්බා අවුරුදු 02 ක් මේ රටේ කොරෝනා වසංගතයෙන් මුදවා ගන්න. අතිගරු ජනාධිපතිතුමා ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරගෙන ගියා. ඒ තුළින් අපිට කොරෝනා වසංගතය ජයගන්න හැකිවෙලා තිබෙන මොහොතක මේ රටේ ආර්ථිකය ජයගන්න වැඩපිළිවෙළ ආරම්භ කරලා තිබෙනවා. මේ වැඩපිළිවෙළ ජයග්‍රහණය කරන මොහොතේ හැමදාම සුපුරුදු පරිදි මේ හැම මොහොතකම විනාශකාරි වැඩපිළිවෙළක් කරන කණ්ඩායමක් සිටිනවා ආණ්ඩුව ඇතුළේ. ඒ කණ්ඩායම් වලින් ප්‍රබලම පුද්ගලයා තමයි මෛත්‍රිපාල සිරිසේන ඇතුළු කණ්ඩායම.
දැවැන්ත රුක්ෂයක් තිබුණු ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සම්පූර්ණව බිමට ඇඳ වට්ටන්න කඳ පණුවගේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කළේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයයි. ඒ විතරක් නොවේ අද වන විට මේ පොදුජන පෙරමුණ අපි හදපු දැවැන්ත පක්ෂය විනාශ කරන්න පුළුවන්ද කියලා මේ කදපණුවා බලනවා. හැබැයි මේ කදපණුවට කියනවා මේ පහුගිය වතාවල් ඒ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විනාශ කළා වගේ ලැස්තිවෙන්න එපා මේ වැඩේට. මේ රටේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂය කියන්නේ ප්‍රබල පක්ෂයක්.
අපිට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඔය දෙපැත්ත කන දෙපිටිකාට්ටුවෝ එකෙක් නැතත් අපිට මේ ආණ්ඩුව ගෙනියන්න පුළුවන්. ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයා දේශපාලන වශයෙන් අතරමංවෙලා හිටියේ. ඔවුන්ට දැඩි අවධානමක් තිබ්බා ඔවුන්ගේ රැකවරණය අහිමි වෙලා තිබුණු මොහොතක තමයි අපි පොදුජන පෙරමුණ පක්ෂය මහින්ද රාජපක්ෂ මැතිතුමා, බැසිල් රෝහණ රාජපක්ෂ මැතිතුමා නිර්මාණය කරලා මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළේ. ඒ හින්දා තමයි ශ්‍රි ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයටත් මේ රටේ මේ වන විට කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුළුවන් පරිසරයක් හැඳුනේ පොහොට්ටුව මේ රට ජයග්‍රහණය කරපු නිසා. මෛත්‍රිපාල සිරිසේන මැතිතුමනි මේ රටේ ජනතාව ඔබතුමාව පිළිගන්න නැති තත්වයට පත්වෙලා ඉවරයි.
ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණට අද කලදුටු කල වල ඉහ ගන්න හදන න්‍යායට එන්න හදන්නේ. ඔවුන් හිතන්නේ බඩු මිල වැඩිවෙනකොට ගෑස් වල ප්‍රශ්නය එනකොට මේක සාදාකල් ප්‍රශ්නයක් බවට මේ රටේ පත්වෙයි කියලා. අපි ඉතාම කඩිනමින් මාස කිහිපයක් ඇතුළත මේ රටේ ජනතාවගේ අතවශ්‍ය භාණ්ඩ සහ මේ ගෑස්වල ප්‍රශ්නය සම්පූර්ණව විසඳන්න කටයුතු කරනවා. අපි කොරෝනා වසංගතයෙන් මේ රටේ ජනතාව බේරගෙන මේ රටේ ආර්ථිකය නැවත ඔසවන්නට වැඩපිළිවෙළක් සකස් කරලා ක්‍රියාත්මක කරනවා. එය බලාගෙන ඉන්න බැරි කුහක දේශපාලඥයෝ අද පිටිපස්සේ ඇවිත් පිහියෙන් අනින්න හැදුවට මේ වැඩපිළිවෙළ අසාර්ථක කරන්න අපි දෙන්නේ නෑ.
එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රි සහන් ප්‍රදීප් අදහස් දක්වමින්,
අපි දැක්කා මෛත්‍රිපාල හිටපු ජනාධිපතිතුමා අපේ ආණ්ඩුවට, අපේ වැඩපිළිවෙළ, ප්‍රතිපත්ති විවේචනය කරනවා. එතුමාට කියන්න කැමති ආණ්ඩුවවේ ඇතුළේ ඉඳලා මේ වගේ විවේචනය කරනවාට වඩා හොඳයි ආණ්ඩුවෙන් එළියට ගිහින් විවේචනය කරා නම්. අද කාදිනල්තුමාත්, කතෝලික ජනතාවත් විරසක වෙලා ඉන්නේ එතුමා නිසා. එතුමාව අපේ ආණ්ඩුව ආරක්ෂා කරනවා කියලා ඔවුන් හිතන්නේ. පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වගකියන්න ඕන කියලා කාදිනල්තුමා කියනවා. මේ කතෝලික ජනතාවම අපිත් එක්ක තරහාවෙලා ඉන්නේ. ඒ ඔක්කෝම දරාගෙන ආණ්ඩුවක් හැටියට එතුමාව එකතුකරගෙන අපි මේ යන එකට අපේ ආණ්ඩුවට ස්තූති කරන්න අවශ්‍යයයි. නමුත් එතුමා කරන්නේ මේ සේරම විවේනය කරනවා. එතුමාගේ වැරදි වහගන්න දිස්ත්‍රික් මට්ටමේ තියෙන බලමණ්ඩලවලට ගිහින් විවේචනය කරනවා. එතුමා විශ්වාස කරපු හැම කෙනෙකුටම එතුමා කළේ අවිශ්වාසය ගොඩනගපු එකයි. ඒ නිසා තමයි එතුමාව හැම පක්ෂයම ප්‍රතික්ෂේප කරන්නේ. මේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණයි එතුමාව තියාගෙන ඉන්නේ. එතුමාට ගිහිල්ලා එතුමාගේ කණ්ඩායම එක්ක ගිහින් විවේචනය කරන්න පුළුවන්.
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ තමයි ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයා ආරක්ෂා කළේ. නමුත් මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා එදා ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයා නැත්තට නැති කරද්දි ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයා ආරක්ෂා කළේ, එකතු කරගත්තේ මහින්ද රාජපක්ෂ හිටපු ජානාධිපතිතුමා. මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයෝ ගමින් ගමට ගිහිල්ලා එකතු කරන්න සිදු වුණේ එතුමා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සුණු විසුණු කරපු නිසා. එතුමා හැම කෙනෙක් එක්කම එකතුවෙලා එතුමාගේ පෞද්ගලික න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කළා මිසක් රට ගැනත්, පක්ෂය ගැනත්, ජනතාව ගැනත් හිතුවේ නෑ. අපි දැඩි විරෝධයත්, එතුමාට අප්‍රසාදයත් පල කරනවා.
මව්රට

සිරිසේනව හාන්සි කරන මාධ්‍ය හමුවක් සමග රවී යළිත් කරළියේ !
" 2014 හිටපු ජනපති මෛත්‍රී දන්න ආයතනයකට ඩොලර් ලක්ෂ ගණනක් ලැබුණු බවට මහ බැංකුවේ ලොකු ප්‍රශ්නයක් ඇතිවුණා. මහ බැංකු අධිපති ඉවත්කර තව කෙනෙක් පත්කළා. අදටත් නඩුවට වුණ දේ දන්නේ නැහැ. ඩොලර් ප්‍රමාණය පැමිණි අයුරු දන්නේ නැහැ." හිටපු අමාත්‍ය රවී කරුණානායක විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත මෙසේ අද (11) ප්‍රබල චෝදනා එල්ල කර සිටියේය.
ඒ සිය පක්ෂ කාර්‍යාලයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.
එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.
රෙස්ටුරන්ට් , බාර් ලයිසන් දෙන්න එපා කියලා අණ කළා. 2015 ජුනි මාසයේ ඉහළින් ලියුම් එවනවා තමන්කඩුවේ රෙස්ටුරන්ට් එකකට ලයිසන් දෙන්නලු. ( පත්‍රිකා පෙන්වමින් ) මෙන්න තියෙන සාක්ෂි. එතුමාගේ ඥාතියෙක්ට දුන්නේ. කවුද කියලා දන්නවාද ? එයාට යකඩ හදන ආයතන දෙකක් තිබෙනවා. අපි මේවායෙන් බදු ගන්න හැදුවාම ටොන් දෙලක්ෂ හැටපන්දහසක බදු ඉවත්කළා. කොහොමද මේවා දුන්නේ? ( පත්‍රිකා පෙන්වමින් ) මේ තියෙන්නේ ඒ ගැන තොරතුරු.
මම පුනර්ජනනීය බලශක්ති ඇමති ලෙස කටයුතු කරද්දී කෝටි 300 ක වැඩ ටෙන්ඩර් නොමැතිව දෙන්න අපෙන් අවසර ඉල්ලුවා. මේ කැබිනට් පත්‍රිකාව...මේ තියෙන්නේ එතුමාගේ අස්සන. මෙතන තියෙන ෆයිල් 7 මම ප්‍රසිද්ධ කරන්නේ නැහැ. මම අභියෝග කරනවා සත්‍යඅසත්‍යතාව ගැන වාදකරන්න ප්‍රසිද්ධ විවාදයකට එන්න කියලා. "
මෙහිදී හිටපු ජනාධිපති වෙත, හිටපු අමාත්‍ය රවී කරුණානායක ලිපිගොනු හතරක් අතැතිව දිගින් දිගටම අභියෝග කර සිටියේ සුදු ඇඳගෙන කරන දේශපාලනය අතර හැකිනම් තමන් සමග ප්‍රසිද්ධ විවාදයක් සඳහා පැමිණෙන ලෙසය.
මෛත්‍රී එන්නේ නෑ !
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කිසිදු අවස්ථාවක ප්‍රසිද්ධ විවාදයක් සඳහා නොපැමිණෙනු ඇති බවයි.
එසේම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ යහපාලන කඳවුර මේ මොහොතේ බරපතළ වන්දියක් ගෙවන්නේ මේ කරුණු කාරණා නියමිත වෙලාවට අනාවරණය නොකිරීම නිසා බවත් ඔවුන් පවසයි.
කොන්සර්වේටිව් හැසිරීම හේතුවෙන් යහපාලනය තුළ පැවති සියලු අර්බුද අවසානයේදී එජාපයට වැටුණු බවත් ඊට රනිල් වික්‍රමසිංහ එවකට අග්‍රාමාත්‍යවරයා ද වගකිවයුතු බව දේශපාලන විචාරකයන් පවසයි.

විදුලි කප්පාදුවකට යයිද ? ආණ්ඩුවට උත්තර දෙකයි !
අවශ්‍යතාවය මත පමණක් විදුලිය කප්පාදුවක් සිදු කරන බව බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ පවසයි.
විදුලිය විසන්ධි කිරීම සදහා සැලැස්මක් ඉදිරිපත් කර ඇත්තේ පෙර සූදානමක් ලෙස බව ද අමාත්‍යවරයා සදහන් කලේය.
මේ අතර විදුලි බල මණ්ඩලය පවසන්නේ අද (11) දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි.
විදුලි බල අමාත්‍ය ගාමිණි ලොකුගේ සදහන් කරන්නේ කිසිම ලෙසකින් විදුලි කප්පාදුවක් සිදු නොකරන බවය.
එසේ වුවද මේ වන විටත් ප්‍රදේශ කිහිපයකම විදුලිය ඇණ හිට ඇති බවද වාර්තා වෙයි.

චම්පික රෝහලේ : අධිකරණයට එන්න බැරි වෙයි !
හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා රෝහල්ගතව සිටින බැවින් අද දින පැවැති නඩු විභාගය සඳහා ඔහු සහභාගී නොවූ බව නීතීඥ රජික කොඩිතුවක්කු මහතා සඳහන් කළේය.
අද (ජනවාරි 11) පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව රිය අනතුරක් සම්බන්ධයෙන් පවතින නඩුවේ විභාගය අවසානයේ වැඩිදුරටත් කරුණු දැක්වූ කොඩිතුවක්කු මහතා;
“අද දින HE1824,2020 කියන නඩුව කැඳවීමක් කරනු ලැබුවා. එහිදී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇමතිතුමා විශේෂයෙන් අද දින උසාවියට පැමිණියේ නැහැ. පැමිණියේ නැති හේතුව තමයි එතුමා ඊයේ හවස නාරාහේන්පිට වෘත්තිකයන්ගේ රැස්වීමකට යමින් සිටින අවස්ථාවකදී හදිසියේදී ඇති වූ අසනීප තත්ත්වයක් නිසා ලංකා හොස්පිටල් (ලංකා රෝහලට) ඇතුළත් වීමක් වුණා එදින රාත්‍රියේම. එතුමාව අධීක්ෂණය කරනු ලබන්නේ විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත ජයවර්ධන මහතා. ඔහු විසින් ඉතාම පැහැදිලිව වෛද්‍ය වාර්තාවක් ලබා දීමක් සිදු කළා එතුමාගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන්. ඒ වගේම අපිට කියන්න ඕනේ මුල ඉදන්ම කිසිම අවස්ථාවක පාඨලී චම්පික රණවක ඇමතිතුමා නඩු සම්බන්ධයෙන් හෝ අධිකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් හෝ මග හැරීමක් කිසිදු අවස්ථාවක කළේ නෑ. පසුගිය වසරේ සිදු කළ අත්අඩංගුවට ගැනීම ඔබ දන්නවා; පාර්ලිමේන්තුවේ මහලේකම්තුමාට හෝ කථානායකතුමාට දැනුම් දීමක් කරන්නේ නැතුව ඒ මධ්‍යම රාත්‍රියේ කඩා වැදිලා ගෙදරට බලහත්කාරයෙන් අත්අඩංගුවට ගැනීමක් කරන්නෙ. පැහැදිලිව එතුමාගේ වටේ හිටිය රියදුරන්ට සහ සියලුම තත්ත්වයේ පුද්ගලයන්ට පොලිසිය විසින් ඒ අවස්ථාවේදී යම් යම් බලපෑමෙන් කරමින් සිටියේ. ඒ නිසා අපි දන්නවා මේක දේශපාලන වශයෙන් වූ කරන්නා වූ චෝදනාවක්. ඒ වගේම ඒ තත්ත්වයන් මත අපි කියා සිටින්නේ අපිට ජනතාවට මේ සම්බන්ධයෙන් වූ කරුණු දැක්වීමක් කරන්න තිබෙනවා.”
මේ නඩුව අසන සෑම අවස්ථාවකදීම සමහර රාජපක්ෂවාදී, හෝ තම හාම්පුතාගේ බසට කටයුතු කරන මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය කීපයක් විසින් නඩුව සම්බන්ධ කරුණු තමන්ට අවශ්‍ය ආකාරයට වැරදි අදහසක් ලබාදෙන ආකාරයට ප්‍රකාශයට පත් කරන බව ද නීතීඥ රජික කොඩිතුවක්කු මහතා පෙන්වා දෙයි.
“ඊයේ දින අභියාචනාධිකරණයේ නඩුව සම්බන්ධයෙන් මව්බිම ආයතනය අද දින වාර්තා කරලා තියෙන වාර්තාකරණය ඉතාම පක්ෂග්‍රාහී සහ ඒකපාර්ශවිකයි. යම් කෙනෙක් වාර්තා කිරීමක් කරනවා නම්, එය සමස්තයක් විදියට සියලුම කාරණා වාර්තාගත කරන්න ඕනේ. තෝරා ගැනීම හෝ ඒ අදහස ලබා ගැනීම ග්‍රාහකයා සතු වගකීමක්. ඒ නිසා මාධ්‍ය තමන්ගේ අරමුණ සඳහා වූ ඒ කරන ක්‍රියාවලිය පිළිබඳ අපි මහජනතාවගෙන් අයැද සිටිනවා. ඔබ පැහැදිලිව මේ සම්බන්ධයෙන් වූ දෑස් දල්වගෙන බලන් ඉන්න මේකේ ඇත්ත නැත්ත මොකක්ද කියලා.
තමන් අධිකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් දැඩි ලෙස විශ්වාස කරන බවද හෙතෙම සඳහන් කළේය.
“අපේ ස්ථාවරය වන්නේ මේ මුල් අවස්ථාවේ අසා නිම කළ නඩුවක්. ඒ නිසාම අපි ඒ සම්බන්ධයෙන් විරුද්ධ වෙනවා නැවත අසා නිම කරන්න. මොකද නීතියේ සිද්ධාන්තයන් තිබෙනවා එක් අවස්ථාවකදී දඬුවම් කරන නඩුවකට පුද්ගලයෙක්ට නැවත දඬුවම් කරන්න බෑ කියලා. ඒ නිසා තමයි අපි අභියාචනාධිකරණයට ගියේ. අභියාචනාධිකරණය ඒ සම්බන්ධයෙන් කිසිදු අවස්ථාවක ප්‍රතික්ෂේප කිරීමක් කරන්නෙ නෑ. දෙපාර්ශවයේම කරුණු ඇහුම්කන් දීමකින් පසුව තමයි අභියාචනාධිකරණය තීන්දු කරන්නේ. ඒ නිසා අපේ කරුණු දැක්වීම අපි සිදු කරා. ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මැතිතුමා. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඒ කරුණු දැක්වීම ඉදිරියට කිරීමට අපේක්ෂා කරන බවත්, ඔවුන්ට කාලය ප්‍රමාණවත් නොවන බවත් දක්වා සිටියා.
මහජනතාවට අපි ප්‍රකාශ කරන්නේ ඒකපාර්ශිකව මේ කරුණු දැක්වීම සම්බන්ධයෙන් ඔබේ අවධානය යොමු කරන්න. මහජනතාවගේ සේවකයෙක් විදිහට අවුරුදු 12 ක කාලයක් අපගේ සේවාදායකයා කැබිනට් ඇමතිකම් කරලා තියෙනවා, විශාල බලතල සහිත අමාත්‍යාංශ කරලා තියෙනවා, සත පහක් වංචා කළා හෝ දුෂණයක් කළා කියලා චෝදනාවක් නැහැ, මහ ජනතාවගේ වරම පාවලා දිලා මහජනතාවට වෙනත් විදිහට කටයුතු කරන දේශපාලඥයෙක් නෙමෙයි චම්පික රණවක මැතිතුමා.
නීතියේ ආධිපත්‍යය ගරු කරන පුරවැසියෙක් ලෙස චම්පික රණවක මහතා මේ වන විට ලංකා රෝහලේ කොරෝනා පරීක්ෂණය සඳහා යොමුව ඇති අතර, ඒ සම්බන්ධ පරීක්ෂණ වාර්තාව පැමිණීමෙන් පසු අනෙක් සියළු වෛද්‍ය වාර්තා නිකුත් කෙරෙනු ඇත.
“අධිකරණය විසින් අද යම් යම් ආයතනයන් වලට සහ විශේෂයෙන් අධිකරණ වෛද්‍යවරයාට නියමයක් කළා ඒ සම්බන්ධයෙන් පරික්ෂා කරලා බලලා වාර්තාවක් අධිකරණයට. සති 2 කින් ලබා දෙන්න කියලා. අපි ඉතාම සතුටට පත්වෙනවා. මොකද අපිටත් ඕනේ අපි කිව්ව කාරණාව සත්‍ය බව දන්වා සිටින්න.”
අධිකරණය ඉදිරියේ අවශ්‍ය අවස්ථාවල දී පෙනී සිටි වගකිවයුතු පුරවැසියෙක් ලෙස කටයුතු කර ඇති රණවක මහතාට ඇති වූ හදිසි තත්ත්වයක් හේතුවෙන් මෙසේ අධිකරණයට පැමිණිය නොහැකි වූවා මිස ඔහුගේ දේශපාලන කටයුත්තට හෝ ඔහුගේ අනාගත අධිකරණයේ පෙනී සිටීම සම්බන්ධයෙන් මෙහි කිසිදු බලපෑමක් නොවන බවත්; තමන් සෘජුවම අධිකරණය ඉදිරියේ පෙනී සිට තම සේවාදායකයාගේ නිර්දොෂීභාවය ඔප්පු කරන බවත් නීතීඥ රජික කොඩිතුවක්කු මහතා අවධාරණය කළේය.
– media unit

ජනාධිපති රාජාසන කතාව : දින තුනේ විවාදයට ආණ්ඩුව බෑ කියලා !
ජනවාරි 18 පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කිරීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සිදු කරනු ලබන රාජාසන කතාවට දින තුනක විවාදයක් අවශ්‍ය බවට විපක්ෂය ගෙන ආ යෝජනාව ආණ්ඩු පක්ෂයේ දැඩි විරෝධය මත සංශෝධනය කර ඇති බව වාර්තා වෙයි.
අද (11) කතානායකගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේදී දින තුනක විවාදය ප්‍රතිකේෂ්ප කළ ආණ්ඩු පාර්ශ්වය දින දෙකකට පමණක් එකඟවී ඇත.
ඒ අනුව ජනවාරි 19-20 යන දෙදින ජනාධිපතිතුමාගේ රාජාසන කතාවට පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වීමට නියමිතය.

මම කවුද කියලා අගමැති අයියාගෙන් අහගන්න : සුසිල්ගෙන් ජනාධිපතිට ප්‍රතිචාර !
තමන් ගැන සොයන්න කලින් ආණ්ඩුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය ඇමතිවරුන් ගැන සොයා බලන්නයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කරයි.
විවේචන පමණක් කරමින් සිටින්නේ අකාර්යක්ෂම පුද්ගලයන් යැයි ජනාධිපතිවරයා විසින් මොනරාගල ප්‍රදේශයේ දී කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් බව සීනිව්ස් වෙබ් අඩවිය වාර්තා කර ඇත.
කැබිනට් ඇමතිවරුන්ගේ සාමූහික වගකීම ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 42 වගන්තියේ පැහැදිලිව දැක්වෙන බවත් කැබිනට් තීන්දුවකට එරෙහිව ඇතැම් ඇමතිවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට යාම ගැන කියන්නේ කුමක් දැයි තමා ප්‍රශ්න කරන බවත් හිටපු අමාත්‍යවරයා පවසා ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස වසර 11ක් කටයුතු කළ තමන්ගේ විනය ගැන මහින්ද රාජපක්ෂගෙන් අසා දැන ගන්නයි තමන් ඉල්ලා සිටින බවද ඔහු සදහන් කලේය.
කාර්යක්ෂමතාවය යන වචනයේ තේරුම නිවැරදි දේ කිරීම බවත් තමන් කරන්නේ ද හරි දේ මිස වැරදි දේ නොවන බවත් හිටපු අමාත්‍යවරයා කියා සිටියේය.
තමන් පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත්තේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න කතා කිරීමට ද පැවසූ ඔහු තමන් අමාත්‍ය ධූරයේ සිටින අවස්ථාවට වඩා දැන් හොඳ ප්‍රතිචාර ලැබෙන බව ද තවදුරටත් පැවසීය.

පුළුල් ජාතික වැඩපිළිවෙළක් - නව සන්ධානයක් - අලුත් ආණ්ඩුවක් : මෛත්‍රී හෙළිකරයි !
ඉදිරියේදී පුළුල් ජාතික වැඩපිළිවෙළක් සහිත නව සන්ධානයක් හරහා නව ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බව හිටපු ජනාධිපති , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති , මෛත්‍රීපාල සිරිසේන සඳහන් කරයි.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි කාලය තුළ ප‍්‍රබල හා ශක්තිමත් දේශපාලන පක්ෂයක් ලෙස ගොඩනගන බව ද ඔහු පවසයි .
ඔහු මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති නව මාධ්‍ය ඒකකය විවෘත කිරීමට එක්වෙමින්ය.
තම පක්ෂය විසින් ඉදිරියේදී පුළුල් ජාතික වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන බවත් ඒ හා එක්වන අය සමග ඉදිරියේ නව ආණ්ඩුවක් පිහිටුවන බවත් හිටපු ජනාධිපති එහිදී පවසා සිටියේය.

ජනාධිපතිට පෙර ජොනී ක්‍රියාත්මක වෙයි : අමාත්‍යංශයේ සියලු ලොක්කත් ගෙදර ?
කැබිනට් මණ්ඩල සංශෝධනයක් සමග රාජ්‍ය ආයතන ප්‍රධානීන් රැසක් ඉවත්කර අලුතින්ම පත්කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව පසුගිය සමයේ දේශපාලන කරළියේ පැතිරගිය පුවතක් විය.
කෙසේ වුවත් ඊට පෙර මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ක්‍රියාත්මක වී ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව මහාමාර්ග අමාත්‍යවරයා වන ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, එම අමාත්‍යංශය යටතේ පවතින සියළු ආයතනවල සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල ඉවත්කර ඇති බවට මාධ්‍ය වාර්තා පළ වේ.
මග නැගුම, මාර්ග සංවර්ධන අධිකාරිය, යන්ත්‍රෝපකරණ සමාගම, අධිවේගී මාර්ග ප‍්‍රවාහන සමාගම් යනා දී වශයෙන් මහාමාර්ග අමාත්‍යංශයට අයත් සියළුම ආයතනවල සභාපතිවරු සහ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් අමාත්‍යවරයාගේ නියෝගයෙන් මෙසේ ඉවත් කර තිබේ.

ප්‍රදේශ අනුව විදුලිය කප්පාදු වන කාලසටහන මෙන්න
ප්‍රදේශ අනුව විදුලිය කප්පාදු කරන කාලසටහනක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ..
ඒ අනුව, එය මෙසේය.

පාඨලීගේ ඉල්ලීම ගැන : 24 තීන්දුවක් !
රාජගිරියේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් තමන් ඇතුලු තිදෙනකුට එරෙහිව පරා ඇති නඩුවේ සාක්ෂි විභාගය අත්හිටුවන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඉදිරිපත් කර තිබූ ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගන්නාවද? නැද්ද යන්න සම්බන්ධ නියෝගය ලබන 24 වැනිදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය ඊයේ (10) තීන්දු කළේය.
මෙම ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර සහ එස් කුමාරන් රත්නම් යන මහත්ම මහත්මින් හමුවේ ඊයේ (10) සැලකිල්ලට ගත් අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.
අපරික්ෂාකාරී ලෙස රිය පදවා 2016 වර්ෂයේදී තරුණයකු බරපතල අනතුරකට ලක් කිරිමේ සිද්ධියට අදාළ සාක්ෂි වසන් කිරීම සහ සාක්ෂි ගෙතූ බවට චෝදනා කරමින් තමන්ට එහෙිව කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනුකර ඇති බවත් එම නඩු විභාගය අත්හිටුවන ලෙසත් අමාත්‍යවරයා මෙම ප්‍රතිශෝධන පෙත්සමෙන් ඉල්ලා තිබිණී.
Lankadeepa

කොවිඩ් මරණ 15,134ක් දක්වා ඉහළට
තවත් කොවිඩ් මරණ 15ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (09) තහවුරු කර ඇති බවය.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,134කි.

පොහොර අර්බුදය ගැන කම්පාවක් මහින්දානන්දට නැතිලු !
පොහොර ගැටලුව සම්බන්යෙන් තමන් කම්පාවට පත් නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.
කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගොවීන් විශාල පිරිසක් පොහොර අර්බුදයකට මුහුණ දෙමින් සිටින පසුබිමකය.
ගාල්ලේ අද (10) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
ප්‍රශ්නය - "මේ තත්ත්වයත් එක්ක සතුටක්ද කළකිරීමක්ද තියෙන්නේ?"
පිළිතුර - "කිසි කළකිරීමක් නෑ. මේ චේතනාව හොඳ දෙයක්. හොඳ ව්‍යාපෘතියක් කළේ. මේකේ අඩු පාඩුකම් තියෙනවා. ඒ නිසා පැහැදිලිවම මෙතනදී ගොවීන්ට කිසිදු අසාධාරණයක් නොවී අපි මේ රටේ ජාතික අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගෙන මේ වැඩේ කරගෙන යන්නයි හදන්නේ. ව්‍යාපෘතියක් කිරීමේදී නැගීම් බැසීම් තියෙනවා. සාර්ථක වෙන්න පුළුවන්, අසාර්ථ වෙන්න පුළුවන්. නමුත් ආණ්ඩුව මේක හොඳ චේතනාවකින් කළේ."

කටුනායක ගුවන් තොටුපළට හොලිවුඩ් අත්දැකීමක් ගෙනා විදේශිකයාගේ වික්‍රමය !
ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් මඟින් අබුඩාබි ඔස්සේ ප්‍රංශයේ පැරිස් වෙත පළා යාමට තැත් කළ ජාතිකත්වය හඳුනා නොගත් විදේශිකයෙකු, සඳුදා හිමිදිරියේ කටුනායක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගැනින.
මහත් ආන්දෝලනයක් ඇති කළ පැය ගණනක ත්‍රාසජනක මෙහෙයුමකින් අනතුරුව මොහු අත්අඩංගුවට ගැනීමේ පුවත වාර්තා වන්නේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්න ඇති කරමිනි.
ගුවන් තොටුපළේ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් අත් අඩංගුවට ගැනීමට සූදානම් වන විට එයින් මිදී පැන දුවන්නට වූ මෙම විදේශිකයා, ගුවන් තොටුපළ වහලයට නැග ගුවන් තොටුපළෙන් පිටතට දිව යමින් සිටිය දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්, ශ්‍රී ලංකා ගුවන් හමුදා කොමාන්ඩෝ භටයින්, ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් සහ කටුනායක ගුවන් තොටුපළ පොලිසියේ නිලධාරීන් එක්ව කළ ලුහුබැඳීමක ප්‍රතිඵලයක් ලෙස අල්ලා අත්අඩංගුවට ගෙන ඇතැ යි ගුවන්තොටුපළ ප්‍රකාශකයකු බීබීසී සිංහල සමග පැවසීය.
මොහු සුදු හම සහිත හැඩි දැඩි විදේශිකයෙකු වන අතර, ජනවාරි 10 දින අලුයම 02.45ට අබුඩාබි ඔස්සේ ප්‍රංශයේ පැරිස් වෙත යෑමේ අරමුණෙන් එතිහාඩ් ගුවන් සේවයේ EY 265 දරන ගුවන් යානයට නැගීම සඳහා කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ ඇති බවට ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් පැවසිය.
ජනවාරි 10 දින අලුයම 01.00ට පමණ කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තය වෙත පිවිසි මොහු, ගුවන් ප්‍රවේශ පත්‍රය ද ලබා ගැනීමෙන් අනතුරුව විගමන කවුළුව වෙත පැමිණ ඇත. ලියකියවිලි නිශ්කාශනය කර ගැනීම සඳහා ඔහු ඉදිරිපත් කළ ෂීෂෙල්ස් ජාතික ගුවන් ගමන් බලපත්‍රය පිළිබඳව සැක සිතූ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්, එම ගමන් බලපත්‍රය දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත තාක්ෂණික පරීක්ෂණ සදහා යොමුකර තිබේ.
ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රශ්න කිරීම් සිදු කරමින් සිටිය දී එකවරම හිඳගෙන සිටි පුටුවෙන් නැගිටගත මෙම විදේශිකයා, පිටත්වීමේ පර්යන්තය ඔස්සේ දිව යන්නට වූ බව ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් පැවසීය.
ආගමන විගමන මෙන්ම ගුවන් තොටුපළ නිලධාරීන් ද වික්ෂිප්ත කරමින්, පිටත්වීමේ පර්යන්තය ඔස්සේ දිව යමින් සිටි ඔහු රේගු පරිශ්‍රය හරහා දිවගොස්, චිත්‍රපට දර්ශනයක මෙන් ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන්ගේ ආරක්ෂක වැටවල් උඩින් පනිමින් දිව ගිය බවට එම නිලධාරීහු ප්‍රකාශ කළෝ ය.
ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සිව් දෙනෙකු සහ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් පිරිසක් ද මොහු පිටුපස ලුහුබඳිමින් සිටිය ද ඔහු ඔවුන්ගෙන් මිදී පලාගොස් ඇත.
මේ සදහා මොහුට ගතවූයේ ඉතා සුළු කාලයක් පමණක් බව ගුවන් තොටුපළ බලධාරීන් බීබීසී සිංහල සේවයට පැවසීය.
ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ රාජකාරී කරමින් සිටි ආගමන විගමන දෙපාර්තමේන්තු බලලත් නිලධාරීවරයා මෙහිදී ක්‍රියාත්මක වී, මේ පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ ගුවන් හමුදා කදවුර, ගුවන් තොටුපළ පොලීසිය, සහ ගුවන් තොටුපළ ආරක්ෂක ප්‍රධානීන් දුරකථන ඔස්සේ දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි.
නිලධාරීන්ගෙන් ගැලවීගත් විදේශිකයා, අසල ඇති තාප්පයකට නැඟ, එයින් ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ වහළයට නැග, ඒ මත සැඟවී සිට ඇත. මේ බැව් ගුවන් තොටුපළ ආරක්ෂක කැමරා හරහා නිරීක්ෂණය කරමින් සිටි ගුවන් හමුදාව, ඔහු වහලයේ සැඟවී සිටි ස්ථානය වෙත වහා ගුවන් හමුදා කොමාන්ඩෝ භට පිරිසක් යොමුකර තිබිණි.
එවිට මෙම විදේශිකයා එම වහලය මත දිව ගොස් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යන මාර්ගයට පැන, ගුවන් තොටුපළෙන් පිටතට පළා යෑමට සූදානම් වී තිබේ.
එහිදී නිලධාරීන් විශාල පිරිසක් මොහු වටකර ගුවන් තොටුපළින් පිටතට යාමේ දොරටුව අසල දී අත් අඩංගුවට ගෙන ඇත.
මෙම විදේශිකයාගේ ගෙල ප්‍රදේශයේ පැහැදිලිව පිටතට පෙනෙන සේ 4693 ලෙස සදහන් අංකයක් පච්ච කොටා ඇති බවට බලධාරීන් පවසන අතර මොහු විදේශික බන්ධනාගාරයකින් පළා ආ පුද්ගලයෙකු හෝ කිසියම් ජාත්‍යන්තර ත්‍රස්තවාදී කල්ලියක හෝ විදේශීය රටක හමුදා සාමාජිකයකු විය හැකි බවට ගුවන් තොටුපළ ආරක්ෂක අංශ බීබීසී සිංහල සමග කියා සිටියේ ය.
"මෙසේ තාප්පය මත දිව යාම, වහලයෙන් වහලයට පැන යාම, ගුවන් තොටුපළ පරිශ්‍රයේ ආරක්ෂක නිලධාරීන්ට අභියෝග කරමින් දිව යාම වැනි කටයුතු, මේ පිළිබඳව මනා පුහුණුවක් ලද පුද්ගලයෙකුට පමණක් සිදු කළ හැකි ක්‍රියාදාමයන්," ගුවන් තොටුපළ ආරක්ෂක අංශ ප්‍රකාශකයෙකු පැවසීය.
අත්අඩංගුවට පත්වූ පුද්ගලයා මේ වනවිට කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත වැඩිදුර විමර්ශන කටයුතු සදහා භාර දී ඇති බව ඔහු ප්‍රකාශ කරයි.
BBC

කැබිනට් සංශෝධනය කල් යයිද ? ජනාධිපතිගේ අලුත්ම ගැසට් එක මෙන්න !
අමාත්‍යංශ 10ක විෂය පථයන් සංශෝධනය කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ මෑතකදී සිදුකරන බවට ප්‍රසිද්ධව තිබූ කැබිනට් සංශෝධනය කල් යනු ඇති බවයි.
සාමාන්‍යයෙන් එවැන්නක් තාර්කික විය හැකි නමුත් මේ සියල්ල එක රැයින් වෙනස් විය හැකි බවත් , ගැසට් නිකුත්කරමින් සහ ක්ෂණිකව ඒවා නැවත වෙනස් කිරීම මේ ආණ්ඩුවේ සුලබ කරුණක් වීම ඊට හේතුව බවත් ඔවුන් පවසයි.
නව අමාත්‍යංශ විෂය පථයෙන් වෙනස් කිරීමට ජනාධිපති නිකුත්කළ ගැසට් නිවේදනය පහත දැක්වෙයි.

ගම්මන්පිල ඉල්ලපු ඩොලර් නැත්නම් : රටම දවස් 10න් කොට උඩ !
ඉදිරි කාලයට අවශ්‍යය ඉන්ධන තොග ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන දෙසීයක පමණ හිඟයක් ඇතිවී තිබෙන බව විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිල උපුටා දක්වමින් ආණ්ඩුව හිතවාදී වෙබ් අඩවි වාර්තා කරයි.
අදාළ පුවත අනුව මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වන බලශක්ති ඇමති උදය ගම්මන්පිල පවසා ඇත්තේ එම හිඟ මුදල් වහා ලබා දෙන ලෙස අද (10) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉල්ලීමක් කරන බවයි.
වැඩිදුරටත් අඩහස් දවන උදය ගම්මන්පිල අමාත්‍යවරයා , ජනවාරි මාසයේ මෙරට පරිභෝජනයට අවශ්‍ය ඉන්ධන සඳහා ඩොලර් මිලියන 350ක් අවශ්‍ය බවත් දැනට තෙල් සංස්ථාව සතුව ඇත්තේ ඩොලර් මිලියන 150 ක් පමණ බවත් අනාවරණය කර ඇත .
උදය ගම්මන්පිල අමාත්‍යවරයා මෙම මාසයේ ඉන්ධන අවශ්‍යතාවය සපුරාලීමට තවත් ඩොලර් මිලියන 200ක මුදලක් ලබා දෙන්නැයි ඉල්ලීමක් කරන බව පවසා ඇත්තේ ඒ අනුව ය.
ඉදිරි දින 10ක කාලයක් සඳහා අවශ්‍ය ඉන්ධන තෙල් සංස්ථාව සතුව තිබෙන බව පවසන අමාත්‍යවරයා අදාළ මුදල කැබිනට් මණ්ඩලයෙන් ලබා දෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් පවසා ඇත .
Page 383 of 464