පුවත්

මෙත්පල් හුදෙකලා හටනක : මන්ත්‍රී රැස්වීමත් වර්ජනය කරලා !
පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීමෙන් පසු පැවැත්වූ පළමු ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහභාගී වී නොමැති බවත් ඒ සම්බන්ධයෙන් දේශපාලන කේෂ්ත්‍රයේ සැලකිය යුතු අවධානයක් යොමුව ඇත.
මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වෙද්දී මෛත්‍රීපාල සිරිසේන සභා ගර්භයේ රැදී සිටි ආකාරයක් දැකගන්නට ලැබුණු බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි.
සභා ගැබේ සිටි හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ පැවැති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගී නොවීම ආණ්ඩුවේ ඇතමුන්ගේ සැකයට යොමුව තිබේ.
ඒ පසුගිය කාලයක් තිස්සේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපති පැවති ආණ්ඩු විරෝධය රාජපක්ෂ විරෝධයක් බවට ක්‍රමයෙන් පරිවර්තනය කළ පසුබිම නිසාය.
එසේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ රාජාසන කතා විවාදය අවසානයේ ජන්ද විමසීම අවස්ථාවේ ඊට විරුද්ධව ජන්දය දෙමින් ආණ්ඩුවේ 2/3 බලය අවසන් කිරීමට ගැනෙන ශ්‍රීලනිප උත්සාහයක් ගැනත් දේශපාලන ගොසිප් පළවෙමින් තිබේ.
කෙසේ වුවත් ආණ්ඩුවේ තවත් ප්‍රබලයකු සඳහන් කර සිටියේ මෛත්‍රී ඇතුළු ශ්‍රීලනිප කිහිපදෙනෙකු හැර අනෙක් පිරිස ආණ්ඩුව සමග ඉදිරියට යාමට සූදානම් බවය.

කප්පාදුව පැයෙන් ඇරඹෙයි !
අද (19) ප.ව 6.00 ත් රාත‍්‍රී 10.00 ත් අතර කාලයේදී ප‍්‍රදේශ කිහිපයකට පැයක පමණ කාලයක් විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව විදුලි බල මණ්ඩලය පවසයි.
ඉන්ධන නොමැති වීම මත නවතා දමා ඇති කැලණිතිස්ස බලාගාරයට ඉන්ධන නැවත පුරවන තුරු මෙම විදුලි කප්පාදුව සිදුකරන බව පැවසෙයි.
ඒ පද්ධතියේ සමබරතාවය පවත්වාගෙන යාමට බවත් විදුලි බල මණ්ඩලය පවසයි.
මේ අතර බලශක්ති ක්ෂේත්‍රයේ විශේෂඥයන් පවසන්නේ මෙරට ඩොලර් අර්බුදය උත්සන්නවීමට සාපේක්ෂව විදුලි කප්පාදුවද වර්ධනය විය හැකි බවයි.
එබැවින් ආණ්ඩුව කඩිනමින් ගෙවුම් ශේෂ අර්බුදය සඳහා ක්‍රමවත් විසඳුමක් වෙත යොමුවිය යුතු බවත් නැත්නම් මෙරට කර්මාන්ත රැසක් ඇණහිටිණු හැකි බවත් ඔවුන් අවධාරණය කරයි.

ජපානයේ නියෝජ්‍ය තානාපති ඉවත්කිරීම ගැන තානාපතිට චෝදනා !
ජපානයේ නියෝජ්‍ය තානාපති වූ චන්දන වීරසේනට බොරු චෝදනා ඉදිරිපත් කරමින් ඔහුව වහාම ඉවත්කර දැමීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජිව් ගුණසේකරට එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් ගෙන් බරපතල විවේචනයක් එල්ල වෙමින් තිබේ.
චන්දන වීරසේන ශ්‍රී ලංකා විදේශ සේවයේ පළමු පංතියේ නිළධාරියෙකි.
වාර්තාවන අන්දමට, ජපානයේ රාජ්‍ය ආයතනවලට ව්‍යාජ තොරතුරු ලබාදීමට දුන් උපදෙස් නියෝජ්‍ය තානාපතිවරයා විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා කෝපයට පත් තානාපතිවරයා, මෙවැනි පියවරක් ගෙන ඇත්තේ ලංකාවේ විදේශ ඇමතිවරයට නියෝජ්‍ය තානාපතිවරයා පිළිබඳව මුළුමනින්ම අසත්‍ය කරුණු රැසක් ඉදිරිපත් කරමිනි.
ඒ අනුව චන්දන වීරසේනව වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ ට මාරුකර යවා ඇතැයි වාර්තාවේ.
ශ්‍රී ලංකා රජයේ මුදල් රෙගුලාසි වලට පරිබාහිරව තමන්ගේ ක්‍රෙඩිට් කාඩ්පත් පාවිච්චි කර තමන්ගෙ පෞද්ගලික බඩු මිලදී ගෙන එම බිල්පත් රජයේ වියදම්වලට එකතු කිරීම් වැනි රාජ්‍ය මුදල් අවභාවිතය, කාර්ය මණ්ඩලය ට හිංසා කිරීම, රටට අපකීර්තියක් අත්වන ලෙස ඝෝෂාකාරී සාද පැවැත්වීම, ආරාධිත ජපන් ජාතිකයන්ට බැනවැදීම, නිරෝධායන නීති උල්ලංඝනය කිරීම, කිසිදු කාර්යභාරයක් නොකරන තමන්ගේ හිතවතුන් රජයෙන් වැටුප් ගෙවා නිල නිවසේ නතර කරවාගෙන ලංකාවේ රාජ්‍ය මුදල් විනාශ කිරීම ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයාට එල්ලවී ඇති තවත් චෝදනාවන් අතරින් කීපයකි.
මේවා පිලිබඳව ජනාධිපතිට, අගමැතිට, විදේශ ඇමතිට හා විදේශ ලේකම්ට පැමිණිලි කළ ද නිවැරදි කර ගැනීමට මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් වාර්තා වෙයි.
තානාපති සංජිව් ගුණසේකර මේ වන විට දින 70 ක් තානාපති කාර්යාලයට පැමිණ නොමැති බව වාර්තාවේ. ඔහු පදිංචිව සිටින ඇමරිකාවේ සිට ජනවාරි 5 යළි
ජපානය ගොස් ඇති අතර ඒවනවිටත් ඔහු කෝවිඩ් ආසදිතයකු බවට හඳුනාගෙන තිබී ඇති බවත් වාර්තා වෙයි.
එසේ කෝවිඩ් අසදිතයකු ලෙස යලි ජපානයට ගොස් ඇති මොහු නියෝජ්‍ය තානාපතිවරයා ලවා ජපානයේ රාජ්‍ය ආයතනයන්ට අසත්‍ය තොරතුරු ලබාදීමට උපදෙස් දී ඇතැයි පැවසේ. නියෝජ්‍ය තානාපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ ට මාරුකර යවා ඇත්තේ එම නියෝගය ප්‍රතික්ෂේප කිරීම නිසා බව තානාපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.
මීට පෙර ජපානයේ තානාපති කාර්යාලයේ සේවය කළ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු පංතියේ නිලධාරියකු වන රොෂාන් ගමගේ ද තානාපතිවරයාගේ හිංසාකාරී ක්‍රියාවන්ට ලක්ව තිබූ අතර ඔහු ද මාස කිහිපයක ට පෙර ලංකාවට පැමිණ ඇත.
ඊට පසු මේ දක්වා ලාංකිකයන්ගේ අවශ්‍යතා වෙනුවෙනුත් රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වෙනුවෙනුත් සිටි එකම රාජ්‍ය තාන්ත්‍රික නිළධාරියා වූයේ නියෝජ්‍ය තානාපති චන්දන වීරසේන යි. ඔහුට තම දරුවන්ගේ අධ්‍යාපනය ද මග නතර කර දමා ලංකාවට යාමට සිදු වී ඇත.
මීට පෙර මෙම තානාපතිවරයාගේ අනේක වධ හිංසා නිසා තානාපති කාර්යාලයේ ජපන් ජාතික කාර්‍යමණ්ඩල තිදෙනෙකු ම ඉල්ලා අස්වූහ. කෝකියා අදටත් ආගිය අතක් නොමැතිබව තානාපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.
මොහුගේ අකාර්යක්ෂමතාව පැහැදිලි කෙරෙන ආසන්නතම සිදුවීම වන්නේ, පසුගිය දා තානාපති කාර්යාලය විසින් සංවිධානය කර තිබු තෛපොංගල් උත්සවයයි. එම උත්සවයට සහභාගී වී ඇත්තේ හතරදෙනෙකු පමණි.
තානාපති කාර්යාල ආරංචිමාර්ග වලට අනුව, තානාපතිවරයාගේ එකම රාජකාරිය වී ඇත්තේ, දිනපතා සිය මුහුනුපොතේ ජයාරූප පලකරවා ගැනීමයි. එම ෆේස්බුක් සටහන් Tag කරන ලෙස තානාපති කාර්යාලයේ නිලධාරීන්ට බලපෑම් කරන තානාපතිවරයා, එම නියෝග නොසලකා කටයුතු කරන නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ද වාර්තාවේ.
විශේෂ වාර්තාකරුවෙකු විසිනි

මානව හිමිකම් කඩ කරන්න ඉඩ දුන්නෙත් නෑ ඉඩ දෙන්නෙත් නෑ- ජනපති
නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
සිය පාලන කාලය තුළ මානව හිමිකම් කඩ කිරීමට ඉඩ නොදුන් බවත් ඉදිරියටත් ඉඩ නොදෙන බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.
සිය ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරමින් ජනපතිවරයා මේ බව පැවසීය.
තමන් මානව හිමිකම් කඩ කිරීම අනුමත නොකරන බවද ඔහු පැවැසීය.
යුද්ධයෙන් අතුරුදන් වූ සියලු දෙනාට සාධාරණය ඉටු කරන බවත් ජාතිවාදය ප්‍රතික්ෂේප කරන බවත් ජනපතිවරයා සඳහන් කළේය.
තමා ජනපතිවරයා ලෙස පත්වීමෙන් පසුව අධිකරණයේ මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ පත්වීම් දේශපාලනීකරණය කිරීමට කටයුතු නොකළ බවද ඔහු පැවැසීය.
යුද්ධයෙන් දීර්ඝ කාලයක් බැට කෑ උතුරු නැගෙනහිර ජනතාවට සියල්ලටම වඩා අවශ්‍ය වී තිබුණේ ආර්ථික සුරක්ෂිතභාවය යැයි පවසන ජනාධිපතිවරයා එම ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංගීම සදහා දෙමළ ජනතා නියෝජිතයන්ගෙන් සහාය ඉල්ලා සිටී.
"ඒ නිසා මෙම පාර්ලිමේන්තුව තුළ සිටින උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් මා ඉල්ලා සිටිනවා, විවිධ දේශපාලන මතවාදයන් තාවකාලිකව හෝ පසෙක ලා ඔබේ ප්‍රදේශවල ජීවත්වන ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීම සඳහා රජය ගන්නා උත්සාහයන්ට සහාය දෙන ලෙස."
ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කළේ තමන්ට ඡන්දය දුන් සිංහල බෞද්ධයාගේ ආරක්ෂාව සැලසීම ප්‍රමුඛස්ථානයේ ලා සලකන බව පවසා සති දෙකක් ගතවීමත් සමගය.
සංහිඳියාව සඳහා රජයේ මූලික වගකීම ලෙස සලකන්නේ කිසිදු වෙනස්කමකින් තොරව මෙම ජනතාව සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 09 වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිය අමතමින් වැඩිදුරටත් පැවසීය.
උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ මානව හිමිකම් කඩකිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරය විසින් ශ්‍රී ලංකා රජයට දිගින් දිගටම බලපෑම් එල්ල කරන ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් පිළිබදවම ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා සිදු කළ කතාව මගින් අවධානය යොමු කර තිබුනි.
යුද පීඩිත ජනතාව යුක්තිය ඉල්ලා දිගටම කරන අරගල සහ ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තරය හා දෙමළ ඩයස්පෝරාව කරන බලපෑම් ‘කුමන්ත්‍රණ’ ලෙසින් හෙලා දුටු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙදින කතාවේදී ඒ සම්බන්ධයෙන් දැක්වුයේ ප්‍රවේසම් සහගත ප්‍රවේශයකි.
පසුගිය කාලයේ රටේ මානව හිමිකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට ගෙන ගිය වැරදි මතයන් නිවැරදි කරගන්නට අවශ්‍ය බව පැවසූ ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේ තමන් මානව හිමිකම් කඩකිරීම් වලට අනුබල දී නොමැති බවයි.
"මා වගකීමෙන් කියනවා, මගේ පාලන කාලය තුළ කිසිදු ආකාරයක මානව හිමිකම් කඩකිරීමකට රජය අනුබල දී නැහැ. ඒ වගේම ඉදිරියේ දී එවැනි ක්‍රියාවක් සිදුවන්නට අප ඉඩ තබන්නෙත් නැහැ. අප එවැනි ක්‍රියා කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ."
යුද සමයේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල හමුදා කටයුතු සඳහා අත්පත් කරගෙන තිබූ ඉඩම් 90%කට වඩා නිදහස් කිරීම ආරම්භ කළේ තමන් ආරක්ෂක ලේකම්ව සිටි කාලයේදී බව පැවසු ජනධිපති ගෝඨාභය රාජපක්ෂ සදහන් කළේ, ඉදිරි කාලයේ දී තවදුරටත් ඉතිරිව තිබෙන ඉඩම් නිදහස් කිරීමට හැකියාව ලැබෙනු ඇති බවයි.

විදුලි ඉංජිනේරුවන් හෙට ලෙඩ වෙයිද?
ලංකා විදුලිබල මණ්ඩලයේ වත්මන් වැඩබලන සාමාන්‍යාධිකාරීවරයා ධුරයෙන් ඉවත් නොකළහොත් හෙට (19) දහවල් 12 සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසයි.
සාමාන්‍යාධිකාරීවරයාට විරෝධය පළ කරමින් ලංකා විදුලි ඉංජිනේරු සංගමය අසනීප නිවාඩු වාර්තා කර විදුලිබල මණ්ඩල කොළඹ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද (18) විරෝධතාවක් ද පැවැත්වුණි.
මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරී ආචාර්ය සුසන්ත පෙරේරා අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අධිකරණ තීන්දුව සහ එල්ල වන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් මෙසේ පැවසීය.
“රජයේ සේවකයින්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 65 දක්වා වැඩි කෙරුවා. ඒකට අනුරූපීව සංස්ථාපිත ආයතනවල විශ්‍රාම යන වයස අවුරුදු 62 දක්වා වැඩි කළා. ඒ අතරතුර තමයි රණතුංග මහතාගේ විශ්‍රාම ආවේ ඒ විශ්‍රාම යන වයස ඇමතිතුමාගේ අනුමැතිය ඇතිව අධ්‍යක්ෂ මණ්ඩලයට දීර්ඝ කරන්න පුළුවන්. ඒ කියන ප්‍රතිපාදනය පාවිච්චිකරලා ඇමතිතුමා රණතුංග මහතාගේ සේවා කාලය දීර්ඝ කරලා ලිපියක් නිකුත් කළා. ඒ නිසා ඊළඟට හිටපු ජ්‍යෙෂ්ඨතම ඉංජිනේරුවා මහාචාර්ය අබේසේකර මහතාට ගැටලුවක් පැනනැගුනා එයා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් දැම්මා. ඒ අතරතුර ඇමතිතුමා රණතුංග මහතාගේ ලිපිය අවලංගු කළා. රණතුංග මහතාත් අභියාචනාධිකරණයට ගියා. නඩුව අහලා ඉවර වෙනකල් ස්ථීර පත්වීම් බැහැ. ඒ අනුව අධ්‍යක්ෂ මණ්ඩලය මාව පත්කරන්න තීරණය කරලා තියෙනවා.”

ඉන්ධන ඉල්ලා ඇමති කළ ඉල්ලීම IOC ප්‍රතික්ෂේප කරයි
විදුලිබල මණ්ඩලයට තෙල් සැපයිය නොහැකි බව ලංකා IOC සමාගම දැනුම් දී තිබේ.
විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ පැවසුවේ මේ මොහොතේ අතිරේක ඉන්ධන සංචිත නොමැති බව පවසමින් ඔවුන් මේ බව පැවසූ බවය.
අද කොළඹදී පැවති සාකච්ඡාවේදී එම සමාගමේ නිලධාරීන් මේ බව දැනුම්දී තිබේ.
කෙසේ වෙතත් අද පස්වරුව වන විට කොළඹ වරායේ ඇති තෙල් නැවෙන් ඉන්ධන ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සපයාගත හැකිවනු ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
එම මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් මහබැංකු අධිපතිවරයා සමග ද සාකච්ඡා කළ බවය.
මේ අතර එම ඉන්ධන නැව නිදහස් කිරීමට අපොහොසත් වුවහොත් ආසන්න වශයෙන් පැය එකහමාරක කාලයක් විදුලිය විසන්ධි කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පැවසීය.
මේ අතර එසේ විදුලිය විසන්ධි වීමක් සිදුකරන්නේ නම් ඒ සඳහා කාලසටහනක් සකස් කරන ලෙස මේ වනවිටත් බලධාරීන්ට දැනුම් දී ඇත.
එසේම ඉන්ධන අර්බුදය හේතුවෙන් සපුගස්කන්ද බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක් මේ වනවිට ක්‍රියා විරහිත කර තිබේ.
මෙගාවොට් 63ක ඒකක ප්‍රමාණයක් ඉන් ජාතික විදුලිබල පද්ධතියට එක්කෙරුණි.
මේ අතර ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මෙට්‍රික් ටොන් 900ක් මේ වනවිට සපුගස්කන්ද බලාගාරය වෙත නිකුත් කරමින් පවතින බව විදුලිබල මණ්ඩලය පවසයි.

කොරෝනා මරණ 15,231ක් දක්වා ඉහළට
තවත් කොවිඩ් මරණ 13ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (17) තහවුරු කර ඇති බවය.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,231කි.

අපේ රටේ හෘද සාක්ෂිය මැරිලා තියෙන්නේ - කාදිනල් හිමි
”හෘද සාක්ෂියට අනුව වැඩකරන පුද්ගලයින් සමාජයේ දක්නට ලැබෙන්නේ නැහැ .වර්තමානයේ. අපි ගන්න තීරණයන්ගෙන් ඇතිවන අභියෝගවලට මුහුණදෙන ශක්තිය අඩුයි. වෘත්තිමය ලෙස හෝ අනෙක්තු කිසියම් ලෙකද මේ විදියට හිතන කීදෙනෙක් ඉන්නව ද? නිදහසට පසු අවුරුදු 74 ක් තිස්සේ මේ රටේ සත්‍යය හැම වෙලාවේම නැති වෙලා තිබෙනවා. මේ රටේ ජනතාව හෘද සාක්ෂියට අනුව සාධාචාරත්මක ලෙස වැඩ කරන්නේ නැතුව සල්ලි සහ බලය පිටුපස හඹා යන්න පටන් අරං. අපේ රටේ හෘද සාක්ෂිය මැරිලා තියෙන්නේ. වඩා වැදගත් වෙන්නේ හොඳ මිනිසුන් නරකක් නපුරක් කරන්නේ නැති හොඳ මිනිස්සු බිහි කිරීම තමයි වඩා වැදගත් වෙන්නේ. නැතුව බොහෝ නායකයෝ සමහර වෙලාවට කරනවා වගේ වැරදී සාධාරණීකරණය කරන එක නෙමෙයි” යනුවෙන් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.
මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ මෙලෙස අදහස් පළ කළේ ශාන්ත පීතර විද්‍යාලයට වසර 100 ක් පිරීම නිමිත්තෙන් පැවති උත්සවයකදීය.

ඉන්ධන ගන්න ඉන්දියාවෙන් ණයක්
ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 500ක නව ණය පහසුකමක් පිරිනමා තිබේ.
එරට විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් විසින් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් වෙත යොමු කරන ලද ලිපියක්
මගින් මෙම ණය පහසුකම ලබාදෙන බව සඳහන් කර ඇත.
ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ මේ හරහා ශ්‍රී ලංකාව සමඟ රැඳී සිටීමට, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට දායකත්වය දැක්වීමට සහ ද්විපාර්ශවික ආර්ථික සහ වාණිජ සහයෝගීතාවයට වැඩි ජවයක් ලබා දීමට ඉන්දියාව දක්වන කැපවීම පිළිඹිබු කරන බවය.
මෑතකදී ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 900කට අධික විදේශ විනිමය සහය ලබාදී තිබේ.

පැය හතකරක විදුලි කප්පාදුවක් ! : ඩොලර් දුන්නොත් ඉන්ධන දෙනවා - ගම්මන්පිල
ඉන්ධන හිඟය සහ ජලාශවල ජල මට්ටම අඩුවීම හේතුවෙන් විශාල විදුලි කප්පාදුවක් අපේක්ෂා කරන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය අනතුරු අඟවයි.
දිනකට පැය හතරක විදුලිය විසන්ධි කිරීමට සූදානම් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු පැවසීය.
ලංකා විදුලි බල මණ්ඩලය සතුව ඇත්තේ දින දෙක තුනකට පවතින ඩීසල් මෙට්‍රික් ටොන් 3000ක් පමණක් බවත්, දින 22කට සරිලන දැවි තෙල් බවත් හෙතෙම සදහන් කරයි.
ඒ අනුව දින තුනකට පසු විදුලිබල මණ්ඩලයට විදුලිය විසන්ධි කර ඉල්ලුම අඩු කිරීමට සිදු වනු ඇති බවත් ඒය සිදු නොකරන්නේ නම් විදුලිබල පද්ධතියේ සමබරතාවය පවත්වා ගැනීමට නොහැකි වනු ඇති බවත් හෙතෙම කියා සිටී.
ජල විදුලිය උත්පාදනය කිරීම සඳහා ජලාශවල ජලය භාවිතා කිරීමේදී සීමාවන්ට මුහුණ දීමට සිදුව ඇත්තේ ඒම ජලය ප්‍රධාන වශයෙන් කෘෂිකර්මාන්තය, පානීය හා පාරිසරික අරමුණු සඳහා කලමණාකාරණය කරමින් පවතින නිසාය.
අනුමත බලාගාර ඉදිකිරීමේ ප්‍රමාදයන් සහ නව විදුලි උත්පාදන ව්‍යාපෘති අවලංගු වීම හේතුවෙන් බිඳවැටීම්වලදී විදුලිය සැපයිය හැකි විකල්ප බලාගාර රට තුළ නොමැති බවත් සංගමය තව දුරටත් පෙන්වා දෙයි.
'විදුලි බල මණ්ඩලයට ඉන්ධන දෙන්නේ ඩොලර් දුන්නොත් විතරයි‘
මේ අතර බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල, විදුලිබල අමාත්‍යාංශයට දැනුම් දී ඇත්තේ, විදුලිබල මණ්ඩලයට මින් ඉදිරියට ඉන්ධන ලබා දෙන්නේ ඩොලර් ලබාදුනහොත් පමණක් බවයි. ඒ අනුව මණ්ඩලයට අදින් පසුව ඩොලර් නොමැතිව ඉන්ධන ලබා නොදෙන බව ඔහු 'ලංකාදීප' කළ විමසීමකදී සඳහන් කර තිබේ.
ඉන්ධන නොමැතිවීම හේතුවෙන්, විදුලිබල මණ්ඩලයේ බලාගාර කිහිපයක් ගිය සතියේ නතර වූ අතර, එය යථා තත්වයට පත්කර ගැනීම සඳහා ඩීසල් මෙට්‍රික් ටොන් තුන් දහසක් අවස්ථා දෙකකදී ලබාදී ඇතැයි පවසන ඇමතිවරයා, ඩොලර් නොමැතිව මින් ඉදිරියට ඒ ආකාරයෙන් ඉන්ධන දිය නොහැකි බව සඳහන් කරයි.
විදුලිබල මණ්ඩලය ඩොලර් ලබාදුනහොත් ඛනිජ තෙල් ආනයනය කර ලබාදිය හැකි බව කියන ඇමතිවරයා, ඒ සඳහා සතියක පමණ කාලයක් ගතවනු ඇති බව ද කියා සිටියි.
විදුලිබල මණ්ඩලයට ලබා දීමට තරම් අවශ්‍ය ඉන්ධන තොග සංස්ථාව සතුව නොමැති බව පවසන බලශක්ති අමාත්‍යවරයා, දැනට තිබෙන ඉන්ධන විදුලිය නිෂ්පාදනයට ලබාදුනහොත් වාහන ධාවනය කිරීමට නොහැකි වනු ඇතැයි කියා සිටියි.
ඉන්ධන නොමැති වුවහොත් විදුලිය සැපයුම පැයකට දෙකකට කපාහැර තත්වය කළමකළමනාකරණය කිරීමට හැකියාව ඇති නමුත්, වාහන ධාවනය සඳහා එවැනි පියවරකට යා නොහැකි බව ද ඔහු පෙන්වා දෙයි.
ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන ඇත, ඉන්ධන නැත යනුවෙන් ප්‍රදර්ශනය කරනවා හැරෙන්නට අතරමැදි තත්වයක් නොමැති බවද බලශක්තිය අමාත්‍ය උදය ගම්මන්පිල කියා සිටියි.
ඉන්ධන දීම වෙනුවෙන් විදුලිබල මණ්ඩලයෙන් රුපියල් කෝටි 920 ක මුදලක් ද , ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් රුපියල් කෝටි 650ක මුදලක් ද ණය වශයෙන් ලැබිය යුතුව ඇතැයි පවසන ඇමැතිවරයා, ඉන්ධන අවශ්‍ය නම් මුදල් ලබා දෙන ලෙස එම ආයතන දෙකටම කල්තියාම දැනුම් දුන් බවද සඳහන් කරයි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඩොලර් ලබාදී ඇතත්, විදුලි බල මන්ඩලය එසේ ඩොලර් ලබාදී නැතැයි ද ඇමතිවරයා පවසයි.

කොරෝණා මරණ 15,218ක් දක්වා ඉහළට
තවත් කොරෝනා මරණ 07 ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 15,218 ක් දක්වා ඉහළ ගියේ ය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස වාර්තා වී ඇත්තේ, පිරිමි ආසාදිතයින් 05 දෙනෙක් සහ කාන්තාවන් දෙදෙනකු ලෙසයි.
අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 02 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 05 දෙනා වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.
අද (17) වාර්තා කරන ලද මෙම මරණ 7 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.

ජනප්‍රිය ගායිකා නීලා වික්‍රමසිංහ දිවිමඬලෙන් සමුගනී
ජනප්‍රිය ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මිය (70) හදිසියේ අභාවප්‍රප්ත වූවාය.
මිලානෝ කොන්සල්ජනරාල් ලෙස පසුගිය 10 වැනි දා වැඩ බාරගත් ඇය හදිසි හෘදයා බාධයකට ලක්ව මිලානෝ හි රෝහලකට ඇතුළත් කළ අවස්ථාවේ මියගොස් ඇතැයි එරට ආරංචි මාර්ග කියයි.

තෙල් තියෙන්නේ දවස් 03කට විතරයි - විදුලි ඇමති
විදුලිය නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන ඇත්තේ ඉදිරි දින තුනක කාලයකට වන අතර IOC සමාගමෙන් හෝ ඉන්ධන ලබා ගැනීමට උත්සහ දරන බව විදුලි බල අමාත්‍ය ගාමිණි ලොකුගේ පවසයි.
හෙට දිනයේ දී ඒ සඳහා IOC සමාගම සමඟ සාකච්ජා ආරම්භ කරන ලෙස විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයාට තමන් උපදෙස් දී ඇති අතර අවශ්‍ය නම් තමන්ද ඊට සහභාගී වන බවයි අමාත්‍යවරයා සඳහන් කරයි.
ඒ අනුව 22 වෙනිදා දක්වා කප්පාදුවකින් තොරව විදුලිය සැපයීම සඳහා තෙල් සොයා ගත යුතුව ඇති බව ඔහු පවසයි.
එමෙන්ම කප්පාදුවකින් තොරව විදුලි බල සැපයුම ලබා දීමට උපරිම උත්සහ කරන බවද හෙතෙම ප්‍රකාශ කරයි.
LNW

ආනන්ද සංගරීටත් කොවිඩ් ආසාදනය වෙයි
දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ මහ ලේකම්, වී. ආනන්දසංගරී ට කෝවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු කර තිබේ.
රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ (16) සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේ දී ඒ මහතා ට කොවිඩ් ආසාදිත බව හඳුනාගෙන ඇත.
ආනන්දසංගරීගේ ඥාතීන්ට ද මේ වන විට කොවිඩ් වැළඳී ඇතැයි තහවුරු වී තිබේ.
මේ හේතුවෙන් යාපනයේ පිහිටි එක්සත් විමුක්ති පෙරමුණේ කාර්යාලය සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් හුදකලා කර ඇත.
ආනන්දසංගරීගේ සෞඛ්‍ය තත්ත්වය ට එතරම් බලපෑමක් නොමැති බවත් ඔහු යාපනය ප්‍රදේශයේ රෝහලක ප්‍රතිකාර ලබන බවත් වාර්තා වේ.

යොහානිගේ මැණිකෙට මෝදිගෙ හිත යයි
ඉදිරියේදී පැවැත්වීමට නියමිත උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතාගේ භාරතීය ජනතා පක්ෂය ‘මැණිකේ මගේ හිතේ’ ගීතය භාවිතා කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
‘Yehi Modi, Yogi, Upyogi, Upyogi…aayegi phir se BJP’යන උත්තර් ප්‍රදේශ් මැතිවරණය සඳහා පක්ෂයේ නවතම ඡන්ද ගීතය පද රචනය කර ඇත්තේ ඉදිරි ප්‍රාන්ත මැතිවරණයේ දී ඔවුන් ඡන්දය ප්‍රකාශ කළ යුත්තේ අගමැති මෝදි සහ මහ ඇමති යෝගිටයි යන පණිවිඩය ඡන්දදායකයින් වෙත යොමු කිරීම සදහායි එම මාධ්‍ය වාර්තා=වල සඳහන් වේ.
ඉන්දියාවේ විශාලතම ප්‍රාන්තක් වූ උත්තර් ප්‍රදේශ් මැතිවරණය පෙබරවාරි 10 වැනිදා පැවැත්වේ.
යොහානි සිල්වා සහ මැණිකේ මගේ හිතේ ගීතය මීට පෙර ඉන්දීය අගමැතිවරයාගේ පැසසුමට ලක් වූ අතර ඉන්දීය ජාතිකයන් කෝටි ගණනකගේ හිත දිනා ගැනීමට යොහානි සමත් වී ඇති බව ඔහු පවසා තිබිණි.

එජාප නීතිඥ සංගමයෙන් එජාප මාධ්‍ය ඒකකයට විරෝධයක් !
එක්සත් ජාතික පක්ෂයේ ජාතික නිතිඥ සංගමය එම පක්ෂයේ මාධ්‍ය ඒකකය ට විරෝධතාවක් පල කර තිබෙන බව වාර්තා වෙයි.
ඒ මේ සතියේ ස්වාධීන රුපවාහිනි නාලිකාවේ පැවත්වෙන සජිවී දේශපාලන සංවාද වැඩසටහනකට ජාතික නිිතිඥ සංගමයේ සාමජිකයෙකු නොවන පුද්ගලයෙක් සහාභගි කරවිම හේතුවෙන්.
මෙම වැඩසටහන ට පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් නිිතිඥ මනෝජ් ගමගේ . සමගි ජන බලවේගය නියොජ්නය කරමින් නිිතිඥ එරන්ද වැලිඅංග සහාභගි විමට නියමිත අතර එක්සත් ජාතික පක්ෂය නියොජ්නය කරමින් එක් වන බවට පූර්ව ප්‍රචාරවල සඳහන් වන්නේ නිතිඥ සුදත් ජයසුන්දර යන අයයි.
ජාතික නිිතිඥ සංගමය පක්ෂ මහාලෙක්ම්වරයා වෙත පැමිණිලි කරමින් සදහන් කර ඇත්තේ පක්ෂයේ කිසිම නිිති කටයුතුකට සහාභගි නොවන අඩු තරමේ අධිකරණ ක්‍රියාවලිය ට සහාභගි නොවන මේ වැනි පුද්ගලයන් ට මේතරම් සැලකිල්ලක් දැක්විම පක්ෂය වෙනුවෙන් කැපකිරීම් කල නිිතිඥ කල අගෞරවයක් බවයි .
සුදත් ජයසුන්දර මේ වන විට පක්ෂය මහරගම ආසන සංවිධායක ධුරය දැරවු ද ඊට වඩා කැපකිරීම් කල නිිතිඥ රැසක් පක්ෂයේ ආසන සංවිධායක ධුර හා ඊට ඉහළ තනතුරු දරන බවයි ජාතික නිිතිඥ සංගමය, පක්ෂ මහාලෙක්ම්වරයා ට අවධාරණය කර ඇති බවත් වාර්තා වෙයි.

සංහිඳියාවේ රන් සම්මානය මංගලට !
දිවංගත මංගල සමරවීර හිටපු අමාත්‍යවරයා සංහිඳියාව සඳහා කැපවූ රාජ්‍යතාන්ත්‍රිකයෙකු සඳහා Institute of Politics ආයතනය විසින්ජී විතයේ එක්වරක් පමණක් පිදෙන 'සංහිඳියාවේ රන් සම්මානයෙන්' පිදුම් ලැබිය.
2022 ජනවාරි 15 වන දින කොළඹ 07 ශ්‍රීලංකා පදනම් ආයතනයේදී පවත්වන ලද එම ආයතනයේ වාර්ෂික ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයේදී මෙම සුවිශේෂී ඇගයීම සිදු කරන ලදී.
Institute of Politics ආයතනය දේශපාලනය, ආණ්ඩුකරණය, ප්‍රජාතන්ත්‍රවාදය සහ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව හදාරණ පිරිස් සඳහා පාඨමාලා පවත්වන වෘත්තීමය ආයතනයකි.
එම ආයතනය විසින් දේශපාලනය තුළ සිටින පිරිස් හි වෘත්තීය භාවිතාවන් ආචාරධාර්මික කිරීම සඳහාත් ඔවුන්ගේ දැනුම කුසලතා හා ආකල්ප ප්‍රවර්ධනය සඳහාත් විවිධ වැඩසටහන් පවත්වනු ලබයි.
එමෙන්ම දේශපාලන ක්‍රියාධරයන්ගේ කාර්යක්ෂමතාව සහ ඔවුන්ගේ ක්‍රියාදාමයන් හි ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන් ඇගයීම ද මෙම ආයතනය විසින් සිදු කරනු ලබයි.
එම ආයතනයේ ප්‍රමුඛ අරමුණ වෘත්තීමය වශයෙන් ආචාරධාර්මික භාවය රැකගෙන දේශපාලනය කරන නූතන පරම්පරාවක් ගොඩනැගීම බව එම ආයතනයේ විධායක අධ්‍යක්ෂ සංජීව විමලගුණරත්න ප්‍රකාශ කර සිටී.
එම ආයතනයේ 2021/2022 ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයේදී හිටපු අමාත්‍ය මංගල සමරවීර අගයමින් ඔහු විසින් ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම සඳහා ගන්නා ලද අප්‍රතිහත නිර්ව්‍යාජ කැපකිරීම ලංකාවේ අනාගත දේශපාලන පරම්පරාවන්ට ආදර්ශයක් බව සංජීව විමලගුණරත්න මෙම උත්සව සභාව අමතමින් වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

බ්‍රිතානයේ තානාපති කාර්යාල සේවකයින් වැඩ කරන්නේ නයිට් කඩවල සහ ෂෙඩ්වල !
ශ්‍රී ලංකේය තානාපති සේවය සහ කාර්ය මණ්ඩල පත්වීම් දේශපානලන කරණයට ලක්වී ඇතිබව මේ වන විට සැවොම දන්නා කාරණයකි. මෙහි වර්ථමාන තත්වය ඉතාමත්ම බරපතල සහ අපකිරිතිමත් තැනකට මේ වන විට පත්ව ඇතිබව සැබවින්ම ලාංකිකයන් හැටියට නැතිනම් රටක් හැටියට ලැජ්ජා වියයුතු කරුණකි.
මෑතක පටන් නුසුදුසු පුද්ගලයන් දේශපාලන බලපෑම් මත ලොව පිළිගත් තානාපති කාර්යාලවලට පත්වීම් ලබාදීම සිදුකරනු ලබයි. මෙය සත්‍ය වශයෙන්ම විදේශ තානාපති සේවයේ රැකියා ලබාදෙන මාෆියාවක් සහ ජාවාරමකි. මෙය ඍජුවම රාජපක්ෂ වාදීන් විසින් ඔවුන්ගේ අනුදැනුම මත කරගෙන යන වැඩපිලිවලකි . මෙවැනි රැකියා ලබාගැනීම සදහා ලක්ෂ ගණන් මුදල් මෙම තැරවූ කරුවන් විසින් ලබාගන්නා අතර .මළපොතේ අකුරක් වත් බැරි පුද්ගලයින් තානාපති සේවය සහ කාර්ය මණ්ඩලයට අනියුක්ත කරනු ලබයි .
මෙසේ පැමිණෙන බොහෝදෙනෙක් වසර 2-3 කාලයක් සදහා පැමිණෙන අතර මෙය ශ්‍රී ලංකාව තුල ලිපිකරු තනතුරකටවත් සුදුසු නොවන තත්වයේ දැනුමක් තියන බවට වාර්තාවේ. මෙසේ පැමිණෙන අය තානාපති කාර්යාලයේ සේවය කරන අතරතුර රාත්‍රී කාලයේදී සහ සති අන්තයේදී පැට්‍රල් ෂෙඩ්වල සහ takeaway ෂොප්වල කෑෂ් ඉන් හෑන්ඩ් රැකියා කරනබවට මේ පිලිබදව ගවේෂණය කරපු දමිළ ඩයස් පෝරාවට හිතැති ටෙලිවිෂන් නාලිකාවක් සියලු තොරතුරු සහ පුද්ගලයින් හදුනාගෙන මේවන විටත් වාර්තා වැඩසටහනක් නිර්මාණය කරමින් සිටින බවට අපට තොරතුරු ලැබී ඇත .
එම තොරතුරු වලට අනුව පසුගිය වසර කීපය තුලදී බ්‍රිතානයේ තානාපති කාර්යාල සේවයට පැමිණි නුසුදුසු පුද්ගලයින් මෙසේ නීතිවිරෝධී ලෙස පැට්‍රල් ෂෙඩ් වල , කඩවල සහ takeaway ෂොප් වල කෑෂ් ඉන් හෑන්ඩ් රැකියා කරන දර්ශන සහ ඔවුන් බ්‍රිතානයේ තානාපති කාර්යාලයේ සේවය කරන අයුරුත් තහවුරු කරගෙන තිබෙන බව වාර්තාවේ .
මෙම වාර්තාවට අනුව මෙය රාජපක්ෂ පවුල් ගහ සෙවනේ වන රැකියා ජාවාරමක් ලෙස හදුන්වනු ලබයි . මේ අතර රජයේ විවිධ තනතුරු සහ ත්‍රිවිද හමුදාවේ සේවය කල ඉහල නිලධාරීන්ගේ දරුවන්ද සිටින බවට ඉහත සදහන් නාලිකාව හදුනාගෙන ඇතිබව වාර්තාවේ. පසුගිය කාලයේදී සහ වර්තමානයේ කෑෂ් ඉන් හෑන්ඩ් රැකියා කරන තානාපති කාර්යාලයේ සේවකයින්ගේ සියලුම තොරතුරුද මෙම වාර්තා වැඩසටහනේදී දැකගැනීමට හැකිවන බවත් කියවේ..
තානාපති කාර්ය මණ්ඩලයේ සේවකයින් නයිට් කඩ වල සහ ෂෙඩ් වල කෑෂ් ඉන් හෑන්ඩ් රැකියා කරන මට්ටමට වැටීම අතිශයෙන්ම කණගාටුදායකය . අනෙක් කරණය නම් බ්‍රිතානය තුල කෑෂ් ඉන් හෑන්ඩ් රැකියා කිරීම නීති විරෝදී ක්‍රියාවක් වීමයි .තානාපති කාර්ය මණ්ඩලයේ සේවකයින් මෙසේ ක්‍රියාකිරීම තුල අනාගතයේදී .තානාපති කාර්ය මණ්ඩලයට සේවකයන් ගෙන්වීමට ඇති ඉඩකඩ අහිමිවීමේ අවධානමක්ද ඇති බව නොකියම බැරිය. අනෙක් කරණය නම් වර්ථමාන මහ කොමසාරිස් වරියගේ අකර්මන්‍ය තාවයයි අවසන් වරට ඇය තානාපති කාර්යාලයට පැමිණි දිනය නම් කරන කෙනෙකුට තෑගි පිරිනමන බව බ්‍රිතානයේ ජිවත් වන ශ්‍රී ලාංකිකයින් පවසයි.
මිට පෙරද බ්‍රිතාන මහා කොමසාරිස් කාර්යාලය සහ එහි තිබෙන අවාසනාවන්ත තත්වය පිලිබදව විවිධ තොරතුරු අන්තර්ජාලයේ පලවූ බවත් අපට මතකය.
විශේෂ ලිපිකරුවකු විසිනි
Page 380 of 463