ධර්මයේ වේශයෙන්ම ධර්මය විකෘති කරන අවස්ථාවල දී පෙර රජ දවස සිටි රජවරුන්ගේ ක්‍රියා මාර්ග ගන්නා ලෙසට කෙරුණු ආරාධනාවකට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා ප්‍රසිද්ධියේ එකඟත්වය පළ කළ බවත්, ඇතැම් රජවරු ඒ ඒ පාලන කාලවල දී සංඝයා වහන්සේ ඝාතනය කළ ආකාරයට ම ජනතා විමුක්ති පෙරමුණ ද වර්ෂ 1987 – 89 කාලවලදී සංඝයා වහන්සේලා ඝාතනය කළ බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමකින් තොරව ආණ්ඩුකාරවර පාලනය යටතේ පළාත් සභා පවත්වාගෙ යෑම පළාත් පරිපාලනය බිඳවැටීමට හේතු වී ඇති බැවින්, වහා පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට රජය පියවර ගත යුතු බවත්, ක්රියාකාරී දේශපාලන පක්ෂ සියල්ල ම පාහේ පැරණි ඡන්ද ක්රමය යටතේ ඊළඟ ඡන්ද විමසීම පැවැත්වීමට විරුද්ධත්වයක් නොමැති බැවින් පළාත් සභා මහජන නියෝජිතයින් සහිතව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ආණ්ඩුකාරවරුන්ගේ සංසදය ඉල්ලා සිටී.
සෞඛ්‍ය හා ජනමාධ්ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ලංකාවේ කියුබානු ජනරජයේ තානාපතිනි පැට්රීෂියා ලාසාරා පෙගෝ ගුවේරා (Mrs. Patricia Lázara Pego Guerra) අතර සෞඛ්‍ය ක්ෂේත්‍රය ඇතුළු ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම උදෙසා වූ සාකච්ඡාවක් පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
