ආර්ථික අවේක්ෂණ කමිටුව ජනපති ප්‍රධානත්වයෙන් බාහිර බලපෑම් හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරභාවය සුරක්ෂිත කිරීමට සහ පුරවැසියන්ගේ සුභසාධනය ආරක්ෂා කිරීමට පත් කළ ආර්ථික අවේක්ෂණ කමිටුව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්වුණි. නවතම පුවත් 13 March 2026
වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 6 පනී 2026 වසරේ ගතවූ කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 600,000 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. නවතම පුවත් 13 March 2026
ප්‍රදේශ කිහිපයකට අද තද වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (13) පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නවතම පුවත් 13 March 2026
අන්තර්ජාල වෙළෙඳ දැන්වීම් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින්න - ජනතාවට අනතුරු ඇඟවීමක් ඉදිරි උත්සව සමයත් සමඟ අන්තර්ජාලය හරහා පළ වන වෙළෙඳ දැන්වීම් සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ. නවතම පුවත් 13 March 2026
සඳරුවන් සේනාධීර ඇප මත මුදා හැරේ ඊයේ (11) දිනයේ අත්අඩංගුවට පත්වූ 'ලංකා ඊ නිව්ස්' (Lanka e News) වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර අද (12) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබේ. නවතම පුවත් 12 March 2026
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නව සභාපති ලෙස බිමල් විජේසිංහ පත් කෙරේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නව සභාපති ලෙස බිමල් විජේසිංහ, අද තේරී පත් විය. නවතම පුවත් 12 March 2026
සිසු සැරියට තවත් බස්රථ 200ක් 'සිසු සැරිය' බස්රථ සේවාව තවදුරටත් විධිමත් කිරීම සඳහා මෙම වසරේ දී නව බස් රථ 200කට අධික ප්‍රමාණයක් අලුතෙන් එක්කිරීමට නියමිතව ඇත. නවතම පුවත් 12 March 2026
රටේ තත්වය මට වඩා හොඳින් ජනතාව දන්නවා - මහින්ද රාජපක්ෂ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ සිරකළ යුතු පුද්ගලයකු නොවේ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය. නවතම පුවත් 12 March 2026
ශ්‍රී ලංකාව 2026 අයෝරා දිනය සමරයි සාගර විද්‍යා හා පරිසරය පිළිබඳ අයෝරා විශිෂ්ටතා මධ්‍යස්ථානය නිල වශයෙන් විවෘත කරමින් ශ්‍රී ලංකාව මාර්තු 11 අයෝරා දිනය සැමරීය. නවතම පුවත් 12 March 2026
නව තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් 10කට පාර්ලිමේන්තු අනුමැති ඊශ්‍රායලය, ඉරානය සහ පලස්තීනය ඇතුළු රටවල් කිහිපයක ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නිලතල සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නම් කරන ලද නව පත්වීම් 10ක් සඳහා උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ. නවතම පුවත් 12 March 2026
ඇත්තට ම වරද ධනවාදයේ ද...? - Ideas front වීඩියෝවක් ධනවාදය පිළිබඳව කවුරු මොනවා කතා කළ ද එය ගෝලිය කරණය වී ඇති බවත්, එහි දී එම පද්ධතිය ගමන් කරන ආකාරය සහ මිනිස්සු ගමන් කරන ආකාරය අතර වෙනසක් පවතින්නේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය. නවතම පුවත් 12 March 2026
ජනාධිපතිවරයකු ගේ කටයුතුවල නිල නොනිල භාවයක් නැහැ - ජී. එල්. පීරිස් ජනාධිපතිවරයකු ගේ කටයුතුවල නිල නොනිල භාවයක් පිළිබඳ වර්තමානයේ ගැටලුවක් ඇති වි තිබෙන බවත්, එය සපුරා ම මිථ්‍යාවක් බවත් හිටපු අමාත්‍ය ජී. එල්. පීරිස් පැවසී ය. නවතම පුවත් 12 March 2026
ආණ්ඩුව, ඉන්ධන මිල ඉහළ දමා ජනතාව මත දැඩි පීඩනයක් පටවලා - විමල් වීරවංශ ඉන්ධන මිල අසාධාරණ ලෙස ඉහළ දැමීම හරහා වත්මන් රජය ජනතාව මත දැඩි පීඩනයක් පටවා ඇති බවත්, විපක්ෂයේ සිටිය දී බදු අඩු කරන ලෙස හඬ නැඟූ පිරිස් අද බලයට පැමිණ පරණ පොරොන්දු අමතක කර "බබා පාර්ට්" දමමින් සිටින බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පැවසී ය. නවතම පුවත් 12 March 2026
යුද්ධය අවසන් කිරීමට ඉරානයෙන් කොන්දේසි තුනක් පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් විසින් ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබේ. නවතම පුවත් 12 March 2026
මැදපෙරදිග යුද්ධය ගැන රුසියාව UN ආරක්ෂක කවුන්සිලයට ගෙන ආ යෝජනාව ප්‍රතික්ෂේප වෙයි මැදපෙරදිග යුදමය තත්ත්වය සම්බන්ධයෙන් රුසියාව විසින් ගෙන එන ලද යෝජනාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ දී සම්මත කරගැනීමට නොහැකි වී තිබේ. නවතම පුවත් 12 March 2026
ලෝක තෙල් මිල නැවතත් ඩොලර් 100 ඉක්මවයි ලෝක වෙළෙඳපොළේ යළිත් වරක් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබේ. නවතම පුවත් 12 March 2026
බලශක්ති අමාත්‍යවරායා ගෙන් විශේෂ ප්‍රකාශයක් (වීඩියෝ) විදුලිබල ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ - සේවක අයිතිවාසිකම් සුරැකීම, සමහර වෘත්තීය සමිති ගත් වෘත්තීය ක්‍රියාමාර්ග අත්හිටුවීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි ප්‍රකාශයක් ඉදිරිපත් කර ඇත. නවතම පුවත් 11 March 2026
ලාෆ්ස් ගෑස් මිලත් ඉහළට...... අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනපරිදි ලාෆ්ස් ගෑස් මිල ගණන් සංශෝධනය කර තිබේ. නවතම පුවත් 11 March 2026