සමාජ ක්රියාකාරිකයින් දෙදෙනකු සහභාගි වූ සමාජ මාධ්‍ය (youtube) සාකච්ඡාවක දී ''කාන්තාවන් ප්රාදේශිය පරිපාලනය සඳහා සුදුසු නොවන'' බවට දැක්වූ පදනම් විරහිත අදහස් පිළිබඳව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ දැඩි අවධානය යොමුව ඇති බවත්, වෘත්තීය මට්ටමේ සහ විධායක මට්ටමේ රාජකාරිවල නිරත සමස්ත කාන්තා පාර්ශ්වය ම අපහසුතාවට සහ නිග්රහයට පත්වන අයුරින් සිදු කර ඇති එම අදහස් ප්‍රකාශ කිරීම තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය සඳහන් කරයි.


