වර්තමාන රජය බලයට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ තමන්ව එම තනතුරෙන් ඉවත් කර එම තනතුර සඳහා ඝනක හේමචන්ද්‍ර පත්කිරීමට විෂය භාර අමාත්‍යවරයා ගත් තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අදාළ ධුරයේ කටයුතු කළ ප්‍රහාත් මලවිගේ විසින් ඉදිරිපත් කරන ලද රිට් පෙත්සම මේ මස 26වෙනි දා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය ඊයේ (13 වැනිදා) නියෝග කළේ ය.


