V2025

පුවත්

මාතලේ පොහොට්ටුව හෝදලාම අරගෙන රනිල්ගේ සහායට !

පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් බලමණ්ඩලය අද (04) දඹුල්ලෙදි රැස්වී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ඉදිරි ජනාධිපතිවරණයේ දී සහය පලකිරීමට ඒකමතිකව තීරණය කරන ලැබුණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී , දිස්ත්‍රික් නායක ජනක බණ්‌ඩාර තෙන්නකෝන් ගේ ප්‍රධානත්වයෙන් , ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක ගේ හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්‌ඩාර තෙන්නකොන් ගේ සහභාගිත්වයෙන් එම අවස්ථාව සංවිධානය කර තිබිණ.

මෙම බලමණ්ඩල හමුව සඳහා මාතලේ දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණ නියෝජණය කරන සියලු ආසන සංවිධායකයන් සහ කැඳවුම්කරුවන්, හිටපු පළාත් සභා අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන්, හිටපු පලාත් පාලන ආයතන ප්‍රධානීන්, නියෝජිතයන් සහ පළාත් පාලන ආයතන අපේක්ෂකයන් සහ පක්ෂයේ දිස්ත්‍රික් අනුබද්ධ සංවිධාන ප්‍රධානීන් රැසක් සහභාගීව සිටියහ.

පොහොට්ටුව අපේක්ෂකයෙක් දැම්මේ ඇයි ? ප්‍රසන්න සියල්ල හෙළිකරයි !

පරදින බව දැනගෙනම පොදුජන පෙරමුණෙන් අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කරන්නේ ඩීල් එකකට බවත් පොදුජන පෙරමුණ දෙකඩ කළේ ජනාධිපතිරයාට සහාය පළ කරන පිරිස නොව පාක්ෂිකයන් පිළිබඳව කිසිදු තැකීමක් නැති සිය පෞද්ගලික අවශ්‍යතාවයන් වෙනුවෙන්ම පෙනී සිටින සුළු පිරිසක් බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පාක්ෂිකයන් ගැන නොසලකන මේ සුළු පිරිස පක්ෂය මුදලට පාවා දුන් බවයි‍.

රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් මතුකළ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී මාධ්‍යවේදීන් මතු කළ ප්‍රශ්න සහ පිළිතුරු මෙසේය,

ප්‍රශ්නය – චෝදනාවක් තියෙනවා ඔබතුමා පක්ෂය කැඩුවා කියලා. පක්ෂය කැඩුවේ ඇයි?

පිළිතුර – මම තමයි පක්ෂය ඒකරාශී කරගෙන මේ ගමන යන්න උත්සාහ කරන්නේ. එහෙම කැඩුවා නම් කැඩෙන්නේ 2022 රනිල්ව පත් කර ගන්නේ නැතිව ඩලස්ව පත් කරගන්න තිබුනා. එහෙම කරේ නැත්තේ රට ගැන හිතලා පක්ෂය ඒකරාශී කරගෙන යන වැඩපිළිවෙලක් තමයි යෝජනා කරන්නේ.

ප්‍රශ්නය – රනිල් වික්‍රමසිංහට කඩේ යනවද?

පිළිතුර – එතුමට කඩේ යන්න අවශ්‍ය නෑ. එතුමා අභියෝග භාරගත්තා. සජිත් ප්‍රේමදාස, හර්ෂ මන්ත්‍රීතුමා එහෙම මුදල් අමාත්‍යාංශයේ ලේකම් එක්ක කතා කරලා රට තියෙන්නේ අවධානම් තත්ත්වයක බාරගන්න බෑ කියලා කිව්වා. මතක ඇති Twitter එකෙත් දැම්මා. එහෙම කියපු වෙලාවක රට බේරගත්ත නායකයාට කඩේ ගියාට වැරැද්දක් නෑ. එහෙම යන්න මිනිස්සු කැමති නිසයි ඒකමතිකව මේ තීන්දුව ගත්තේ.

ප්‍රශ්නය – ඔබතුමාට ආසන සංවිධායකකම නැති වෙනවා. ඒ ගැන දුකක් නැද්ද? ඔබතුමාලා අවදානමක් නේද ගන්නේ. රනිල් වික්‍රමසිංහ පැරදුනොත් ?

පිළිතුර – මම ඒ අවදානම ගත්තේ අද ඊයේ නෙවෙයි. එදා මහින්ද සුළගෙදිත් ශ්‍රී.ල.නි.ප ට විරුද්ධව මම ඔය තීන්දුව ගත්තා. අදත් මම ඒ තීන්දුව ගන්නවා. මොකද රට වෙනුවෙන් ගන්න තීන්දුවක් නරක් වෙන්නෑ.

ප්‍රශ්නය – ඔබතුමා දිස්ත්‍රික් නායකකමින් අයින් කරනවා කියලත් කිව්වා. ඇත්තටම උදයංග වීරතුංග කියන්නේ කවුද?

පිළිතුර – මෙහෙමයි, මාධ්‍ය මිනිහා උස්සලා ගද්දී මිනිහා වීරයා වෙනවා. නාමල් රාජපක්ෂලත් කියනවා ඔහු බොරු කියන්නේ කියලා. චමල් ඇමතිතුමා කියනවා ඔහු පිස්සෙක් කියලා. ඉතින් මම මොකටද ඕක ගැන කතා කරන්නේ. පවුලේ අයම කියනවා ඒ කාරණා. මම ඕවට උත්තර දෙන්න ඕන නෑ. දිස්ත්‍රික් නායකකමින් මාව ඉවත් කරනවා කියලා කියනවා. කවදාවත් මට දිස්ත්‍රික් නායකත්වයවත් ආසන සංවිධායකකමවත් දීලා තිබ්බේ නෑ. දීලා තිබුනේ කැඳවුම්කරු කියලා. මහ ඇමති තනතුර අතෑරපු මට ඕවා අතාරින එක මහ ලොකු දෙයක් නෙවෙයි.

ප්‍රශ්නය – පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් අන්තිම මොහොතේ දැම්මේ කොහොමද?

පිළිතුර – ඒක දාපු අයගෙන් අහන්න ඕන. එතැන වෙන ඩීල් යනවා. සමහරු හිතනවා එයා ඉදිරිපත් වෙනවා කියලා. ජනාධිපතිතුමා පරද්දන්න පරදින බව දැන දැන පොහොට්ටුවෙන් කෙනෙක් එවනවා. ඊළඟට පාර්ලිමේන්තු මැතිවරණයේදී යනවා සජිත් ගේ පිලට. ගිහින් ඇමතිකම් ගන්නවා. මොකද රනිල් පැරැද්දුවේ එයා කියලා හිතලා. රට ගැන හිතලා නෙවේ හැමෝම වැඩ කරන්නේ පුද්ගලවාදී දේශපාලනයක් තුලයි. එතනයි මේ රටට වරදින තැන.

ප්‍රශ්නය – මේ පරම්පරා ගත දේශපාලනය ඉවර කරලා මේ රට ඔබතුමාලා අතට ගන්න බැරිද?

පිළිතුර – හැමදාම මගේ පරමාදර්ශී නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා. නමුත් අද තත්ත්වය වෙනස්. ආර්ථික අර්බුදයෙන් රට බේරගත්ත නායකයාට දේශපාලන වේදිකාවක් හැදිලා තියෙනවා. සාම්ප්‍රදායික දේශපාලනය අපි වෙනස් කරලා තියෙනවා. UNP, ශ්‍රී.ල.නි.ප, මුස්ලිම් නායකයෝ මේ වේදිකාවට එකතු වෙනවා. මේ රටේ 77න් විශේෂයෙන්ම 94 න් පස්සේ මැතිවරණ තියද්දි සන්ධානගත දේශපාලන නායකයෝ තමා මේ රටේ බලය ගත්තේ. ඉතින් අද ඒ බලය රනිල් වික්‍රමසිංහ මහතාට එකතු වෙලා තියෙනවා. ඒක හොඳ ලකුණක්. රට ජාතිය ගැන හිතලා භේදයකින් තොරව වැඩ කරන්න තැනක් හැදිලා තියෙනවා.

ප්‍රශ්නය – පුළුල් සංන්ධානයකින්ද එන්නේ

පිලිතුර – මෙතුමා ස්වාධීන අපේක්ෂකයෙක් අනෙකුත් දේශපාලන පක්ෂ ඔහුවටා එකතු වෙනවා.

ප්‍රශ්නය – අද මේ රැස්වීමට සහභාගී වෙලා මේ තීරණ ගන්නේ කවුද?

පිලිතුර – මෙතනට ආවේ පළාත් පාලන මන්ත්‍රීවරු පමණයි. ඔවුන් එක හඬින් කිව්වේ මැතිවරණයේදී රනිල්ට සහය දෙන්න කියලා.

ප්‍රශ්නය – පොදුජන පෙරමුණේ තව එකතු වෙන්න අය ඉන්නවද?

පිලිතුර – සංඛ්‍යාත්මකව කියන්න බෑ. හෙට අනිද්දට නොහිතන අයත් එකතු වෙනවා අපිත් එක්ක.

– ප්‍රදීප් අනුර කුමාර

දිලිත්ගේ රොටිය වැඩ කරයි : ජනාධිපති අපේක්ෂකත්වය හිමිවෙයි : පාඩුව අනුරටයි !

මව්බිම ජනතා පක්‍ෂයේ නායක දිලිත් ජයවීර සර්වජන බලය සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස නම් කර ඇත.

ඒ එම සන්ධානයේ ජාතික සමුළුව කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගංගණයේ අද (04) පැවැත්වූ අවස්ථාවේදීය.

මෙහි වඩාත් සුවිශේෂ කරුණක් වන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ දේශපාලන‍ඥයන් කිහිපදෙනකු සර්ව ජනබලය සන්ධානය නියෝජනය කරන පසුබිමක මීට පෙර ප්‍රාදේශීය සභාවක් හෝ නියෝජනය කර නොමැති ජයවීර මහතා ජනාධිපති අපේක්ෂකත්වය ලැබීමය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පවසන්නේ රොටී කමින් ව්‍යවසායකත්ව සමාජයක් ගැන කියූ කතා වැඩකර ඇති බවය. එසේම දිලිත් ජයවීර ජනාධිපති අපේක්ෂකත්වය ලැබීමට පෙර සිට ජවිපෙ ප්‍රමුඛ මාලිමාවේ දේශපාලනය දැඩිව විවේචනය කළ බවත් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු කාල සීමාව තුළ එම තත්ත්වය තවදුරටත් වැඩිවනු ඇති අතර එය මාලිමාවේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර දිසානායක ට අවාසි සහගත තත්ත්වයක් නිර්මාණය කරනු ඇති බවත් ය. එසේම දැඩි ජවිපෙ හා මාලිමාවේ විවේචකයකු වන විමල් වීරවංශ මන්ත්‍රීවරයා ද මෙම සර්ව ජන බලය සන්ධානයේ විධායක කමිටුව නියෝජනය කරන බවද ඔවුන් සිහිපත් කරයි.

පොහොට්ටුවේ ජාතික කැඳවුම්කරුත් රනිල්ට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු රෝහිත අබේගුණවර්ධන ද ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහයෝගය දැක්වීමට තීරණය කර තිබේ.

කළුතර දිස්ත්‍රීක් ජනතාව, දේශපාලන අධිකාරිය ඇතුළු සියලුම නාගරික, ප්‍රාදේශීය මන්ත්‍රීතුමන්ලාගේ බලවත් ඉල්ලීම හේතුවෙන් මෙම තීරණය ගත් බවත්, ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී ක්‍රියාකිරීමට තීරණය කළ බවත් ඔහු සඳහන් කළේය.

කළුතරදී අද පෙරවරුවේ විශේෂ ජන හමුවකදී ඔහු මෙසේ සඳහන් කළේය.

"රට මේ ඉදිරියට යන ගමන ජනතා විමුක්ති පෙරමුණට මේ රට දෙනවද ? උදේ කියන එක හවස දන්නේ නැති වැඩිපුර කථා කරන සජිත්ට 22 වෙනිදාට මේ රට දෙනවද ? මේ කයිය නායකවරුන්ට රට දෙනවද ? රට වෙනුවෙන් තීන්දුවක් ගන්වද ? ඒ නිසා ඔබට ඇහුම්කං දීලා, රටට ඇහුම්කං දීලා මම ඔබේ මතයට හිස නමමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ රටේ ජනාධිපති කරනවන වැඩපිළිවෙළට මම ලෑස්ති වෙනවා."

ජොනීගේ බලකොටුව හිල් කරයි : හේරත් වාරියපොලම රනිල්ට හරවයි !

රට යළි ගොඩ නැගීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙනයන වැඩපිළිවෙළට තවදුරටත් සහාය දැක්විය යුතු බවටත්, ඒ වෙනුවෙන් ඉදිරි ජනාධිපතිවරණයේදී ඔහුට සහාය දැක්විය යුතු බවටත් අද (03) රැස්වූ පොදුජන පෙරමුණේ වාරියපොල ආසනයේ බල මණ්ඩලය යෝජනා සම්මත කර ගෙන ඇත.

රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් විසින් පොදුජන පෙරමුණේ වාරියපොළ ආසන සංවිධායක ලෙස ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙම ආසන බල මණ්ඩල රැස්වීම අද පෙරවරුවේ කැඳවා තිබිණ.

මේ සඳහා වාරියපොළ ප්‍රාදේශීය සභාව නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන්, වාරියපොළ සමූපකාර අධ්‍යක්ෂ මණ්ඩලය, කොට්ඨාස කැඳවුම්කරුවන්, ආගමික නායකයින් ඇතුළු සියළු දේශපාලනික ක්‍රියාකාරිකයින් සහභාගී වූ බව වාර්තා වේ.

කුරුණෑගල දිස්ත්‍රික් නායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මෙතෙක් ජනාධිපතිවරයාට සහාය දැක්වීමට තීරණය කර නොමැති අවස්ථාවක මෙම තීන්දුව සුවිශේෂී බව දේශපාලනික විචාරකයින්ගේ මතය වී තිබේ.

ලබන වසරේ සිට තරුණ තරුණියන්ට රැකියා - ජනපති රනිල්

තරුණ තරුණියන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ ලබන වසරේ සිට ආරම්භ කරන බවත් රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද නව රැකියා අවස්ථා ඔවුන් වෙනුවෙන් උදාකරදීම තම අරමුණ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

කොවිඩ් වසංගතය සහ ආර්ථික කඩා වැටීම හමුවේ ඉකුත් වසර 04 පුරා මෙරට තරුණ තරුණියන්ට රැකියා ලබාදිමට නොහැකි වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රට බංකොළොත්භාවයෙන් නිදහස් කර ගැනීමත් සමඟ නව රැකියා අවස්ථාවන් බිහි කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් රට ඉදිරියට ගෙන යාමේ අවස්ථාව උදා වී ඇති බවද කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ යාපනය වාලම්පූරි හෝටලයේ ඊයේ (02) පැවති තරුණ හමුවට එක් වෙමිනි.

“දීප්තිමත් අනාගතයත් සඳහා වූ ගමනක්” මැයෙන් සංවිධානය කර තිබු මෙම හමුවට යාපනය දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් විශාල පිරිසක් එක්ව සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ තරුණ තරුණියන්ගේ අපේක්ෂාවන් රජය කිසිවිටෙකත් අමතක කර නොමැති බවයි.

මූල්‍ය ගැටලු හමුවේ වුවද ගුරු පුරප්පාඩු පිරවීම වෙනුවෙන් මේ වසරේ රජය මුදල් වෙන් කළ බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගුරුවරුන් බඳවා ගැනීම වෙනුවෙන් ලබන වසරේ වැඩි මුදලක් ලබා දීමට කටයුතු කරන බවද කියා සිටියේය.

එමෙන්ම ස්වයං රැකියාවල නිරත වීමට කැමති තරුණ තරුණියන් වෙනුවෙන් සහනාධාර ණය ක්‍රමයක් හඳුන්වා දී තිබෙන බවත්, කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සමඟ සම්බන්ධ වෙමින් ඉදිරියට යාමට ද තරුණ තරුණියන්ට අවස්ථාවට උදාකර දෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

තරුණ තරුණියන් ඉදිරිපත් කළ ප්‍රශ්න කිහිපයකට ද මෙහිදී සාධනීය පිළිතුරු ලබා දුන් ජනාධිපතිවරයා ඔවුන්ගේ තොරතුරු විමසමින් සුහද කතා බහකට එක්විමට ද අමතක නොකළේය.

මෙහිදී තරුණයෙකු මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ ඉදිරියේ දී පෞද්ගලික අංශයේ රැකියා සඳහා බඳවා ගැනීමේ දී පළපුරුද්ද පිළිබඳ නොතකා එම බඳවා ගැනීම් සිදු කරන ලෙස පෞද්ගලික අංශයෙන් ඉල්ලා සිටීමට කටයුතු කරන බවයි.

උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාර්ල්ස් , රාජ්‍ය අමාත්‍යවරුන් වන ආචාර්ය සුරේන් රාඝවන්, කාදර් මස්තාන් , පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, හිටපු අමාත්‍ය රවී කරුණානායක , හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Youth Programme 06

ප්‍රසන්න ගිහින් රත්නපුරේ පොහොට්ටු සේරම රනිල්ට හරවගෙන : පවිත්‍රා ළඟදීම එනවා ‍!

රත්නපුර දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් බහුතරය මෙන්ම , හිටපු පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරුන් සියලු දෙනා, එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය පළ කිරීමට තීරණය කර ඇත.

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙන් අද (03) රත්නපුර ශ්‍රී රම්‍යා හෝටලයේ පැවැති සාකච්ඡාවකදී එම පක්ෂ මහජන නියෝජිතයන් මෙම තීරණයට එළඹ තිබේ.

අද පැවති සාකච්ඡාව සඳහා රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 08න් හතර දෙනෙකු පැමිණ සිටියහ.

ඒ ජානක වක්කුඹුර, ප්‍රේමලාල් ජයසේකර, අකිල් එල්ලාවල සහ මුදිතා ප්‍රිශාන්ති මන්ත්‍රීවරියයි.

පොදුජන පෙරමුණෙන් තේරී පත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ජෝන් සෙනෙවිරත්න මන්ත්‍රීවරයා දැනටමත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය පළ කරන බව පවසා තිබේ.

මේ අතර වාර්තා වන්නේ පොදුජන පෙරමුණ පක්ෂයෙන් තරග කළ ගාමිණි වලේබොඩ මන්ත්‍රීවරයා දැනට සජිත් ප්‍රේමදාස ට එකතු වීමේ සුදානමක සිටින බවත් ආසන සංවිධායක ධූරයේ ගැටළුවක් නිසා එය ප්‍රමාද වී ඇති බවත් ය.

වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා මේ වනවිට අසනීප තත්ත්වය නිසා ඔහු නායකත්වය දැරෑ ප්‍රජාතන්ත්‍රවාදී වමාංශික පෙරමුණ නායකත්වයෙන් ඉවත්ව ක්‍රියාකාරී දේශපාලනයෙන්ද ඈත්ව සිටියි.

රත්නපුරේ පොහොට්ටු දිස්ත්‍රික් නායිකාව වන පවිත්‍රා වන්නිආරච්චි තවමත් තීන්දුවක් ගෙන නොමැති නමුත් පසුගියදා ඇය නායකත්වය ලබාදෙන පැල්මඩුල්ල ආසනයේ පැවැති සිය ක්‍රියාකාරී හමුවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට මහතාට සහාය පල කිරීමට බලකෙරී ඇත.

එහිදී සිදුකළ රහස් මත විමසුමේදී සාතිශය බහුතරය එම මතය නියෝජනය කර ඇති බවද වාර්තා වෙයි.

මේ අතර අද පැවැති සාකච්ඡාවේදී අනාවරණය වූයේ රත්නපුර දිස්ත්‍රික්කයේ පොහොට්ටු සංවිධායකවරු 08 දෙනාගෙන් 07 දෙනෙකුම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය පළ කරන බවයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ පාලන ආයතන සංඛ්‍යාව 16කි. ඒ මහ නගර එකක්, නගර සභා දෙකක් සහ ප්‍රාදේශීය සභා 13ක් ලෙසයි. රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන නියෝජනය කරන පොහොට්ටුවේ සාමාජිකයන් සහ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 160යි. ඉන් 150ක්ම මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

රත්නපුර දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ සාමාජිකයන් වන පළාත් සභා මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 06කි. ඔවුන් සියළු දෙනාම මෙම රැස්වීමට සහභාගී වී සිටියහ.

මෙම සාකච්ඡාවේදී අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග කියා සිටියේ තමන් තවමත් පොදුජන පෙරමුණ පක්ෂයේ සාමාජිකයකු බවයි.

කිසිසේත් පොහොට්ටුව අත්නොහරින බවත් එක්සත් ජාතික පක්ෂයට නොයන බවත් පැවසු ඇමතිවරයා තමන් මෙය හෘද සාක්ෂියට එකඟව ගත් තීරණයක් නිසා පක්ෂය ගනු ලබන ඕනෑම ක්‍රියාමාර්ගයකට මුහුණ දීමට සුදානම් බවද සඳහන් කළේය.

පක්ෂය යනු පාක්ෂිකයන් බවත් පාක්ෂික මතයට කන් නොදී පුද්ගලික මතයන්ට ඉඩ දි කටයුතු කළහොත් එවැනි පක්ෂවලට පැවැත්මක් නැති බව පැවැසූ ඇමතිවරයා පක්ෂය දැන්වත් පාක්ෂිකයන්ගේ හඩට කන්දිය යුතු බව අවධාරණය කළේය.

“මම රනිල්ගේ ගොට්ටෙක් නෙමෙයි. මම තවමත් හදවතින් පොහොට්ටුවේ. මහින්ද මහත්තයා තවමත් මගේ පරමාදර්ශී නායකයා. පක්ෂය දෙකඩ වුනොත් වාසිය කාටද කියලා මම හොඳට දන්නවා. එහෙමයි කියලා මැයි 09 වැනිදා වෙච්ච දේ ආයෙත් අපේ පාක්ෂිකයන්ට වෙන්න දෙන්න බෑ.” යැයිද ඇමතිවරයා මෙහිදී අවධාරණය කළේය.

රැස්වීම ඇමතූ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සඳහන් කළේ මෙම රැස්වීමට කැඳවුයේ පොහොට්ටුවේ පක්ෂ සාමාජිකත්වය දරණ මහජන නියෝජිතයන් පමණක් බවයි.

දේශපාලන අත්දැකීමක් නැති අයෙකුට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීමට තමන් දැඩි ලෙස විරුද්ධ ලෙස පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා රට බේරාගත් නායකයාට තමන්ගේ තිබෙන ආදරයේ වෙනසක් නොමැති වුවත් මේ මොහොතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය පළ කිරීම හැර පොහොට්ටු පාක්ෂිකයන් රැකීමට වෙනත් වැඩපිළිවෙලක් නොමැති බවද කීවේය.

“ඕබේ මතය අපේ මතය ජනතාවගේ මතය රනිල්ට. 29 වැනිදා වෙනකන් පක්ෂයේ බහුතර මතය තිබුණේ ඉදිරි වසර පහත් මේ රට පාලනය කරන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට දෙන්නයි. නමුත් 29 වැනිදා දේශපාලන මණ්ඩලය කියලා අපි නොදන්නා මිනිස්සුන් ගෙනල්ලා ඒ තීන්දුව වෙනස් කළා. අපි අපේ තීන්දුව ගත්තේ අපේ නායකයා වන මහින්ද රාජපක්ෂ ජනාධිපතුමාව දැනුවත් කරලයි. එතුමා හිටියෙත් අපේ මතයේ. අපේ දිස්ත්‍රික් නායිකාව පවිත්‍රා ඇමතිතුමිය ගතින් එතැන සිටියත් හිතින් අපේ ළඟයි.

පළාත් සභා මැතිවරණය පරණ ක්‍රමයට තියන්න අපි තීරණය කරලා තියෙනවා. ජනාධිපතිවරණයෙන් පස්සේ අපි ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නවා. පළාත් පාලන මැතිවරණය ඉක්මනින් තියලා ඔබේ ප්‍රශ්න විසඳනවා.”

මෙහිදී අදහස් දැක්වූ ප්‍රේමලාල් ජයසේකර රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේ පක්ෂය කුමන තීන්දුවක් ගත්තද තමන් රනිල් වික්‍රමසිංහ ට සහාය පළ කරන බවයි. ගෙවි ගිය වසර දෙක තුළ රට වෙනුවෙන් ඔහු කළ සේවය අගයමින් මෙය සිදුකරන බවද රාජ්‍ය ඇමතිවරයා කීවේය.

රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල සඳහන් කළේ කවුරු කුමක් කීවද රත්නපුර පොහොට්ටුව රනිල් වික්‍රමසිංහ ට සහාය පළ කරන බවයි.

මේ වනවිට පොහොට්ටුවේ සියයට 95ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ බවත් ඉතිරි සියයට 05ද හෙට අනිද්දාම රනිල්ට වික්‍රමසිංහ මහතාට සහාය පල කිරීමට එනු ඇතැයි අපේක්ෂා කරන බවද මන්ත්‍රීවරයා කීවේය.

රැස්ව සිටි රත්නපුර දිස්ත්‍රික්කයේ සියළුම පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන පොහොට්ටු මහජන නියෝජිතයන් අත ඔසවා ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ට සහාය පළ කරන බවට ප්‍රතිඥා දුන්හ.

මේ අතර දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ ඉදිරියේදී පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් නායිකාව වන පවිත්‍රා වන්නිආරච්චි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය දෙමින් තීන්දුවක් ගැනීමට නියමිත බවය.

දයාසිරි, තිලංග සහ පියදාස සජිත් සරණ යති !

ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට සහාය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

ඔහු ඒ බව සඳහන් කර සිටියේ අද (03) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයින් වන තිලංග සුමතිපාල සහ රෝහණ ලක්ෂ්මන් පියදාස ද එක්ව සිටියහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මෙසේද පැවසීය.

"අලුත් කණ්ඩායමකට රට භාර දෙන්නට නම් සමගි ජන බල සනධානයේ එවැනි ශක්තිමත් නායකයින් ගණනාවක් ඉන්නවා. ඒ අයත් එක්ක එකතුවෙලා මේ ගමන ඉදිරියට යා යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ ක්‍රියාදාමය යනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ අන්‍යයතාවය තියාගෙන පක්ෂය විදිහට වෙනම ඡන්ද ව්‍යාපාරයක් අපි ක්‍රියාත්ම කරනවා. අපේ ආදරණීය පාක්ෂිකයින්ගෙන් අපි ඉල්ලනවා අපි ගත්තේ මේ වෙලාවේ ගතයුතු නිවැරදිම තීරණය කියලා."

ජනපති උදයන් පුවත්පතේ කාර්ය මණ්ඩලය හමු වෙයි !

ජනවාර්ගික ගැටළුවට ස්ථිර විසඳුමක් අවශ්‍ය බව තමන්ද පිළිගන්නා නමුත් මේ අවස්ථාවේ කළ යුතුව ඇත්තේ ජාති, ආගම් බේදයෙන් තොරව රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට ශ්‍රී ලාංකිකයන් ලෙස සියලුදෙනා එක්වීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අද (03) පෙරවරුවේ යාපනය උදයන් පුවත්පතේ කාර්යාලයේදී එහි කාර්ය මණ්ඩලය සමඟ හමුවකට එක් වෙමිනි. පළාතේ සෙසු මාධ්‍යවේදින් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

යාපනයේ සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම සංචාරය අතරතුර දී මෙම හමුවට එක් විය.

එහිදී උදයන් පුවත්පතේ ප්‍රධාන විධායක නිළධාරි පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ. සරවනභවන්, ප්‍රධාන කර්තෘ තා. ප්‍රභාකරන් යන මහත්වරුන් ඇතුළු කාර්ය මණ්ඩලය ජනාධිපතිවරයාව ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබීය.

අනතුරුව මාධ්‍යවේදින් සමඟ සුහද කථා බහකට එක්වූ ජනාධිපතිවරයා ඔවුන් මතු කළ ප්‍රශ්න කිහිපයකට ද සාධනීය පිළිතුරු ලබා දුන්නේය.

රටේ ප්‍රධාන ප්‍රශ්නය බවට පත්ව තිබුනේ රට බංකොලොත්භාවයෙන් නිදහස් කර ගැනීම බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ජූනි මාසයේදී එම ප්‍රශ්නය විසඳා ගැනීමට හැකි වූ බැවින් මේ වන විට අනෙක් ගැටළුවලට විසඳුම් ලබාදීම පිළිබඳ අවධානය යොමු කිරීමට අවස්ථාව ලැබී ඇති බවද සඳහන් කළේය.

පසුගිය දින දෙක පුරා තමා යාපනයේ සිදු කළ සංචාරයේ දී මුණ ගැසුණු තරුණ තරුණියන්ගේ මූලික ඉල්ලීම් වුයේ රැකියා ලබා ගැනීම සහ අනාගත ස්ථාවරභාවය බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා උතුර සහ දකුණ කියා තරුණ තරුණියන්ගේ අපේක්ෂාවන්හි වෙනසක් නොවන බවද පැවසීය.

පළාත් සභා ශක්තිමත් කරමින් ඒ ඒ පළාත්වල සංවර්ධනය වෙනුවෙන් පුළුල් අවකාශයක් ගොඩනගාදීම තම අරමුණ බව ද සඳහන් කළ ජනාධිපතිවරයා එම සෑම පළාතක් වෙනුවෙන් මධ්‍යම රජයේ සහාය ලබා දීමට කටයුතු කරන බවද වැඩිදුරටත් කියා සිටියේය.

නාමල්ගේ තීරණයට පිටුපෑ මන්ත්‍රීවරුන්ට සාගරගෙන් රතු ලිපියක් !

පක්ෂයේ තීරණවලට එරෙහිව කටයුතු කරන මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය තරාතිරම නොබලා අහෝසි කිරීමට පියවර ගන්නා බව දැනුම් දෙමින් පොදු ජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් රනිල් වික්‍රමසිංහ ගේ සහායට ගිය මන්ත්‍රීවරුන්ට ලිපියක් යවා ඇති බව වාර්තා වෙයි.

එසේ ගිය මන්ත්‍රීවරුන්ට විනය ක්‍රියාමාර්ග ගැනීමට පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණය කර ඇතැයිද එම ලිපියේ සඳහන් බවද වාර්තා වෙයි.

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා පවසන්නේ සාගර කාරියවසම්ලා මොන තීරණ ගත්තත් රට ජනතාව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහයෝගය දැක්වීමට ගනුලැබූ තීන්දුවේ කිසිදු වෙනසක් සිදුනොවන බවයි.

උතුරේ පවතින ඉහළ ආර්ථික විභවයන් උතුරේත්, රටේත් දියුණුවට !

යාපනය ඇතුළු උතුරු පළාතේ ජනතාව බොහෝ කලක සිට ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දෙන නමුත් ප්‍රයෝජනයට ගත හැකි විශාල ආර්ථික විභවයක් එම පළාතේ පවතින බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම අවස්ථාවන් උතුරු පළාත ඇතුළු සමස්ත රටේම ආර්ථික වර්ධනයට දායක කර ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව පැවසිය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ යාපනය දිස්ත්‍රික්කයේ විද්වතුන්, වෘත්තියවේදීන් සහ ව්‍යවසායකයන් සමඟ ඊයේ (02)යාපනය වාලම්පුරි හෝටලයේ පැවති හමුවේදී ය.

මැතිවරණ වේදිකාවල විවිධ පොරොන්දු දෙමින් ඒවා ඉටු කිරීමට ණය ගැනීම මත මෙරට ආර්ථික මෙන්ම දේශපාලන ක්‍රමයද කඩා වැටුණු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා නැවත එම වරද සිදුවීමට ඉඩ නොතබා නව ආර්ථික සහ දේශපාලන ක්‍රමවේදයක් ඔස්සේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට දායක වීම මෙරට උගතුන්, වෘත්තීයවේදීන්, ව්‍යවසායකයන් ඇතුළු සියලුදෙනාගේ වගකීම බවද පෙන්වා දුන්නේය.

මෙරට ජනවාර්ගික ප්‍රශ්නය ද කඩිනමින් විසඳා ගත යුතු බව පැවසු ජනාධිපතිවරයා බහුතරයක් වූ සිංහල හා බෞද්ධ ජනතාවට ප්‍රමුඛ ස්ථානයක් හිමි වුවද සැමට එක හා සමානව සැලකීම ඉතා වැදගත් බවත්, ජනවාර්ගික සහ ආගමික කණ්ඩායම් අතර මෙන්ම කාන්තා සහ පුරුෂ දෙපාර්ශ්වය අතර සමානාත්මතාවය ඇතිකිරීම ද මීට ඇතුළත්වන බවත් සඳහන් කළේය.

එසේම සිංහල භාෂාව සේම දෙමළ භාෂාව ද ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා නුදුරු අනාගතයේ තමිල්නාඩුවේ සිදුවීමට නියමිත ආර්ථිකය වර්ධනයත් සමඟ දෙමළ භාෂාව කතා කරන ශ්‍රී ලාංකිකයන්ට අන් අයට නොලැබෙන අවස්ථා උදාවනු ඇති බවද කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසිය,

මුලින්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් වැඩසටහන යටතේ යම් මට්ටමකට බදු පැනවීමට එකඟ වූ නමුත් ඉන්පසුව පැමිණි රජය මැතිවරණ පොරොන්දුවක් මත බදු අඩු කළා. එය රජයේ ආදායම් අඩුවීමට හේතු වූ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද එම වැඩසටහනෙන් ඉවත් වුණා. අපට එම වරද නැවත කිරීමට හැකියාවක් නැහැ. රටක් ලෙස ඉදිරියට යන විට අප අපේ දේශපාලන ක්‍රමය ද වෙනස් කළ යුතුයි.

පසුගිය ආර්ථික අර්බුදය හමුවේ රටේ අග්‍රාමාත්‍ය ධූරය භාරගැනීමට කිසිවෙකු කැමැත්තක් දැක්වූයේ නැහැ. රටේ නායකත්වය භාර ගැනීමට හැකි අයෙකු සොයා ගැනීම ගැටළුවක් බවට පත් වුණා. ජනාධිපතිවරයා ඉවත්ව ගිය පසු මට ද ඉල්ලා අස්වෙන ලෙස පැවසුවත් වගකීම් භාරගැනීමට කිසිවෙක් කැමැති වූයේ නැහැ. ණය ගැනීම සහ හිස් පොරොන්දු මත පවත්වාගෙන ගිය මෙරට ආර්ථික සහ දේශපාලන ක්‍රමවේදයේ බිඳවැටීම මෙයින් පෙන්නුම් කෙරෙනවා.

අප අපගේ දේශපාලන ක්‍රමය පිළිබඳ නැවත සිතා බලා දැඩි තීරණ ගත යුතුයි. යහපත් අනාගතයක් සඳහා රටට නව දේශපාලන ක්‍රමයක් අවශ්‍යයි. එය ව්‍යවස්ථාව හෝ නායකත්වය යන කරුණුවලට සිමා නොවන අතර වගකීම භාර ගැනීමට හැකි ධෛර්ය සම්පන්න නායකයින් සිටීම ද අත්‍යාවශ්‍යයි.

ඒ වගේම අප සියලුදෙනා එකට එක්ව මෙම ගමන යා යුතුයි. සිංහල සහ දෙමළ ජනවාර්ගික ප්‍රශ්න ද අප කඩිනමින් විසඳා ගත යුතුව තිබෙනවා. බහුතරයක් වූ සිංහල හා බෞද්ධ ජනතාවට ප්‍රමුඛ ස්ථානයක් හිමි වුවද සැමට එක හා සමානව සැලකීම ඉතා වැදගත් බව සඳහන් කළ යුතුයි. ජනවාර්ගික සහ ආගමික කණ්ඩායම් අතර මෙන්ම කාන්තා සහ පුරුෂ දෙපාර්ශ්වය අතර සමානාත්මතාවය ඇතිකිරීම ද මීට ඇතුළත් වෙනවා.

රටෙන් අඩක් පමණ පිරිසක් නියෝජනය කරන කාන්තාවන්ට පාර්ලිමේන්තුව තුළ නිසි නියෝජනයක් නැහැ. අප මෙය විසඳා ගත යුතුයි. අප සිංහල භාෂාව සේම දෙමළ භාෂාව ද ප්‍රවර්ධනය කළ යුතුයි. නුදුරු අනාගතයේ තමිල්නාඩුවේ සිදුවීමට නියමිත ආර්ථිකය වර්ධනයත් සමඟ දෙමළ භාෂාව කතා කරන ශ්‍රී ලාංකිකයන්ට අන් අයට නොලැබෙන අවස්ථා උදාවනු ඇතියි.

ඒ වගේම අපි රටේ සියලු පළාත් එක ලෙස සංවර්ධනය කළයුතුයි. මම අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරන අවධියේදී යාපනය රටේ ප්‍රධාන නගරවලින් එකක් වූ නමුත් පසුව එය පසුගාමී තත්ත්වයට පත්වුණා. දැන් යුද්ධය අවසන් වී තිබෙනවා. එනිසා යාපනය සහ උතුරු පළාත සංවර්ධනය කිරීමට කාලය උදාවී තිබෙනවා.

දිළිඳුකම පිටුදැකීම, කෘෂිකාර්මික නවීකරණය වැනි ප්‍රාදේශීය සංවර්ධනය සඳහා අප පළාත් සභාවලට වැඩි බලයක් ලබාදිය යුතුයි.

ජාතික ඉඩම් කොමිෂන් සභාව සහ සත්‍ය හා ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිෂන් සභාව ගැසට් කිරීමට අප කටයුතු කරමින් සිටිනවා.

එමෙන්ම කාන්තා සහ තරුණ නියෝජනය ඇතුළත් වන ආකාරයටත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පළාත් සභාව තුළ මෙන්ම පාර්ලිමේන්තුව තුළද එකවර කටයුතු කිරීමට ඉඩ සැලසෙන පරිදි පළාත් සභා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මෙමගින් මධ්‍යම රජය සහ පළාත් පරිපාලන යාන්ත්‍රණය ඒකාබද්ධ කෙරෙනවා.

යාපනයට පුනර්ජනනීය බලශක්තිය, සංචාරක ව්‍යාපාරය සහ කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් විශාල විභවයක් පවතිනවා. ආයෝජන කලාප සංවර්ධනය කිරීමටත්, ත්‍රිකුණාමල වරාය සංවර්ධනය සහ ඉන්දියාව සමඟ ගොඩබිම් සම්බන්ධතාව ඇතිකර ගනිමින් එය රටේ සංවර්ධනයට දායක කර ගැනීමට අප සැලසුම් කර තිබෙනවා.

යාපනය සහ උතුරු පළාතේ ජනතාව බොහෝ කාලයක් පීඩාවට පත්වුණා. නමුත් අප විසින් ප්‍රයෝජනයට ගත යුතු විශාල විභවයක් මේ පළාතේ පවතිනවා.රටට වෙනසක් අවශ්‍යයි. අපට පැරණි ක්‍රමය අනුව ඉදිරියට යා නොහැකියි. යහපත් අනාගතයක් වෙනුවෙන් පවතින ක්‍රමය වෙනස් විය යුතුයි. වෛද්‍යවරුන්, නීතිඥයන් සහ සිවිල් සමාජයේ නායකයින් ලෙස ඔබ ඒ සඳහා පෙරමුණ ගත යුතුයි.

අප සියලු දෙනාම නව ශ්‍රී ලංකාවක් වෙනුවෙන් එක්ව වැඩ කළ යුතුයි. 2022 වසරේ අපට එල්ල වූ දුෂ්කරතා කෙරතම් පීඩාකාරී වුවද අප සියලුදෙනා දැඩි අධිෂ්ඨානයෙන් එයට මුහුණ දුන්නා. අප රට දියුණු කිරීමේ අභියෝගය ද ජයග්‍රහණය කරමු. එහිදි අලුතින් සිතා අලුත් ගමකට එක්වෙමු කියා මා සියලුදෙනාට ආරාධනා කරනවා.

මෙහිදී වෘත්තීයවේදීන් සහ ව්‍යවසායකයන් විසින් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට ද ජනාධිපතිවරයා සාධනීය පිළිතුරු ලබා දුන් අතර රටේ ඉදිරි සංවර්ධන ගමන වෙනුවෙන් ඔවුහු සිය අදහස් සහ යෝජනා ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළහ.

උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාර්ල්ස් , රාජ්‍ය අමාත්‍යවරුන් වන ආචාර්ය සුරේන් රාඝවන්, කාදර් මස්තාන් , පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක , හිටපු අමාත්‍ය රවී කරුණානායක, හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සැප්තැ­ම්බරයේ සිට විශ්‍රා­මි­ක­යන්ට රුපි­යල් 3000ක දීම­නා­වක්

එළ­ඹෙන සැප්තැ­ම්බර් මාසයේ සිට සියලු රාජ්‍ය විශ්‍රා­මි­ක­යන්ට රුපි­යල් 3000ක අන්ත­ර්කා­ලීන දීම­නා­වක් ලබා­දී­මට ආණ්ඩුව තීර­ණය කළ බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සිය­ඹ­ලා­පි­ටිය  ප්‍රකාශ කරයි.

රාජ්‍ය සේවය තුළ සියලු විශ්‍රා­මි­ක­යන් වෙත දැනට ලබා­ දෙන රුපි­යල් 2500ක දීම­නා­වට අම­ත­රව රුපි­යල් 3000ක් එක්කොට එළ­ඹෙන සැප්තැ­ම්බර් මාසයේ සිට රුපි­යල් 5500ක අන්තර්කාලීන දීම­නා­වක් ලබා­ දී­මට පිය­වර ගෙන ඇති බව රංජිත් සිය­ඹ­ලා­පි­ටිය පැව­සීය.

රාජ්‍ය සේවක වැටුප් විෂ­මතා පිළි­බඳ සියුම්ව සලකා බල­මින් අදාළ ඉදිරි සංශෝ­ධන සිදු­කි­රීම පිණිස ජනා­ධි­ප­ති­තු­මන්ගේ උප­දෙස් පරිදි යූ. ආර්. සෙනෙ­වි­රත්න මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් විශේ­ෂඥ කමි­ටු­වක් මෑතක දී පත්ක­රන ලද බවත්, එම­ඟින් සිදු­කෙ­රෙන සමා­ලෝ­චන අනුව 2025 වසරේ සිට සංශෝ­ධිත වැටුප් ව්‍යූහය ක්‍රියා­ත්මක කරන තෙක් විශ්‍රා­මික රාජ්‍ය සේව­ක­යින් වෙත මෙම අන්ත­ර්කා­ලීන දීම­නාව ලබා­දී­මට කට­යුතු කරන බවත් ඇමැ­ති­ව­රයා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

මේ වන­විට රාජ්‍ය විශ්‍රා­මික ප්‍රජාව ලක්ෂ 7ක් පමණ විශ්‍රාම වැටුප් ලබන බවත්, ඒ අනුව 2024 වර්ෂය තුළ මෙම අන්ත­ර්කා­ලීන දීම­නාව ලබා­දීම වෙනු­වෙන් රුපි­යල් බිලි­යන 8.4ක අති­රේක විය­ද­මක් ආණ්ඩු­වට දැරී­මට සිදු­වන බව ඇමැ­ති­ව­රයා පෙන්වා දුන්නේය. රාජ්‍ය අය වැය කළ­ම­නා­ක­ර­ණය කිරීමේ අභි­යෝග මධ්‍යයේ වුව ද මෙම අන්ත­ර්කා­ලීන දීම­නාව ලබා­දී­මට පිය­වර රජය ගනු ලැබූවේ, විශ්‍රා­මික රාජ්‍ය සේව­ක­යින් මුහු­ණ­දෙන වත්මන් මූල්‍ය දුෂ්ක­රතා සැල­කි­ල්ලට ගනි­මින් බවද ඇමැ­ති­ව­රයා කීය.

මේ ලබා දෙනුයේ විශ්‍රා­මි­ක­යින්ගේ ගැට­ලු­වට ඉක්මන් කෙටි­කා­ලීන විස­ඳු­මක් ලෙස බව ද සිය­ඹ­ලා­පි­ටිය මහතා කීය. මීට සම­ගා­මීව ඇමැති සිය­ඹ­ලා­පි­ටිය මහතා සහ රාජ්‍ය සේවක විශ්‍රා­මි­ක­යන්ගේ ඒකා­බද්ධ ජාතික සංවි­ධා­නයේ නිල­ධා­රීන් අතර ඊයේ (02) පෙර­ව­රුවේ විශේෂ රැස්වී­මක් ද පැවති අතර විශ්‍රාම වැටුප් විශ­ම­තාව ඉවත් කිරීම සහ ජ්‍යෙෂ්ඨ පුර­වැ­සි­යන්ගේ පොලී අනු­පා­ති­කය ඉහළ නැංවිම සම්බ­න්ධව එහි දී සාක­ච්ඡා­වට ලක්කෙ­රිණි.එළ­ඹෙන සැප්තැ­ම්බර් මාසයේ සිට සියලු රාජ්‍ය විශ්‍රා­මි­ක­යන්ට රුපි­යල් 3000ක අන්ත­ර්කා­ලීන දීම­නා­වක් ලබා­දී­මට ආණ්ඩුව තීර­ණය කළ බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සිය­ඹ­ලා­පි­ටිය මහතා ප්‍රකාශ කරයි.

රාජ්‍ය සේවය තුළ සියලු විශ්‍රා­මි­ක­යන් වෙත දැනට ලබා­ දෙන රුපි­යල් 2500ක දීම­නා­වට අම­ත­රව රුපි­යල් 3000ක් එක්කොට එළ­ඹෙන සැප්තැ­ම්බර් මාසයේ සිට රුපි­යල් 5500ක අන්තර්කාලීන දීම­නා­වක් ලබා­ දී­මට පිය­වර ගෙන ඇති බව රංජිත් සිය­ඹ­ලා­පි­ටිය  පැව­සීය.

රාජ්‍ය සේවක වැටුප් විෂ­මතා පිළි­බඳ සියුම්ව සලකා බල­මින් අදාළ ඉදිරි සංශෝ­ධන සිදු­කි­රීම පිණිස ජනා­ධි­ප­ති­තු­මන්ගේ උප­දෙස් පරිදි යූ. ආර්. සෙනෙ­වි­රත්න මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් විශේ­ෂඥ කමි­ටු­වක් මෑතක දී පත්ක­රන ලද බවත්, එම­ඟින් සිදු­කෙ­රෙන සමා­ලෝ­චන අනුව 2025 වසරේ සිට සංශෝ­ධිත වැටුප් ව්‍යූහය ක්‍රියා­ත්මක කරන තෙක් විශ්‍රා­මික රාජ්‍ය සේව­ක­යින් වෙත මෙම අන්ත­ර්කා­ලීන දීම­නාව ලබා­දී­මට කට­යුතු කරන බවත් ඇමැ­ති­ව­රයා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

මේ වන­විට රාජ්‍ය විශ්‍රා­මික ප්‍රජාව ලක්ෂ 7ක් පමණ විශ්‍රාම වැටුප් ලබන බවත්, ඒ අනුව 2024 වර්ෂය තුළ මෙම අන්ත­ර්කා­ලීන දීම­නාව ලබා­දීම වෙනු­වෙන් රුපි­යල් බිලි­යන 8.4ක අති­රේක විය­ද­මක් ආණ්ඩු­වට දැරී­මට සිදු­වන බව ඇමැ­ති­ව­රයා පෙන්වා දුන්නේය. රාජ්‍ය අය වැය කළ­ම­නා­ක­ර­ණය කිරීමේ අභි­යෝග මධ්‍යයේ වුව ද මෙම අන්ත­ර්කා­ලීන දීම­නාව ලබා­දී­මට පිය­වර රජය ගනු ලැබූවේ, විශ්‍රා­මික රාජ්‍ය සේව­ක­යින් මුහු­ණ­දෙන වත්මන් මූල්‍ය දුෂ්ක­රතා සැල­කි­ල්ලට ගනි­මින් බවද ඇමැ­ති­ව­රයා කීය.

මේ ලබා දෙනුයේ විශ්‍රා­මි­ක­යින්ගේ ගැට­ලු­වට ඉක්මන් කෙටි­කා­ලීන විස­ඳු­මක් ලෙස බව ද සිය­ඹ­ලා­පි­ටිය මහතා කීය. මීට සම­ගා­මීව ඇමැති සිය­ඹ­ලා­පි­ටිය මහතා සහ රාජ්‍ය සේවක විශ්‍රා­මි­ක­යන්ගේ ඒකා­බද්ධ ජාතික සංවි­ධා­නයේ නිල­ධා­රීන් අතර ඊයේ (02) පෙර­ව­රුවේ විශේෂ රැස්වී­මක් ද පැවති අතර විශ්‍රාම වැටුප් විශ­ම­තාව ඉවත් කිරීම සහ ජ්‍යෙෂ්ඨ පුර­වැ­සි­යන්ගේ පොලී අනු­පා­ති­කය ඉහළ නැංවිම සම්බ­න්ධව එහි දී සාක­ච්ඡා­වට ලක්කෙ­රිණි.

අති විශේෂ අරක්කු මිල අඩු කරන්න දැනුම්දීමක් !

අති විශේෂ අරක්කු මිල අඩු කරන ලෙස සුරාබදු කොමසාරිස්වරයා විසින් මත්පැන් නිෂ්පාදකයන්ට දැනුම්දීමක් සිදුකර ඇති බව වාර්තා වෙයි.

මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ මත්පැන් නිෂ්පාදකයන් සමඟ සුරාබදු දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ හමුවකදී බවද දැනගන්නට ඇත.

එහිදී අරක්කු කාල බෝතලයක මිල රුපියල් සීයකින් අඩු කරන ලෙස දන්වා ඇති බවත් වාර්තා වන අතර මෙම දැනුම්දීම සිදුකර තිබෙන්නේ මත්පැන් මිල ඉහළ යාමෙන් පාරිභෝගිකයන් නීති විරෝධී මත්පැන් භාවිතයට පෙළඹීම වැඩි වී ඇති නිසා එය වළක්වා ගැනීමට බවත් වාර්තා වෙයි.

නමුත් මත්පැන් නිෂ්පාදකයන් ඊට එකඟතාවක් දක්වා නොමැති අතර සුරාබදු හා මත්පැන් නිෂ්පාදන වලට පනවා ඇති බදු ඉහළ නිසා මිල අඩු කිරීමට නොහැකි බව ඔවුන් පවසා ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

පොහොට්ටුවේ ඉතිරි මන්ත්‍රී පිරිසෙන් කොටසක් රනිල්ගේ සහායට එනවා - පියල්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැනට ඉතිරි වී සිටින මන්ත්‍රීවරුන් පිරිසෙන් තවත් කණ්ඩායමක් ඉදිරි දින කිහිපය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය පළ කිරීම සඳහා එක්වන බව රාජ්‍ය ඇමති පියල් නිශාන්ත සඳහන් කරයි.

පොදුජන පෙරමුණේ බහුතර මන්ත‍්‍රීවරුන් පිරිසක් ජනාධිපතිවරයාට සහාය ලබා දීමට තීරණයක් ගත්තේ පාක්ෂිකයන් හා හා රට ගැන සිතා බවද ඔහු සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මේ බව සඳහන් කර සිටියේ බම්බලපිටිය ලෝරිස් පෙදෙස පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ජනාධිපතිවරණ මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

‘පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය ඉතාම සුළු පිරිසක්, සියලු මන්ත්‍රීවරු එක්ක කතා කරානම් තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න තිබ්බා. මේක කීපදෙනකුගේ කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙළක්. බැසිල් සහ මහින්ද බොහෝම ප්‍රජාතන්ත්‍රවාදීව හොඳ තීරණයක හිටියා. හැබැයි එතැනට කුමන හෝ විෂබීජයක් ඇතුළු වුණා. කොහොම වුණත් අපිට පොදුජන පෙරමුණ හෝ අපේක්ෂකයෙක් එක්ක තරහක් හෝ තරගයක් නෑ’

උතුරේ ජල ගැටළුවට ස්ථීර විසඳුම් ලබා දීමට “යාපනයට ගංගාවක්”

දීර්ඝ කාලයක් පුරා පවතින උතුරේ ජල ගැටළුවට ස්ථීර විසඳුමක් ලබා දීම සඳහා (River for Jaffna) “යාපනයට ගංගාවක්” ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ “යාපනය – කිලිනොච්චි” ජල සම්පාදන ව්‍යාපෘතියේ තාලෛයාඩි මුහුදු ජල නිර්ලවණකරන පවිත්‍රාගාරය විවෘත කිරීමේ අවස්ථාවට අද (02) පෙරවරුවේ එක් වෙමිනි.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වැඩිදුරටත් සඳහන් කළේ උතුරේ සිවිල් යුද්ධය අවසන් වී මේ වන විට වසර 15ක් ගත වී ඇති බවත්, දැන් සියලුදෙනා එක්ව සංවර්ධන යුද්ධය ඉදිරියට ගෙන යා යුතු බවත්ය. ඉදිරි වසර 05-10 තුළ යාපනය දියුණු ප්‍රදේශයක් බවට පත් කිරීම තම අරමුණ බව පැවසූ ජනාධිපතිවරයා ඒ සඳහා එහි සියලු ජනතාවගේ සහාය අපේක්ෂා කරන බවද කියා සිටියේය.

යාපනය – කිලිනොච්චි ජල සම්පාදන ව්‍යාපෘතියේ තාලෛයාඩි මුහුදු ජල නිර්ලවණකරන පවිත්‍රාගාරය ආසියානු සංවර්ධන බැංකුවේ හා ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ප්‍රතිපාදන මත ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කෙරේ.

යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල පානීය ජල අවශ්‍යතාවය සපුරාලීම සඳහා ශ්‍රී ලංකා රජය 2011 වසරේ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සහ ප්‍රංශ සංවර්ධන බැංකුවේ (AFD) ආධාර ඇතිව යාපනය-කිලිනොච්චි දිස්ත්‍රික් ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය (JKWSSP) දියත් කරන ලදී.

මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ උතුරු පළාතේ යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල පුද්ගලයන් 300,000 කට පිරිසිදු පානීය ජලය සැපයීම සහ 80,000 ක ජනතාවක් සඳහා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමයි.

මෙහිදී මුහුදු ජලයේ ලවණ ඉවත් කිරීම සඳහා වන කම්හල ඉදිකිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මගින් 2017 වසරේදී ගිවිසුමකට එළැඹෙන ලදී.මේ වන විට, උස් ජල ටැංකි විස්සක් (සංඛ්‍යා 20) ඉදිකිරීම, සම්ප්‍රේෂණ නළ මාර්ග කිලෝමීටර 186ක් සැපයීම හා එළීම මෙන්ම බෙදා හැරීමේ නල මාර්ග කිලෝමීටර් 382ක් සම්පූර්ණ කර ඇත.

මෙම ලවණ ඉවත් කිරීමේ කම්හල සඳහා කොන්ත්‍රාත්තුව 2021 වසරේ ජනවාරි මාසයේදී ප්‍රදානය කර තිබේ. ව්‍යාපෘතියේ සම්පූර්ණ වියදම අමෙරිකානු ඩොලර් මිලියන 266ක් වන අතර යාපනය-කිලිනොච්චි ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය 2025 මැද භාගය වන විට අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙසේද පැවසීය,

මෙම ජල පවිත්‍රාගාරය ලංකාවේ ප්‍රධාන ජල පවිත්‍රාගාරය ලෙස ආරම්භ කෙරෙනවා. මෙම පවිත්‍රාගාරය ඉදිකිරීම සඳහා අවශ්‍ය භූමිය ලබාදුන් මෙම ප්‍රදේශයේ ජනතාවට මම ස්තූතිවන්ත වෙනවා. මෙම ගම්මානයට ග්‍රාම නිලධාරි කොට්ඨාසයක් වෙනම ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. එය ඉටුකරන ලෙස මම ආණ්ඩුකාරතුමියට උපදෙස් ලබා දෙනවා. මේ පවිත්‍රාගාරය ආරම්භ කිරීමත් සමඟ යාපනයේ පානීය ජල ගැටළුවට බොහෝ දුරට විසඳුම් ලැබෙනවා. ඉදිරියේ පුනරින් ප්‍රදේශයට ජලය ලැබෙන පාලිආරු ජලාශයේ කටයුතු ආරම්භ කිරීමටත් බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම යාපනයට ගංගාවක් වැඩසටහන ආරම්භ කිරීමට ද මම තිරණය කර තිබෙනවා. මේ පවිත්‍රාගාරය සහ යාපනයට ගංගාවක් වැඩසටහන ක්‍රියාත්මක වූ විට යාපනයේ ජල ප්‍රශ්නය සම්පුර්ණයෙන් විසඳෙනවා. එවිට වඩමාරච්චි ප්‍රදේශය නැවත සශ්‍රික ප්‍රදේශයක් බවට පත් වෙනවා. ඒ වගේම මෙම පානීය ජලය සඳහා අප මුදල් ගෙවිය යුතුයි. සුර්ය බලශක්ති ව්‍යාපෘති මගින් එම පිරිවැය අඩුකර ගැනිමට අප සැලසුම් කර තිබෙනවා. මෙම ප්‍රදේශයට බිංදු ජල සම්පාදනය (Drip Irrigation) වැනි වාරිමාර්ග ක්‍රම ගෙනවිත් නවීන කෘෂිකර්මාන්තය ආරම්භ කිරීමටත් කටයුතු කරනවා. අපි ජලයට මුදල් ගෙවනවා නම් අප ලබා ගන්නා ජලයෙන් උපරිම ලාභය ලබා ගැනීමටත් කටයුතු කළයුතුයි. මෙම වැඩසටහන් හරහා අප තවදුරටත් ආර්ථිකය ශක්තිමත් කළයුතුයි.

ඒ වගේම ඉන්දියාව සමඟ එක්ව කංකසන්තුරේ වරාය ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතව තිබෙනවා. සිමෙන්ති කර්මන්ත ශාලාව තිබු ස්ථානයේ ආයෝජන කලාපයක් ආරම්භ කරනවා. ඒ වගේම පලාලි දියුණු කළ විට එහි සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කළ හැකියි. විශේෂයෙන් මෙම ප්‍රදේශය ආශ්‍රිතව සුළං බලශක්තිය සහ සූර්ය බලශක්තිය විශාල වශයෙන් නිපදවිය හැකි අතර එයින් තවත් ආදායම් ලබාගත හැකියි. ඒ අනුව ඉදිරි වසර 05-10 තුළ යාපනය දියුණු ප්‍රදේශයක් බවට පත් කිරීමට නියමිතයි.

රජය යාපනය විශ්වවිද්‍යාල ඇති කිරීමට කටයුතු නොකරන්නේ මෙහි විශ්වවිද්‍යාල දෙක තුනක් ආරම්භ කිරීමට පළාත් සභාවට හැකියාව තිබෙන නිසයි.යුද්ධය අවසන් වී මේ වන විට වසර 20ක් පමණ ගතවි තිබෙනවා. දැන් අප සියලුදෙනා එක්ව සංවර්ධන යුද්ධය ආරම්භ කළයුතුයි.

මෙම පවිත්‍රාගාරය ලබා දුන් ආසියනු සංවර්ධන බැංකුවට මගේ විශේෂ ස්තූතිය පිරිනමනවා. අප බංකොළොත් රටක් බව ප්‍රකාශ කර තිබු සමයේත් ඔවුන් අප වෙනුවෙන් මෙම කටයුත්ත ඉටු කර දුන්නා. දැන් අපි අපේ නිල ණයකරුවන්ගේ කමිටුව සහ චීනය එක්සීම් බැංකුව සමඟත් ගිවිසුම් අත්සන් තබා තිබෙනවා. ඒ වගේම බැදුම්කර හිමියන් සමඟත් අපි එකඟත්වයට පැමිණ තිබෙනවා. නිල ණයකරුවන් සමඟ අප මේ වන විටත් එකඟත්වයට පැමිණ තිබෙන නිසා එම රටවල ආධාර දැන් අපට ලැබෙනවා. ජපානය මෙරට ආරම්භ කර අතරමග නැවතුණ ඔවුන්ගේ ව්‍යාපෘති නැවත ආරම්භ කරන බව ප්‍රකාශ කර තිබෙනවා. අනෙක් රටවල සංවර්ධන ව්‍යාපෘතිද ඉදිරියට ගෙන යනවා.

ඒ වගේම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ මම එකඟත්වයට පැමිණි ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන අතර එම ගිවිසුම් අත්සන් තැබීම මේ වන විට සිදු වෙනවා. දියර කිරි නිෂ්පාදනය දියුණු කිරීමට අමුල් සමාගම සමඟ කටයුතු ආරම්භ කර තිබෙනවා. අපි රටේ ආදායම් ඉහළ නංවාගත යුතුයි. අප මෙම වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතුයි. එවිට රටේ ආර්ථිකය දියුණු වෙනවා වගේම යාපනය මෙරට ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත් වෙනවා.

මේ පිළිබඳ විශේෂ උනන්දුවකින් කටයුතු කරන ජීවන් තොණ්ඩමන් ඇමතිතුමාට මා ස්තූති කරනවා. ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය සමඟ එක්වි කඳුකරයේ නව ගම්මාන ඉදිකිරීමට අපි කටයුතු කරනවා.

ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන්,

පානීය ජලය යනු මූලික අයිතිවාසිකමක්. එය පුරවැසියාට ලබා දීමට ආණ්ඩුව කටයුතු කරනවා. මේ ව්‍යාපෘතිය ආරම්භ කරන විට වියදම වැඩියි කියා ප්‍රශ්නයක් ආවා. නමුත් පුරවැසියන්ගේ පානීය ජල අවශ්‍යතාව තහවුරු කිරීමට අප මේ අභියෝගය භාර ගත්තා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ධූරය භාරගන්නා විට උතුරේ පානිය ජල සැපයුම 4%යි. අද සිට එය 40%ක් දක්වා වැඩි වෙනවා. මෙම ව්‍යාපෘතිය ගෙන ඒමේදී ගම්මාන කිහිපයක් ඉඩම් ලබාදීමට කැමැති වුණේ නෑ. නමුත් මේ ඉඩම ලබාදීම පිළිබඳ තලෙයිඅඩි ගම්මානයේ වැසියන්ට ස්තුතිවන්ත වෙනවා.

ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද,

දෙමළ ජනතාවට පිපාස කිහිපයක් තිබෙනවා. එනම් සංවර්ධනය සම්බන්ධව පිපාසයක්, අයිතීන් සම්බන්ධව පිපාසයක් වගේම පානීය ජල පිපාසයක් තිබෙනවා . ජනාධිපතිවරයා මේ පිපාසවලට විසඳුම් ලබාදෙමින් සිටිනවා . ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද මේ ප්‍රදේශයට පැමිණ තිබෙන්නේ උතුරේ ජනතාවගේ පානීය ජල අයිතිය ලබාදීමට යි. මේ පළාතේ ජනතාව තමන්ගේ අයිතිවාසිකම් දිනාගැනීමට ජනාධිපතිතුමා සමඟ සම්මුතියෙන් ඉදිරියටත් යා යුතු බව මා ප්‍රකාශ කරනවා.

උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම්. චාල්ස් මිය,

උතුරු පළාතේ මෙම දැවැන්ත පානීය ජල ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට සහාය වීම පිළිබඳ අප ජනාධිපතිතුමාට ස්තූතිවන්ත විය යුතුයි. 2015 වසරේදී එතුමා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාල සීමාව තුළ සමස්ත ව්‍යාපෘතිය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ඒ සඳහා අවශ්‍යව තිබූ අතිරේක මූල්‍ය පහසුකම් සලසා ගැනීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කළා. 2017 වසරේදී ආසියානු සංවර්ධන බැංකුව (ADB) සමඟ අතිරේක මූල්‍ය පහසුකම් සලසා ගැනීම සඳහා ගිවිසුමක් අත්සන් කිරීමත් සමඟ මෙම ව්‍යාපෘතිය තවදුරටත් ප්‍රගතියක් අත්කර ගත්තා. මෙම ගිවිසුම මඟින් මුහුදු ජලය නිර්ලවණ කරන පවිත්‍රාගාරය ක්‍රියාත්මක කිරීමට පහසුකම් සැලසූ අතර, එහි ඉදිකිරීම් සහ වසර පහක් ක්‍රියාත්මක කිරීම ඇතුළුව ව්‍යාපෘතියේ අතිරේක වියදම් ආවරණය කිරීම ද සිදුවුණා.

ජනාධිපතිතුමාගේ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල වෙසෙන ලක්ෂ 3ක පමණ ජනතාවගේ දීර්ඝ කාලීන අවශ්‍යතාවයක් වු සුරක්ෂිත පානීය ජල පහසුකම අද ලැබී තිබෙනවා. මීට අමතරව, යාපනය නගරයේ වෙසෙන පුද්ගලයින් 80,000කගේ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු වී ඇති අතර උතුරු පළාතේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට ද මින් සැලකිය යුතු ප්‍රතිලාභයක් ලැබී තිබෙනවා.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ආචාර්ය සුරේන් රාඝවන්, කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ධර්මලිංගම් සිද්ධාර්න්, අංගජන් රාමනාදන්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක , හිටපු අමාත්‍ය රවී කරුණානායක , හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

හුණුපිටිය ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර හිමි අපවත් වෙති : ආදාහන පූජෝත්සවය රාජ්‍ය ගෞරව සහිතව

හුණුපිටිය ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර හිමි (පොඩි හාමුදුරුවෝ) අපවත් වී තිබේ.

අද (02) උදෑසන ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් මත උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති අතර එහිදී අපවත් වී ඇත.

අපවත් වන විට උන්වහන්සේ 81 වැනි වියේ පසුවිය.

අපවත් වී වදාළ ගංගාරාම විහාරස්ථානයේ පූජ්‍ය ගලබොඩ ඤාණිස්සර නාහිමියන්ගේ (පොඩි හාමුදුරුවෝ) අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකිරීමට නියමිතය.

ඒ අනුව අගෝස්තු 05 වනදා සවස විහාරස්ථානයට යාබද ක්‍රීඩාංගණයේදී ආදාහන පූජෝත්සවය පැවැත් වෙන බව ආදාහන කාරක සභාව දැනුම් දී තිබේ.

ජනපතිවරණයට පොලිස් නිලධාරීන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට මාර්ගෝපදේශ මාලාවක්....

ජනාධිපතිවරණය වෙනුවෙන් පොලිස් නිලධාරීන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.

අදාළ මාර්ගෝපදේශ මාලාව පහත දැක්වේ.

police 1

gov 2

පොහොට්ටුවේ තවත් පිරිසක් රනිල්ගේ සහායට !

පොදුජන පෙරමුණේ තවත් පිරිසක් ඉදිරියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය ලබා දීමට එක් වීමේ සූදානමින් සිටින බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පැවසීය.

පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය දැක්විය යුතු බව පවසන පාර්ශ්වය ලෙස තවත් පක්ෂ එක් කර ගනිමින් නව සන්ධානයක් ගොඩනැගිමට තීරණය කර ඇතිබවද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංත්‍රීවරුන් 93 දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීමට ඊයේ (31) පැමිණි බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මේ වන විට ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනකු දකින්න ලැබුණත් පොදුජන පෙරමුණේ කියා අපේක්ෂකයකු පෙනෙන්නත් නැති බව ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Page 58 of 473