V2025

පුවත්

සියලුම අසභ්‍ය වෙබ් අඩවි තහනම් කිරීමට නියෝග

ශ්‍රී ලංකාව තුළ පවතින අනර්ථකාරි සියලු වෙබ් අඩවි තහනම් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය විදුලි සන්දේශ නියාමන කොමිසම වෙත ඊයේ (29) නියෝග නිකුත් කළාය.

වැරැදි සහගත ලෙස වෙබ් අඩවි අන්තර්ජාලයට ප්‍රවේශ කිරීම්, වෙබ් නාමයන් ලියාපදිංචි කිරීම්, ගෙවීම් කිරීම් හා සේවා සැපයුම්වල තොරතුරු වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන මෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම  විදුලි සන්දේශ නියාමන කොමිසම වෙත මෙහිදී නියෝග නිකුත් කළාය.

පහළොස් හැවිරිදි දැරියක අන්තර්ජාලය හරහා ලිංගික කටයුතුවල යෙදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වූ නඩුව අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී පෙර දින අධිකරණ නියෝග පරිදි අධිකරණය හමුවේ පෙනී සිටි විදුලි සංදේශ නියාමන කොමිසම වෙත මෙලෙස නියෝග නිකුත් විය.

විවිධ වෙබ් අඩවි මඟින් විවිධාකාරයේ මිනිස් වෙළෙඳාම හා ලිංගික අපයෝජන වන බවට කරුණු වාර්තා කරමින් මේ කටයුතු පාලනය කිරීම සහ මහජනතාවගේ සුබ සිද්ධිය උදෙසා අධිකරණයට මැදිහත් වන ලෙසට නීතිපති දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ළමා හා කාන්තා කාර්යාංශය එක්ව අධිකරණය හමුවේ කරනු ලැබූ ඉල්ලීම සලකා බලන බවට මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළාය.

ඒ අනුව සියලු කරුණු සලකා බලමින් දැනට පවත්නා තත්ත්වය ක්ෂණිකව පාලනය කිරීමට අධිකරණය මැදිහත් වී අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 124 ප්‍රකාරව අධිකරණ බලය පාවිච්චි කරන බවට මහේස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කරමින් ප්‍රකාශ කළාය.

ලංකා ඇඩ් ඩොට් කොම් :

බාල වයස්කාර දැරිය ලිංගික හිංසනයට ලක් කිරීම සඳහා මුලික වූ වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කළ ලංකා ඇඩ් ඩොට් කොම් වෙබ් අඩවියේ නිර්මාණ පරිපාලක රණසිංහ ආරච්චිලාගේ දුමින්ද සම්පත් පෙරේරා හා එම වෙබ් අඩවියේ හිමිකරු මාකේවෙළ ගෙදර ධනුක කෞශල්‍ය යන සැකකරුවන් ලබන 11 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද මහේස්ත්‍රාත්වරිය මෙහිදී නියෝග කළාය .

මෙම ප්‍රශ්නාර්ථ වෙබ් අඩවියේ නිර්මාණ පරිපාලක හා හිමිකරු ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කළ සැකකරුවනට ඔවුන්ගේ එම වෙබ් අඩවියේ මුරපද මුද්‍රා තබා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මෙහිදී මහේස්ත්‍රාත්වරිය සැකකරුවන්ට නියෝග කළාය

මෙම නඩුවේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් නව දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන අවසන් බවට පැමිණිල්ල ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය එක් අයකුට රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇප හා රුපියල් ලක්ෂ දහයක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළාය.

සෑම ඉරු දිනකම උදැසන 09- 12 අතර ළමා හා කාන්තා කාර්යාංශය හමුවේ පෙනී සිටීමට ද මහේස්ත්‍රාත්වරිය මෙහිදී සැකකරුවන්ට තවත් ඇප කොන්දේසියක් නියම කළාය.

හෝමාගම, ජ'පුර Online ළමා අපචාරවලට වැඩි වශයෙන් ගොදුරු වන ප්‍රදේශලු - මහාචාර්ය මුදිත විදානපතිරණ

ඔන්ලයින් හරහා දරුවන් හිංසනයට සහ විවිධ අපචාරවලට වැඩි වශයෙන් ගොදුරු වන ප්‍රදේශ දෙකක් හැටියට හෝමාගම සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හඳුනාගෙන ඇතැයි ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ පවසයි.

කෙසේ වෙතත් මෙම ප්‍රදේශවල එවැනි සිදුවීම් වැඩිවීමට හේතුව නිශ්චිත වශයෙන් තහවුරු වී නැතත් ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බලා ගෙන යන බවද හෙතෙම සඳහන් කළේය.

බොහෝ විට හෝමාගම වැනි ප්‍රදේශවල ඇඟලුම් කම්හල් සේවය කරන පිරිස් වැඩි වශයෙන් සිටීම ඊට හේතු වන්නට ඇතැයි මහාචාර්යවරයා සැක පළ කරයි.

මේ අතර පසුගිය වසර පහ සැලකිල්ලට ගත් කළ ඔන්ලයින් හිංසන වැඩියෙන්ම වාර්තා වී ඇත්තේ පසුගිය 2020 වසරේදීය. එම වර්ෂයේදී වාර්තා වී ඇති ඔන්ලයින් හිංසන පිළිබඳ පැමිණිලි සංඛ්‍යාව 152කි.

එසේම මේ වසරේ මේ දක්වා එම පැමිණිලි 74ක් වාර්තා වී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

ඔන්ලයින් අධ්‍යාපනය සඳහා දරුවන් අතට ජංගම දුරකථන සහ පරිගණක වැඩි වශයෙන් පත්වීම ඔන්ලයින් හිංසන ඉහළ යාමට ප්‍රධාන හේතු සාධකයක් වී ඇතැයි ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රධානීහු පවසති .

ලංකාදීප

මෞත්‍ර ලිංගික ශල්‍ය වෛද්‍ය විද්‍යායතනය ජනතා අයිතියට :මැලිබන් ටෙක්ස්ටයිල් පරිත්‍යාගයක්

ජාතික රෝහලේ නව මෞත්‍ර ලිංගික ශල්‍ය වෛද්‍ය සහ වකුගඩු රෝග විද්‍යායතනය අගමැති මහින්ද රාජපක්ෂ විසින්  (29) දින පෙරවරුවේ දී විවෘත කරනු ලැබිය.

නිදහස් සෞඛ්‍ය සේවයේ ප්‍රතිලාභ සමස්ත ජනතාවට සමීප කිරීමේ උදාර අරමුණ පෙරදැරිව ඊ.ඒ.එම් මැලිබන් ටෙක්ස්ටයිල් පෞද්ගලික සමාගම සිය පූර්ණ ධන පරිත්‍යාගයෙන් මෙම තෙමහල් ගොඩනැගිල්ල ඉදිකර තිබේ.

දැඩි සත්කාර ඒකක ඇඳන් 13 කින් ද සමන්විත මෙම විද්‍යායතනය ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 300කට ආසන්න වේ.

සමරු ඵලකය නිරාවරණය කරමින් නව මෞත්‍ර ශල්‍ය වෛද්‍ය සහ වකුගඩු රෝග විද්‍යායතනය ගොඩනැගිල්ල විවෘත කළ අගමැතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවකට ද එක්වූයේය.

මෙම පරිත්‍යාගය කළ ඊ.ඒ.එම් මැලිබන් ටෙක්ස්ටයිල් පෞද්ගලික සමාගමේ සභාපති ඉල්ලියාස් අබ්දුල් කරීම් සමඟ අගමැතිවරයා සුහඳ කතාබහක ද නිරත විය.

අද දින මෙම වෛද්‍ය ආයතනය විවෘත කිරීමේ අවස්ථාවට සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය එස්.එච් මුණසිංහ, පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ජාතික රෝහලේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ඩබ්ලිව්.කේ වික්‍රමසිංහ, ඊ.ඒ.එම් මැලිබන් ටෙක්ස්ටයිල් පෞද්ගලික සමාගමේ සභාපති ඉල්ලියාස් අබ්දුල් කරීම් ඇතුළු එම සමාගමේ නිලධාරී  පිරිසක් එක්ව සිටියහ.

KUMA9921

KUMA9858

 PMO6950

 PMO6952

 

ඩමියට හපන් : ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ජාතික ධඡ අවුලක් !

නව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය ජනාධිපති ජේෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතාගේ ප්‍රධනත්වයෙන් අද (29) පෙරවරුවේ වීවෘත කෙරුණු අතර ඉදිරියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ජාතිය ඇමතීමට මෙම ස්ථානය යොදාගන්නා බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක පවසයි.

ජනාධිපතිවරයාට මෙන්ම ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයාද සතිපතා මාධ්‍යවේදීන් හමුවීමටත් ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වීමටත් මෙම ස්ථානය භාවිතා කිරීමට සියලු පහසුකම් සපයා ඇත.

කෙසේ වුවත් අද විවෘත කෙරුණු ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ වක්‍ර ලේඛන නොතකමින් ජාතික කොඩිය සැරසිල්ලක් බවට පත් කිරීම සම්බන්ධව සමාජ මාධ්‍ය තුල දැඩි විවේචනයක් එල්ල වෙමින් තිබේ.

"පළමු අවස්ථාවේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝනය කර තිබී "ඒක ඩමියක්" බව පැවසීමෙන් දැඩි සංවාදයට හා විවේචණයට ලක් වු ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ මාධ්‍යවේදීන් ඇමතීමේ ස්ථානය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති ‘ජාතික කොඩිය භාවිත කිරීමේ රීති සංග්‍රහය‘ මුළුමනින්ම උල්ලංඝනය වන පරිදි සැරසිලි කොට ඇති පෙනීයයි.

1987 පෙබරවාරි 4 දින නිකුත් කරන ලද සහ 2016 අංක 4 යටතේ නැවත නිකුත් කරනු ලැබූ ‘ජාතික කොඩිය භාවිත කිරීමේ රීති සංග්‍රයට‘ අනුව උත්සව ශාලාවක එක් ප්‍රධාන ජාතික කොඩියක් පමණක් ප්‍රදර්ශනය කළ යුතුය. එය ප්‍රදර්ශනය කළ යුුතු ආකාරය රූප සටහන් මගින් ද දක්වා ඇත.

001

002

003

004

ජාතික කොඩියට ඉහළින් කිසිවක් නොපැවතිය යුතු බව ව්‍යවහාරයක් ලෙස සෑම ජාතික උත්සවයක, සැරසිල්ලකම මුලික අඛ්‍යානය වේ. මාධ්‍ය මධ්‍යෂ්ථානයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ රූපය සවිකර ඇත්තේ ද ජාතික කොඩියට උඩිනි.

005

006

ජාතික කොඩිය සැරසිල්ලක් ලෙස භාවිත නොකළ යුතුය යන්න නොතකා කිංස්ලි රත්නායක විසින් ඩමියක් ලෙස හදුන්වා දුන් ආකාරයෙන්ම ජාතික කොඩි දෙකක් සහිත මාධ්‍ය කේන්ද්‍රයේ පීඨිකාව සකසා ඇති බවක් පෙන්නුම් කරයි.

F & G තැන්පත්කරුවන් කබලෙන් ලිපට !

ගහෙන් වැටුණු F & G තැන්පත්කරුවන්ට ගොනා අනින්න සැරසෙන ආකාරයේ කටයුත්තක් සම්බන්ධව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අනාවරණය කරයි.

එහි සභාපති රංජිත් විතානගේ විසින් නිකුත් කළ ඊට අදාළ නිවේදනය පහත දැක්වෙයි.

සෙලින්කෝ සමාගම බිදවැටිමත් සමගම සෙලින්කෝ සමාගමට අයත් F & G Property Developers Limited සහ F &G Real State company යන සමාගමට අයිතිව තිබූ Fingara Town and country Club ආයතනය පාලනය වූයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පත්කරන ලද කමිටුවක් මගිනි.

එසේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් Fingara Town and country Club ආයතනය පාලනය කිරීම සදහා කමිටුවක් පත්කරන ලද්දේ F & G Property Developers Limited සහ F&G Real State company යන සමාගම්වල මුදල් තැන්පත්කල තැන්පත්කරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරන ලද මුළික අයිතිවාසිකම් නඩුවකට අනුවය. නඩු අංක SCFR 317/2009.

ඊට පසු F & G Property Developers ආයතනය විකිණීම සදහා ශ්‍රේෂ්ඨාධිකරණයේ මැදිහත්වීමෙන් ආයෝජකයින් කැදවන ලදී.

මේ සදහා අවස්ථා කිහිපයකදීම ආයෝජකයින් ඉදිරිපත්වුවද එම ආයෝජකයින්ගේ යෝජනා සාර්ථක නොවීය. ඊට පසු F & G Property Developers ආයතනය මිලදී ගැනීම සදහා ZRA Holdings සමාගම ඉදිරිපත්වී සිය යෝජනාව ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව අදාල සමාගම F & G Property Developers Limited සහ F&G Real State company යන සමාගම් සදහා ආයෝජකයෙකු පත්කර ගැනීම සදහා ගිවිසුම්ගතවීමට නියමිතව තිබුණි.

එහි මූලික කොන්දේසියක් වූයේ ප්‍රථමයෙන් අදාල ආයතනය වෙත ආයෝජකයා වන ZRA Holdings සමාගම මිලියන පන්සියයක මුදලක් ගෙනඒමයි. ඉන්පසු තැන්පත්කරුවන්හට බිලියන හතරක මුදලක් ගෙවිමයි.

ප්‍රථම කොන්දේසිය වන ආයතනය වෙත මිලියන පන්සියයක මුදලක් ගෙනඒමට තවමත් ZRA Holdings සමාගම අපොහොසත්වී ඇත. අවස්ථා කිහිපයකදීම ඔවුන් විසින් එම මුදල ගෙන ඒමට දී තිබූ දින වෙනස් කරගෙන ඇත්තේ විවිධ හේතු ඉදිරිපත් කරමින්ය.

තවද ZRA Holdings සමාගම විසින් පසු Fingara Town and country Club ආයතනයේ පාලනය භාරගෙන මාස දෙකකට පසු මිලියන පන්සියයක මුදල ගෙන ඒමට අවසර පැතුවද පැමිණිලි පාර්ශවයේ නීතීඥයින්ගේ විරෝධය හමුවේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප විය.

ZRA Holdings සමාගම යනු මෙරට කිසිදු සැළකියයුතු ව්‍යාපාරයක නිරත වන සමාගමක් නොවන බව අප විසින් කරන ලද සොයාබැලීමකින් තහවුරුවිය. එහි අයිතිකරු පුද්ගලයින් රට යවන බව පවසා මුදල් ලබාගත් බවට වන චෝදනා එල්ලවූ අයෙකි.

තවද එම සමාගම විසින් රුපියල් මිලියන පන්සියයක මුදල රැස්කරගන්නා ආකාරය පිළිබදව මහබැංකුව වෙත ඉදිරිපත් කරන ලද ලියවිල්ලද පිලිගත නොහැකි එකකි. එහෙත් එම ලියවිල්ල ශ්‍රී ලංකා මහබැංකුව විසින් පිළිගෙන ඇත. එසේ පිළිගැනීමද සැකසංකා උපදවයි.

ZRA Holdings සමාගම උත්සහ කරන්නේ කෙසේ හෝ F & G Property Developers ආයතනයේ පාලනය ලබාගෙන එම ආයතනයට අයිති දේපල විකුණා අවශ්‍ය මුදල් සපයා ගැනීමයි.

මේවන විටත් කිසිම අවසරයකින් තොරව ZRA Holdings සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු වන සරත් සුභසිංහ නැමැත්තා F & G Property Developers ආයතනයට අයත් දේපල වෙනත් පාර්ශවවලට පෙන්වීමට කටයුතු කර ඇත. එසේ දේපල පෙන්වනු ලබන වීඩියෝපටද අප වෙත ලැබී ඇත.

F & G Property Developers Limited සහ F&G Real State company යන ආයතන තුළ මුදල් තැන්පත් කර ඇති පුද්ගලයින් මේවන විට විශාල ලෙස අසරණවී ඇත. වසර ගණනකින් තමන් තැන්පත් කරන ලද මුදලට සාධාරණයක් ඉටුවී නැත.

එසේ මුදල් තැන්පත් කල සමහර පුද්ගලයින්ට අද තමන්ගේ රෝගයට අවශ්‍ය බෙහෙත් ලබා ගැනීමටවත් මුදල් නැතුව අසරණවී සිටී.

තත්වය එසේ තිබියදී එම තැන්පත්කරුවන් මුදල් ගෙවීමට තරම්වත් නොහැකි වංචා කාරයින් අතට F & G Property Developers ආයතනය පත්වුවහොත් කබලෙන් ලිපට වැටෙන්නේ ට F & G Property Developers ආයතනයේ මුදල් තැන්පත් කල 3500 කට අධික මුදල් තැන්පත්කරුවන් පමණක් නොවේ. Fingara Town and country Club ආයතනයේ 90 කට අධික සේවකයින් හා 2900 කට අධික ජීවිතකාලීන සමාජිකයින් ද කබලෙන් ලිපිට වැටේ.

එසේ හෙයින් F & G Property Developers ආයතනයේ පාලනය කිසියම් පාර්ශවයක් අතට ලබාදීමේදී දූෂණයෙන් හා වංචාවෙන් තොරව එම ආයතනය පවත්වාගෙනයාමට හැකියාවක් ඇති සමාගමකට ලබාදීමට කටයුතු කරන ලෙසත් ZRA Holdings සමාගම පිළිබදව නැවත සොයා බැලීම සදහා කටයුතු කරන ලෙසත් අපි රජයෙන් ඉල්ලා සිටිමු.

රංජිත් විතානගේ - සභාපති

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

අජිත් රෝහණ ළමාරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලයට

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, අපරාධ හා රථවාහන සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ  ජාතික ළමාරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙකු ලෙස ජනාධිපතිවරයා විසින්  පත් කර තිබේ.

2021 ජූලි මස 21 වන දින සිට වසර 03ක කාලයක් සඳහා එම පත්වීම සිදුකර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ  දැනට දරණ තනතුරුවලට අමතරව ජාතික ළමාරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කරනු ඇත.

Media on 2021.07

වැඩි මිල - අඩු ප්‍රතිඵල සයිනොවැක් එන්නත් මිලියන 13ක් ගැනීමේ සූදානමක් !

කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව අඩු ප්‍රතිඵල දායකත්වයක් පෙන්නුම් කරන චීනයේ සයිනොවැක් එන්නත් මාත්‍රා මිලියන 13ක් එක් මාත්‍රාවක් ඩොලර් 15 ක මිල ගණන් යටතේ මිලදී ගැනීමට රජය තීරණය කර ඇති බව ඩේලි මිරර් පුවත්පත උපුටා දක්වමින් ආණ්ඩු හිතවාදී සී නිව්ස් වෙබ් අඩවිය වාර්තා කරයි.

අදාළ පුවත් වාර්තාව වැඩිදුරටත් මෙසේද පවසයි.

වෙනත් එන්නත් සඳහා ගෙවන මිල හා සසඳන විට මෙම මිල ගණන් ඉහළ අගයක් බව සෞඛ්‍ය විශේෂඥයන් විසින් රජයට පෙන්වා දී ඇතැයිද වාර්තාවේ දැක්වෙයි.

එම එන්නත් මාත‍්‍රා විශාල ගණනක් මෙසේ මිලට ගැනීමට රජය ගෙන ඇති තීරණයට සෞඛ්‍ය විශේෂඥයන් දැඩි විරෝධය රජය වෙත එල්ල කරමින් ඇතැයි ද එම වාර්තාව තව දුරටත් කියා සිටී.

මේ සම්බන්දයෙන් කල විමසීමකදී ඖෂධ නියාමන හා සැපයුම් රාජ්‍යය අමාත්‍යංශයේ ප‍්‍රකාශකයෙකු සදහන් කලේ සිනොවැක් එන්නත මිලට ගැනීම සදහා මෙතෙක් රජය කිසිදු තීරණයක් ගෙන නැති බවයි.=

ලංකාවේ ණය ප්‍රමාණය රුපියල් ටි‍්‍රලියනය ඉක්මවයි !

ශ්‍රී ලංකාවේ  බැදුම්කර හා භාණ්ඩාගාර බිල්පත් ණය ප්‍රමාණය රුපියල් ටි‍්‍රලියනය ඉක්මවා ගොස් ඇතැයි වාර්තා වෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නවතම වාර්තාව අනුව දැක්වෙන්නේ ශ්‍රී ලංකාව ඒ හරහා රුපියල් බිලියන 1135.5ක් ණය වී ඇති බවය.

භාණ්ඩාගාර බිල්පත් බැඳුම්කර වල අගය රුපියල් ටි‍්‍රලියනය ඉක්වමා ඇත්තේ මෙරට ඉතිහාසයේ පළමු වතාවටයි.

එමෙන්ම මේ වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා වූ කාලය තුළ එක්සත් ජනපදය ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 6.7% කින් අවප්‍රමාණය වී ඇති බවද මහ බැංකුව පවසයි.

4545 9

ගුවන් විදුලියේ මාර යුද්ධයක් !

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සඳහා මෑතකදී පත්කළ හඩ්සන් සමරසිංහ සභාපතිවරයා සංස්ථාවෙන් ඉවත් කිරීමට කටයුතු කරන්නැයි ඉල්ලා පොහොට්ටු වෘත්තීය සංගමයේ ලේකම් ඇතුළු  සාමාජිකයින් කිහිපදෙනෙකු ඊයේ (28) අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සමග සාකච්ඡාවක් කළ බව ගුවන් විදුලි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

රජයේ ආයතනවල නව පත්කිරීම් හා උසස්කිරීම් සම්බන්ධයෙන් කැබිනට් නිරීක්ෂන හා මුදල් අමාත්‍යාංශ නියෝග වලට අනුව යමින් වර්තමාන සභාපතිවරයා හිටපු සභාපති හීන්කෙන්ද සහ අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ එක්ව ලබාදී ඇති අයථා පත්වීම් සහ උසස්වීම් 300කට අධික සංඛ්‍යාවකට එරෙහිව ඒවා පත්නොකිරීමට තීරණය කිරීමත් සමග මෙම අර්බුදය  උත්සන්න වී ඇති බවත් පැවසෙයි.

මෙහි ප්‍රතිපලයක් ලෙස පසුගියදා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලත් සභාපති හඩ්සන් සමරසිංහ වෙත මෙම පත්කිරීම් සිදු කරන ලෙස බලපෑම් කර ඇති අතර මෙහිදී සභාපතිවරයා අමාත්‍යවරයාට සෘජුවම පවසා ඇත්තේ එම නියෝගය ලිඛිතව තමා වෙත එවන ලෙසයි. එහෙත් මේ දක්වා ලිඛිත නියෝගයක් අමාත්‍යවරයා ලබාදී නොමැති බවත් ගුවන් විදුලි සංස්ථාවේ  සභාපති කාර්යාලයේ ආරංචි මාර්ග පවසයි.

මේ අතර අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ පොහොට්ටු වෘත්තීය සංගමය හා එක්ව සභාපති හඩ්සන් ගෙදර යැවීමට කුමන්ත්‍රණ සිදුකරන බවත්, අද එනම් 29 දින පෙරවරුවේ පොහොට්ටු වෘත්තීය සංගමයේ නිළධාරීන්ට පොහොට්ටු කාර්යාලයට පැමිණෙන්නැයි දැනුම් දී ඇති බවත් එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙහිදී පොහොට්ටු වෘත්තීය සංගමයේ සභාපතිවරයා පමණක් හඩ්සන් සමරසිංහ වෙනුවෙන් පෙනී සිටීමත් විශේෂත්වයක් වන අතර මේ නිසා අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල වෘත්තීය සංගමය අමතා පොහොට්ටු වෘත්තීය සංගම් සභාපතිවරයාද ඉවත් කිරීමට අදාළව අත්සන් සහිත ලිපියක් ලියා දෙන ලෙසද දන්වා ඇතැයි වාර්තාවේ.

කොවිඩ් මරණ 63ක් වාර්තා වෙයි

මේ වනවිට තවත් කොරෝනා ආසාදිත මරණ 63ක් වාර්තා වී තිබේ.

එම මරණ 63 ත් සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 4,258 ක් බවත්,=සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ(27) තහවුරු කරන ලද මෙම මරණ අතුරින් 35 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 28 දෙනා කාන්තාවන් වේ.

වයස 30 ට අඩු කාන්තාව ද පෙරේදා මියගිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

මියගිය පුද්ගලයින් අතර වයස අවුරුදු 30 – 59 අතර වයස්වල පසු වූ මරණකරුවන් 11 දෙනෙකු සිටින අතර ඉතිරි 51 දෙනාම වයස අවුරුදු 60 සහ ඊට වඩා වැඩි වයස්වල පසුවූවන් ය.

43 වන සේනාංකයෙන් ළමා සංරක්ෂණ අධිකාරියට ඉල්ලීමක්

දිනෙන් දින වැඩි වන ළමා අපචාර හා ළමයින්ට එරෙහිව සිදුවන විවිධ හිංසන සම්බන්ධයෙන් ගත යුතු පියවර සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් සිදුකිරීමට අවස්ථාවක් ලබා ගැනීම සඳහා 43 සේනාංකය විසින් අද දිනයේදී ළමා රක්ෂණ අධිකාරිය වෙත විශේෂ ඉල්ලීමක් ඉදිරිපත් කරන ලදී.

එම අවස්ථාවේදී මාධ්‍ය හමුවේ දක්වන ලද අදහස් පහතින් දැක්වේ.

ශ්‍රී ලංකා පොලීසිය විසින් තහවුරු කරන ලද කරුණු අනුව ශ්‍රී ලංකාව තුළ සෑම පැය 2කට වරක් ළමා අපචාරයක් සිදු වන බවට වාර්තා වී තිබෙනවා.

ශ්‍රී ලංකාව ලමයින්ගේ අනාරක්ෂිතභාවය වැඩිම රටවල් දහය ඇතුළත සිටිනවා. මෙම තත්ත්වය සදාචාර සම්පන්න රටක් විදිහට අපි ලැජ්ජා විය යුතු කාරණයක්. විශේෂයෙන්ම ළමා මෙහෙකාර සේවයේ යෙදවීම අපි හෙළා දකිනවා.

ශ්‍රි ලංකාව තුළ රැකියා 51 ළමුන් සඳහා නුසුදුසු යැයි නීති සම්පාදනය වී තිබුණත් ඒ තුළට මෙහෙකාර සේවය ඇතුළත්ව නැහැ. මෙම නීති සංශෝධනය විය යුතු බවට අපි යෝජනා කර සිටිනවා.

විශේෂයෙන්ම වතුකරයේ ජීවත් වන දරුවන්ගෙන් සියයට විස්සක් අධ්‍යාපනය නොලබන බවට වාර්තා වී තිබෙනවා. රට තුළ නිදහස් අධ්‍යාපනය ස්ථාපිතව තිබුනත් එය ලබන්නට අවස්ථාවක් නොලැබෙන තවත් කොටසක් අප රට තුළ ජීවත් වන බව අපිට පේන්න තියෙනවා.

වතුකරයේ සහ පීඩිත පන්තියේ දරුවන්ට නිදහස අධ්‍යාපනය ලබන්නට අවස්ථාවක් නැද්ද? ඒ දරුවන්ගේ දෙමාපියන් ඔවුන්ට උගන්වන්න අකමැතිද? තමන්ගෙ දරුවන් ඉංජිනේරුවරුන් වෛද්‍යවරුන් නීතිඥවරුන් කරන්න ඒ අම්මල තාත්තල අකමැතිද?

වතුකරයේ සහ පීඩිත පන්තියේ අනෙක් දරුවන් ඉගෙන ගන්නවට වඩා ජීවත්වීමේ අර්බුදයේ නිරත වෙනවා. ඉංජිනේරු දොස්තර හීන පැත්තකින් තියලා තුන්වේල කන්න ක්‍රමයක් හොයන්න ඔවුන් වෙහෙසෙනවා. බුදුහාමුදුරුවෝ බඩගින්නේ හිටපු කිසි කෙනෙක්ට බණ කිව්වේ නැහැ.ඒ නිසා ඒ දරුවන්ට කුසට ආහාරයක් හොයාගන්න ක්‍රමයක් මුලින්ම හදන්න ඕනි.

ඊළඟට ඒ දරුවන්ගේ ජීවන තත්ත්වය ඉහළ නංවන්න තියෙන එකම ක්‍රමය වන අධ්‍යාපනයේ අයිතිය නිදහසේ භුක්ති විඳීමට අවස්ථාව ලබා දිය යුතුයි .

වතුකරයේ ජනතාවගේ ඡන්දය පමණක් බලාපොරොත්තු වන දේශපාලඥයින් ඡන්දයෙන් පස්සේ ඔවුන් ව අමතක කර දමනවා.

පාර්ලිමේන්තුවට පත් වූ පසු ඔවුන් සුඛෝපභෝගී ජීවිත කොළඹ ඉඳන් ගත කරන ගමන් ඡන්දය ගන්න විතරක් වතුකරයට යනවා. අපි දැක්කා පහුගිය දවස් වල ඉශාලිනි මියගිය පසු පක්ෂ පාට භේදයකින් තොරව ඒ සියලූ මහජන නියෝජිතයො බෝඩ් උස්සගෙන පාරට බැහැලා ඒ මලගම දේශපාලන ප්‍රචාරක ව්‍යාපෘතියක් කරගන්නවා.

ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පනත මගින් ආරක්ෂක අධිකාරිය පිහිටුවීමේ අරමුණු වන්නේ ළමයින්ට එරෙහිව සිදුවන සියලූ ආකාරයේ අපරාධ නැවැත්වීම හා නියාමනය කිරීමයි.

එනිසා අපි අද ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලිපියක් බාර දී මෙම නීති සංශෝධනය විය යුතු ආකාරය ගැන සාකච්ඡා කිරීම සඳහා දිනයක් වෙන්කර ගත් දෙන ලෙස ඉල්ලා සිටියා.

ළමයින් ආරක්ෂා කර ගැනීම ජාතික අර්බුදයක් වනවාසේම එම අර්බුදය ජයගත හැක්කේ සාමූහික සමාජ වගකීමකින් යුතුව ක්‍රියා කිරීමෙන් පමණක් බව අපි විශ්වාස කරනවා. 43වන සේනාංකය ලෙස අපි දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අදත් හෙටත් ඉන් මතුවට කැපවී ක්‍රියා කරන බව ප්‍රකාශ කරන්න කැමතියි.

ඒවගේම දරුවන්ගේ අයිතිවාසිකම් පමණක් වෙනුවෙන් පෙනී සිටීමෙන් නොනැවතී මේ රටේ ලෙයින් කඳුළින් පන්නරය ලබන මිනිස්සුන්ට මේ රටේ ඉන්න හිතෙන රටක් කරන්න අපි කැප වෙනවා යැයි කියලා මේ වෙලාවේ ස්ථාන අධිෂ්ඨාන පූර්වකව ප්‍රකාශ කරනවා' යැයි 43 වන සේනාංකයේ නීතිඥ කණ්ඩායම වෙනුවෙන් නීතිඥ ඉනෝකා හෙට්ටිආරච්චි මෙසේ අදහස් දැක්වීය.

07 i 1

 

පාස්කු ප්‍රහාරය : වාදයකට එන ලෙස හරීන් සරත්ට අභියෝග කරයි !

පාස්සකු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයකට අදාලව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි හරීම් ප්‍රනාන්දු පැය 5 ක ප්‍රකාශයක් ලබා දීමෙන් පසු අපරාධ පරීක්ක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටත්ව ගිය බව වාර්තා වෙයි.

අද (28) පෙරවරු 10.00 ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර ප්‍රකාශක ලබා දී පස්වරු 3.15 ට පමණ ඉන් පිටව ගොස් තිබේ.

මෙම අවස්ථාව සඳහා සමගි ජනබලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් සහභාගීව ඇත.

ප්‍රකාශය ලබාදීමෙන් පසුව හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පවසා සිටියේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධව තමන් පොලිස් විෂය භාර ආමාත්‍ය සරත් වීරසේකරට අභියෝග කරන බවය.

එන්නත් නැතුව රුසියානුවන් ලංකාවට : උදයංගගේ වැඩක් !

සමස්ත ලෝකයක කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වැක්සීන් සිදුකළ සහ නියමිත නිරෝධායන ක්‍රියාවලියකට යටත්කල විදේශිකයන් සහ සංචාරකයන් තම රටවලට ඇතුළු කරගන්නා නමුත් , ලංකාව ඊට සාපුරා වෙනස් ක්‍රමවේදයක් ඔස්සේ, රුසියානු සංචාරකයන් ගෙන්වීමේ සූදානමක් පවතී.

මේ බව අනාවරණය වී ඇත්තේ, රුසියානු සංචාරකයන් රැගත් ගුවන් යානාවක් අගෝස්තු මස පළවෙනි දා මෙරටට එන බව රුසියාවේ හිටපු ශ්‍රිලංකා තානාපති උදයංග වීරතුංග පවසමින් අදහස් දැක්වූ මාධ්‍ය හමුවක් හේතුවෙනි.

අදාළ මාධ්‍ය සාකච්ඡාව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදුකර ඇත.

ඉදිරියේදී සතියකට දිනයක් පාසා රුසියානු සංචාරකයන් රැගෙන ඒම සඳහා, ශ්‍රී ලංකන් ගුවන් යානාවක් මොස්කවු නගරය බලා පියාසර කිරීමට කටයුතු සූදානම් කර ඇතැයි ද හිටපු රුසියානු තානාපති පවසා ඇත.

සැප්තැම්බර මාසයේ සිට මසකට රුසියානු සංචාරකයන් දහස බැගින් ගෙන ඒමට සූදානම් වන බවද ඔහු පවසයි.

ඔහු එහිදී තවදුරටත් කියා සිටියේ රුසියානු ජනතාව එන්නත්කරණය කැමැත්තක් නොදක්වන බවත් ඔවුන් විශ්වාස කරන්නේ තමන්ට වෛරසය ආසාදනය වී සුවපත් වී ඇති නිසා ප්‍රතිදේහ ශරීරයේ ගොඩනැගී ඇති බව යැයිද ඔහු කියා සිටියේය.

(මුලාශ්‍රය සී නිව්ස්)

කොරෝනාවෙන් ළමයි බේරගන්න : Save the children එක් වෙයි !

කොවිඩ්-19 ගෝලීය වසංගතයට එරෙහිව මෙරට ක්‍රියාත්මක ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කරමින් කොවිඩ් වසංගතයෙන් ළමුන් බේරා ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය ඔක්සිජන් චිකිත්සක උපකරණ (Oxygen Therapy Equipment) සහ පුද්ගලික ආරක්ෂණ උපකරණ (Personal Protective Equipment) තොඟයක් සංවර්ධන හා මානූෂිය වැඩසටහන්කරණයේ ප්‍රමුඛ සංවිධානයක් වන “Save the children” සංවිධානය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කරන ලදි.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වෙත “Save the children” සංවිධානයේ ජාතික අධ්‍යක්ෂ ජුලියන් චෙල්ලප්පා ඇතුලු එම ආයතනයේ නිලධාරීන් විසින් රුපියල් ලක්ෂ 185 ක පමණ වටිනාකමකින් යුත් මෙම වෛද්‍ය උපකරණ තොඟය සංකේතවත් ව අද දින (28) පරිත්‍යාග කරන ලද්දේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දීය.

මෙරට කොවිඩ් ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරිම සදහා වෛද්‍ය උපකරණ සමග හදිසි ශල්‍ය සහාය ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කරන ලද ඉල්ලීමකට අනුව “Save the children” සංවිධානය විසින් මෙම උපකරණ පරිත්‍යාග කරනු ලැබීය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය සේවා) වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග , “Save the children” සංවිධානයේ ජාතික අධ්‍යක්ෂ ජුලියන් චෙල්ලප්පා (Mr. Julian Chellappah) වැඩසටහන් හා මෙහෙයුම් අධ්‍යක්ෂ අහිලා තිලිනාදන් (Ms. Ahila, Thillainathan) , ප්‍රතිපත්ති උපදේශණ සහ පර්යේෂණ අධ්‍යක්ෂ රංජන් වෙත්තසිංහ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

කොතලාවල පනතට එරෙහිව සරසවි ඇදුරොත් මහ පාරේ

අධ්‍යාපන මිලිටරීකරණය කරන යෝජිත කොතලාවල පනතට එරෙහිව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සංවිධානය කරන විරෝධතාවයක් අද (28) රජයේ විශ්වවිද්‍යාලය ඉදිරිපිට මේ වනවිට පැවැත්වේ.

ඔන්ලයින් ඔස්සේ දේශන පැවැත්වීමෙන් අද (28) දිනයේ ඉවත්වීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර තිබේ.

ළමා මෙහෙකරුවන් ගැන දැනුම් දෙන්න අංකයක්

ළමුන් මෙහෙකාර සේවයේ යොදවන ස්ථාන සම්බන්ධයෙන් දැනුම් දීමට පොලීසිය නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ  සඳහන් කළේ 0112 43 33 33 යන දුරකථන අංකයට එම තොරතුරු දැනුම් දිය හැකි බවයි.

ළමයින් මෙහෙකාර සේවයේ යොදා ගන්නා ස්ථාන සොයා මේ වනවිට බස්නාහිර පළාතේ පොලිස් මෙහෙයුම් ආරම්භ කර තිබේ.

ලද තොරතුරුවලට අනුව එවැනි ස්ථාන 30 කට අධික සංඛ්‍යාවක් පරීක්ෂාවට ලක් කළ බව ත් තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බවත් ඔහු පැවසී ය.

කබ්‍රාල්ගේ ගිම්හාන සිහිනය : සැප්තැම්බර් වැස්සට හේදීමට නියමිතයි !

‘ඉදිරි මාස තුන ඇතුලත ඇමරිකානු ඩොලර් බිලියන 2.65 ක මුදලක් රටට ගලා තුලට ගලා ඒමට නියමිත බවට මුදල් රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් සිදු කර ඇති ප්‍රකාශය අතිශයින් නොමඟ යවන සුළු බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

ඇමරිකානු ඩොලර් බිලියන එකක් විදේශ ණය වාරිකය සාර්ථකව පියවීම පිළිබඳ කරුණු දක්වමින් මුදල් රාජ්‍ය ඇමති ‘රටට රවටන ප්‍රකාශයක් සිදු කර ඇත‘. ඒවා මෙසේය.

  1. ඉන්දියාවෙන් ඩොලර් මිලියන 400 ක පහසුකම් ණයක් (අතමාරුවක්) ලබා ගැනීම.

ඉන්දීය රජය මෙයට පෙර ඩොලර් මිලියන 400 ක අතමාරුවක් ලංකාවට ලබා දී තිබුණි. ණය නියමිත දින ට පියවනු ලැබීය. සාක් සහයෝගිතා වැඩසටහන යටතේ ඉන්දියා ලබා දෙන මෙම පහසුකම පියවා මාස හයකින් නැවත අයඳුම් කළ හැක. පසුගිය අස්ථාවේ දී ඉන්දියාව මෙම අතමාරුව ‘කෙටි කාලීන සහනයක් පමණක් බවත් රජය ‘අන්තර් ජාතික මුල්‍ය අරමුදල‘ සමඟ දිගු කාලීන ණය වැඩපිළිවෙලකට යා යුතු බවත් ප්‍රකාශ කළේය. මෙම අතමාරුව ලැබෙන්නේ නැත. ලැබුණත් මාස 3- 6කින් පියවිය යුතුය. රටේ ඩොලර් හිඟයට එය දිගු කාලීන විසඳුමක් වන්නේ නැත.

  1. බංගලිදේශයෙන් පොරොන්දු වූ ඩොලර් මිලියන 250 ක අතමාරුව

අගමැති මහින්ද රාජපක්ෂ මහතාට 2021 ජූනි අවසන් සතියේ බංගලිදේශ අගමැතිවරිය විසින් ඩොලර් මිලියන 250 ක ණය එකතාවක් පළ කර ඇත. ජාත්‍යන්තර ආයතන ලංකාවට ණය ලබාදීමේ අවදානම පිළිබඳ වාර්තා පළවීමත් සමඟ ශ්‍රී ලංකා මහ බැංකුවේ විමසීම් සඳහා දැන් බංගලිදේශයේ නිලධාරීන් පිළිතුරු සැපයීම හෝ සිදු කරන්නේ නැත. මුලික එකඟතාවයෙන් මාසයක් ගත වී ඇති නමුත් තවම මුලික ලේඛන හෝ සකස් කර නැත. මෙම මුදල නොලැබීමට ඇති විභවය ද විශාලය.

  1. චීන සංවර්ධන බැංකුව මගින් ලබාගැනීමට යෝජිත ඩොලර් මිලියන 300 ක ණය මුදල මෙරටට ලැබීමට හැකියාවක් ඇත. (ලංකාවේ මුළු විදේශ ණය ඩෙලර් බිලියන 35. 1 කි. ඉන් 10% දැනට චීනයටය.)

  2. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ Special Drawing Rights පහසුකම් සුදුසුකම් ඇති සෑම රාජ්‍යයකට ලබා ගත හැකිය. නමුත් එ් මුදල් ඩොලර්, යුරෝ, යෙන්, යුවාන් ආදී මුදල් ඒකක රැසක් කොටස් වශයෙන් ලැබෙන්නකි. සාමාන්‍ය තත්වය යටතේ ඇමරිකානු ෆෙඩරල් සංචිතය වෙනත් රටවල මුදල් ඒකකය SDR මුදල් ඩොලර් බවට පරිවර්තනය වන්නේ නැත. එබැවින් ඩොලර් හිඟයට එයින් ලැබෙන ප්‍රාණය සීමිත විය හැකිය. නමුත් රටක් වශයෙන් බලාපොරොත්තු සහගත කරුණ මෙම මුදල් අනිවාර්යෙන්ම රටට ලැබීම ය.

  3. ඩොලර් මිලියන ට200 ක මුදලක් ලංකාවේ ෆොක්සි ආයතන (බැංකු) හරහා මහ බැංකුවට ලබා ගැනීම.

දේශීය විදේශ විනිමය විවෘත වෙළෙඳපොළෙන් මිලදී ගැනීමට ඇමතිවරයා යෝජනා කරයි. නමුත්, රටේ ණයවර ලිපි විවෘත කරන්නට ඩොලර් නැත. එසේ තිබිය දී වෙළෙඳපොලේ ඇති ඩොලර් මහ බැංකුව ලබා ගන්නේ නම්, උද්ධමනය රොකට් ගත වනු ඇත.

  1. දේශීය බැංකුවවල ඇති පවතින ඩොලර් මිලියන 300 ක ISB

හැටන් නැෂනල්, කොමෂල්, සම්පත්, මහජන හා ලංකා බැංකු පහ සතුව ඩොලර් මිලියන 300 ක අයි.එස්.බී. ප්‍රමාණයක් ඇතැයි උපකල්පනය කෙරේ. රාජ්‍ය බැංකු දෙකේ ඩොලර් මහ බැංකුවට ගත හැකිය. නමුත් සම්පත්, එච්එන්බී, කොමර්ෂල් බැංකුවල ඩොලර් ආයෝජනය එම බැංකු කළමනාකරණයේ තීරණයක් මිස ආණ්ඩුවේ වැඩක් නොවේ.

ග්‍රීසිය CCC ශ්‍රේණිගත තත්වයේ සිටිය දී, එවකට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ලංකා මුදල් ‘ග්‍රීක බැදුම්කර ආයෝජන‘ සිදු කළේය. මේ අදහස ක්‍රියාත්මක වන්නට නම් අජිත් නිවාඩ් කබ්රාල් පන්නයේ නිලධාරීන් උක්ත බැංකු කළමනාකරණය කළ යුතුය.

  1. හිල්ටන් හෝටලය ඇතුළු විකුණා දැමීමට නියමිත ආයතන රැසකි. ඒවා විකුණා දමා ඩොලර් මිලියන 400 ක් සොයා ගැනිමට රජය කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. මේ සම්පත් විකුණා ඩොලර් ලබා ගැනීමේ උත්සාහය දැන් වසර 7 ක් පුරා අසාර්ථක වී ඇත. ඉදිරි මාස 3 තුල එය ඉටුවී භාණ්ඩාගාරය පිරේවා යැයි ‘දෙවියන්ට පඬුරු බැඳීම‘ අගතියක් වන දෙයක් නම් නොවේ.

ඉහත යථාර්ථයන් හා ගැලපීමේ දී මාස තුනක් තුල ඩොලර් බිලියන 2.65 ක කබ්රාල් සිහිනය ‘අගෝස්තු ගිම්හානයට පෙනෙන‘ සිහිනයකි. මෙතරම් මුදලක් ලැබෙන බව ස්ථිර නම් පෙහොර, ඖෂධ, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය දේ ගෙන්වන්නට ආණ්ඩුව විනිමය නිදහස් නොකරන්නේ ඇයි ද? යන්න පැහැදිලි කිරීම ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ගේ වගකීමකි.

චීන සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 300 ලැබීමට ඉඩ ඇත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් මිලියන 800 නම් ලැබෙන බව ස්ථිර ය. එහි එකතුව ඩොලර් බිලියන 1.2 ක් මිස බිලියන 2.65 ක් නම් නොවේ.

චීනයෙන් ඩොලර් බිලියන 1.5 ක ණයක් ලබා ගැනීම ඇත්තක් නොවේ. මේ පහසුකම යටතේ චීනයෙන් (චීන යුවාන් මුදලින්) භාණ්ඩ ගැනීමට හැකියාව ඇත. නමුත් එමගින් ඩොලර් ගණුදෙනු කළ නොහැකි කොන්දේසියක් වේ. මේ කොන්දේසිය ඉවත් කර ගැනීමට මහ බැංකුව උත්සහ කළේය. සියළු රාජ්‍ය පිළිවෙත් නොතකා මහ බැංකු අධිපති, තානාපති කාර්යාලයට ගොස් චීන තානාපති හමුවී ද ඇත. (මහ බැංකු අධිපතිවරුන් සාමාන්‍යයෙන් තානාපතිවරු හමුවීමට යන්නේ නැත. මහ බැංකු අධිපතිවරයාගේ ආරාධයක් පිළිගැනීම රාජ්‍ය තාන්ත්‍රික ව්‍යවහාරය යි) මේ හමුවේ දී, චීන තානාපතිවරයා උක්ත ණය මුදල සම්බන්ධ ඉහතින් දැක්වූ කොන්දේසි වෙනස් කිරීමට නොහැකි බව ප්‍රකාශ කර තිබුණි. මහ බැංකු අධිපති එය නිලධාරීන්ට සන්නිවේදනය කොට තිබුණි.

හම්බන්තොට වරාය, කොළඹ පෝට් සිටි ගිවිසුම අත්සන් ගැනීමට ආසන්නයේ දී පමණක් ණය දුන් බව ද අපට නම් අමතක නැත. චීන ණය සමඟ එන ගණුදෙණුව කුමක්ද යන්න අවදියෙන් සිටීම විප්ක්ෂයේ ද, සිවිල් ක්‍රියාකාරීකයින්ගේ ද වගකීමකි.

මාස 3 සහ මාස 6 කාලයට රාජ්‍යයන් හා ජාත්‍යන්තර ආයතනයන් ගෙන් ලැබෙන අතමාරු ලංකාවේ ඩොලර් අර්බුදයට විසඳුමක් වන්නේ නැත. ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර පැහැදිලි හා නිරවුල්ව පවසන්නේ ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහන ලබා ගන්නට සුදානම් නැති බවයි.

මාස 3 කින් ඩොලර් බිලියන 2.6 ක කතාව දවල් හීනයකි. ප්‍රශ්නය ඇත්තේ ‘අගෝස්තු ගිම්හානයේ සිහින‘ සැප්තෑම්බර් මහ වැස්සට සේ දී යාම ය.

රජිත් කීර්ති තෙන්කෝන්

හිටපු දකුණු පළාත් ආණ්ඩුකාර

රන්ජන්ට ජනාධිපති සමාව ?

සිරගතව සිටින රන්ජන් රාමනායක කලාකරුවාට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරන්නැයි තවත් කලාකරුවන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.

රන්ජන් සමග සිනමා ක්ෂේත්‍රයේ කටයුතු කළ නළු නිළියන්, සිනමා අධ්‍යක්ෂකවරුන්, නිෂ්පාදකවරුන් පිරිසක් එක්ව මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම ඉල්ලීම සිදු කරනු ලැබුහ.

නීතිය ඉදිරියේ රන්ජන් රාමනායක සිදුකළ ප්‍රකාශ වැරදි වුවද, ඔහුගේ විවේචනය සාධාරණ බව මේ වනවිට හොඳින්ම තහවුරු වී ඇති බවත් රන්ජන් රාමනායක සිදුකළේ වංචා-දූෂණ, වැරදි විවේචනය කිරීම බවත් මෙහිදී අදහස් දැක්වූ ජේෂ්ඨ කලාකරුවකු වන ජීවන් කුමාරතුංග පැවසීය.

මෙහිදී ඔහු ඇතුළු පිරිස දැක්වූ අදහස් පහත වීඩියෝවේ.

Page 361 of 377