පුවත්

සජබ බෙදීමක් එළියට පැනලා !
' වෙලාවේ කවුරුවත් ආණ්ඩු බලය ලබාගැනීමක්, පක්ෂ දේශපාලනයක් කරන්න, මේබොර දියේ මාළු බාන වෙලාවක් නෙමෙයි. මේ වෙලාවේ ජනතාව දැඩි ලෙස අසීරුතාවයට පත්වෙලා, පෝලිම්වල මැරී වැටෙන, තුන්වේල තියා දෙවේලක්වත් කන්න බැරි වෙලා ඉන්න වෙලාවක්. ධනවතුන්, මධ්‍යම පංතිය කඩාගෙන වැටෙන, දුප්පත් ජනතාවට කන්න බොන්න නැතිවෙන දුර්භාග්‍ය සම්පන්න කාලයක් උදාවෙලා තියෙන්නේ." යැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර පවසයි.
ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළ අතර වැඩිදුරටත් මෙසේද පැවසීය.
මේ වගේ වෙලාවක දේශපාලන ගේම් ගහන්නවත්, මේ හරහා වෙනත් බල තුලනයක් ඇති කිරීම නෙමෙයි විය යුත්තේ. මේ වෙලාවේ අපි සියලු දෙනාම එකට එකතුවිය යුතුයි. එකට එකතුවෙලා රාජපක්ෂලා එලවන්න කටයුතු කළ යුතුයි.
එහෙම නැතිව පුද්ගලික ඉලක්ක වෙනුවෙන්, තම තමන්ගේ න්‍යාය පත්‍රය අනුව කටයුතු කරන වෙලාවක් නෙමෙයි මේක.
සියලු වාද බේද අතහැරලා, පැත්තකට දාලා මේ ආණ්ඩුකරණ භාරගත යුතුයි. එතැනදී පක්ෂ දේශපාලනයවත්, තම තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍රවත් තිබිය යුතු නෑ.
පෝලිමේ මැරෙන මිනිස්සු තවදුරටත් මැරුනට පස්සේ, තවදුරටත් මිනිස්සු හාමතේ මැරුණට පස්සේ, දරුවන්ගේ අධ්‍යාපනය කඩාගෙන වැටුනට පස්සේ, ආර්ථිකය බංකොලොත් වුනාට පස්සේ අපි කවුරු ආණ්ඩු ගත්තත් වැඩක් නෑ. කවුරු කවුරුත් ජනාධිපතිකම් ගන්න සූටි මහගෙන හිටියත් ඒ ජනාධිපතිකම් වලට ගිහින් වැඩක් නෑ.
එතැනදී අරයා අරහෙට යනවාද, මෙතැනට යනවාද කියන එක අදාල වෙන්නේ නෑ. සියලු දෙනාම තමන් ඉන්නා තැන්වලම සිටිමින් රටේ මිනිසුන්ගේ දුක වෙනුවෙන් මිනිස්සු එකතුවෙන්න ඕන. එහෙම නැතිව තමන්ගේ පුද්ගලික අරමුණු තියාගෙන, මිනිස්සුන්ට කන්න බොන්න නැතිව මැරිලා වැටුනට පස්සේ අපිට ඉබේම බලය ලැබේවි කියලා හිතාගෙන කවුරු කවුරු හරි දේශපාලනය කරනවා නම් ඒක වැරදියි.
පක්ෂ දේශපාලනයට වඩා අපිට මේ අවස්ථාවේදී වැදගත් වන්නේ පොදු ප්‍රතිපත්තියක් නිර්මාණය කර ගැනීමයි. ජනතාව හාමතේ මැරෙන හැටි, දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙන හැටි අපිට තවදුරටත් බලාගෙන ඉන්න බෑ.''
සජිත් වෙන මතයක !
කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා සහ පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස පවසන අරමුණුවල ගැටුමක් නිරීක්ෂණය වන බවයි.
මේ වන විට මේ ආකාරයට සජබ තුළ ප්‍රවණතා කිහිපයක්ම නිරීක්ෂණය වන බවත් එහිදී ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් එරාන් වික්‍රමරත්න , හර්ෂ ද සිල්වා සහ කබීර් හෂීම් යන මන්ත්‍රීවරුන් දක්වන අදහස් , තතලතා අතුකෝරළ සහ රෝහිණී කවිරත්න මන්ත්‍රීවරියන් දක්වන අදහස් , මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු ඇතුළු තරුණ මන්ත්‍රීවරුන් දක්වන අදහස් සහ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස දක්වන අදහස් වල වෙනස්කම් ඇති බවත් දේශපාලන විචාරකයන් පවසයි.

ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියනයක් ණයට ඉල්ලලා !
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියන 01ක අතිරේක ණයක් ඉල්ලා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
රොයිටර් වාර්තාවට අනුව සහල්, තිරිඟු පිටි, ධාන්‍ය වර්ග, සීනි සහ ඖෂධ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ඉල්ලා සිටින ලද නව ණය මුදල පිළිබඳ ඉල්ලීම ඉටු කරන බව ඉන්දීය බලධාරීන් පෙන්වා දී ඇති බවය.
මෙය දැනටමත් ඉන්දියාව විසින් ප්‍රතිඥා දී ඇති ඩොලර් බිලියන 01 ක ණය මුදලට අමතරව ලබා දෙනු ඇති.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මේ මාසයේ ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී ඩොලර් බිලියන 01 ක මුල් ණය මුදලක් ලබා ගැනීමේ ගිවසුමටකට ද අත්සන් තැබුවේ ය.
ඊට අමතරව, ඉන්දියාව මේ වසර මුලදී ශ්‍රී ලංකාවට ඉන්ධන මිලදී ගැනීම් සඳහා ඩොලර් මිලියන 500 ක් සහ ඩොලර් මිලියන 400 ක විනිමය හුවමාරු පහසුකමක් ලබා දුන්නේ ය.

සජිත්ගේ ඉක්මන් ජනාධිපතිවරණ සිහිනය හබක් !
ඉක්මන් ජනාධිපතිවරණයක් අවශ්‍ය බව පසුගියදා සජබ සංවිධානය කළ විරෝධතා උද්ඝෝෂණයක් අමතමින් එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස පවසා සිටියත්, වසර දෙකහමාරයක් යනතුරු පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනාධිපතිවරයාටවත් නොමැති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.
ඊයේ (27) මාතර පාලටුව බෞද්ධෝදය විහාරස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරුදෙමින් ඔහු මේ බව සඳහන් කර ඇත.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතානායක මෙසේද සඳහන් කර ඇත.
“ව්‍යවස්ථාවේ හැටියට පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ක්‍රම තියෙනවා. ඒ ක්‍රමයකින් විසුරුවාහරිනවා හැරෙන්නට පාර්ලිමේන්තුව විසුරුවාහරින්න කාටවත් බැහැ. ජනාධිපතිතුමාටවත් බැහැ. කවුරුන් කිව්වත් ජනාධිපතිතුමාටවත් මේ මොහොතේ පාර්ලිමේන්තුව විසුරුවාහරින්න බැහැ. පාර්ලිමේන්තුව ඇතුළේ මන්ත්‍රීවරු එකතුවෙලා මොනවා හරි වෙනසක් කරගන්නවා නම් ඒක වෙනම කතාවක්. නමුත් පාර්ලිමේන්තුව විසුරවාහරින්න වසර දෙකහමාරක් යනතුරු පාර්ලිමේන්තුවට, ජනාධිපතිවරයාටවත් බලයක් නැහැ.”

පාර්ලිමේන්තුව ඇතුලේ ආණ්ඩුව පෙරළන හැටි මෙන්න !
පාර්ලිමේන්තුව තුළින් ආණ්ඩුව පෙරළා දමන්නේ කෙසේදැයි 43 සේනාංක නායක, හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විසින් හෙළිදරව්වක් සිදුකර ඇත.
ඔහු පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුව තුළ වත්මන් පොදුජන පෙරමුණු ආණ්ඩුවේ සරළ බහුතරය අහිමි වීම සඳහා තවත් ඇත්තේ මන්ත්‍රී ආසන 3 ක වෙනසක් පමණක් බවය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් සිදු කරන විවේචන මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගතව සිට පසුගියදා අමාත්‍ය ධුරයන්ගෙන් ඉවත් කරන ලද විමල් - ගම්මන්පිල ප්‍රමුඛ පක්ෂ 11 සන්ධානය බැසිල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් දැන් සිදු කරන ප්‍රකාශ සැබෑ අවංක විවේචනයන් නම්, සමගි ජන බලවේගය තුළ සිටින පැහැදිලිව වත්මන් ආණ්ඩුව එළවා දැමීම සඳහා අවංකව කටයුතු කරන අය යන මේ සියල්ලන් පාර්ලිමේන්තුව තුළ වත්මන් ආණ්ඩුවට එරෙහිව අවංකව කටයුතු කරන්නේ නම් ආණ්ඩුවේ සරළ බහුතරය අහිමි වීම පැහැදිලිව නුදුරේදීම සිදු විය හැක්කක් බව රණවක මන්ත්‍රීවරයා ගේ අදහසය.
ඊයේ මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ රණවක මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ද රාජපක්ෂවරු යවන ක්‍රමය ගැන කතා කරන සර්වපාක්ෂික සමුළුවක් තිබේ නම් තමන් ඉතා කැමැත්තෙන් ඊට සහභාගී වන බවය. එක්සත් ජාතික පක්ෂයන් විසින් සංවිධානය කරන ලද සත්‍යග්‍රහයට එක්වූ 43 සේනාංකය ඉදිරියේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම රාජපක්ෂවරු නොවන ආණ්ඩුව තුළ සිටින කණ්ඩායම් ආරාධනා කළහොත් 43 සේනාංකය ඒ අය සමග කටයුතු කිරීමට සූදානමින් සිටින බවය.
"රටට දැන් අවශ්‍යයි පුළුල් සන්ධානයක්. පොදු එකඟතාවයක්. මේ අර්බුධයෙන් ගැලවෙන්න මේ තනි මතවලට, තනි ගමන් වලට වඩා සාමූහික ප්‍රයත්නයක් රටට දැන් අවශ්‍යයි. එකිනෙකට වෙනස් මත තියෙන අය එකතු කරගන්න එක ඉතාම දුෂ්කර දෙයක් . නමුත් මේ මොහොතේ රටට අවශ්‍ය කාරණය ඒක තමයි. ඒ සඳහා අපි එක්සත් ජාතික පක්ෂය එක්ක විතරක් නෙවෙයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජපක්ෂවරු නොවන වෙනස් අදහස් දරන ප්‍රගතිශීලී සියලු දෙනා එක්කම කටයුතු කරන්න සූදානම්."
ඛණිජ තෙල් අර්බුදය සම්බන්ධයෙන් ද අදහස් දක්වන පාඨලී චම්පික රණවක මහතා පවසන්නේ දිනපතා ඉන්ධන මිල වැඩි කිරීමේ ක්‍රියාදාමයකට ආණ්ඩුව දැන් පෙළඹී ඇති බවය. අයිඕසී සමාගම වෙත රුසියාව විසින් තෙල් ලබාදෙන්නේ වෙළෙඳපොලේ පවතින මිලට ඉතා අඩු මිලකටය. එසේ අඩුමිලට ලබාගනිමින් ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන් වෙත අධික මිලකට ඉන්ධන අලෙවි කරන අයි ඕ සී සමාගම ඉන් ලබන්නේ දැවැන්ත ලාභයක් බව රණවක මන්ත්‍රීවරයා හෙළිදරව් කළේය.
ලංකා ඛණිජ තෙල් සංස්ථාව ද අයි ඕ සී ය වෙතින් තෙල් ලබාගන්නා පසුබිමක් තුළ අයි ඕ සීය ලබන අධික ලාභය සිපෙට්කෝව වෙත ලබාගැනීමේ වැඩපිළිවෙලක් සඳහා ආණ්ඩුව කටයුතු නොකරන්නේ කුමන හේතුවක් නිසා දැයි රණවක මන්ත්‍රීවරයා ප්‍රශ්න කරයි.

මේ වෙලාවේ අගමැති වෙන්න : රනිල්ට පිස්සු නෑ !
අග්‍රාමාත්‍ය ධූරය හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත දීමට කිසිදු සූදානමක් නැති බව පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසයි.
අගමැති ධුරය සඳහා සුදුසුම පුද්ගලයා මේ වන විට එම තනතුර දරන බවත් ඔහු පවසන අතර ඒ එම පක්ෂයේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.
අගමැති ධූරය සහ ජාතික ආණ්ඩුවක් පිළිබඳව පළ වන වාර්තා පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අදහස් පළ කළ අතර මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමින් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පැවසුවේ, රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිකම ලබා දීමට තරම් මොලේ අමාරුවක් සිය පක්ෂයේ කිසිවෙකුට ඇතැයි, තමන් නොසිතන බවයි.
මේ වෙලාවේ අගමැති වෙන්න තරම් මොලේ අමාරුවක් රනිල්ට තියෙනවාද ?
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් එජාප ප්‍රබලයකු සඳහන් කර සිටියේ මේ මොහොතේ අගමැති වීමට තරම් මොළේ අමාරුවක් රනිල් වික්‍රමසිංහ නායකයාට ඇතැයි තමන්ද නොසිතන බවයි.
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ රට හමුවේ යෝජනා කර ඇත්තේ , රාජ්‍ය පාලනයේ අසමත් බව සෑම අංශයකින්ම ඔප්පු කළ වත්මන් පාලනය තුළ අගමැති වීමක් නොව, ජාතික ප්‍රතිපත්ති රාමුවක් සකස්කර රට වැටී ඇති ගිනිය නොහැකි අර්බුදයෙන් ගොඩ ගැනීම බව්ත් ඔහු පැවසීය.
එහිදී එජාප ප්‍රබලයා වැඩිදුරටත් මෙසේද අදහස් දැක්වීය.
අපිට කිසිම හදිසියක් නෑ හෙට ආණ්ඩුව ගන්න. අනික එහෙම ආවට ගියාට ආණ්ඩු ගන්නත් බෑ. අපි ඔය සසමහරු වගේ ව්‍යවස්ථාව අමතක වෙලා, හෙට ජනාධිපතිවරණයක් තියන්න කියන්නෙත් නෑ. මහින්ද අගමැතිතුමාගෙන් කොයි වෙලාවෙද අගමැතිකම ගන්නේ කියලා කුරුමාණම් ඇල්ලිල්ලකුත් අපේ නෑ. අපිට දැක්මක් වැඩපිළිවෙළක් තියෙනවා. නමුත් එය මේ මොහොතට ප්‍රමාණවත් නෑ. මොකද ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න බලය අපිට නෑ. හැබැයි අපි, ඒ බලය ලබාගන්න ක්‍රියාත්මක වෙනවා. ඒක ආවට ගියාට කරන්න බෑ. යහපාලනය සම්බන්ධයෙන් අපිට උගත් පාඩම් ප්‍රමාණයක් තියෙනවා.
කොහොම නමුත් ජනතාව මේ වෙලාවේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂය දිහා බැලීම වැදගත්. කොහොමටත් වෙන්න ඉඩක් නැති , පොදුජන පෙරමුණ ආණ්ඩුවේ රනිල් අගමැති වෙන්න වගේ හිනා යන ගොසිප් වලට ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂයේ ලේකම් මාධ්‍ය හමුවක් තියනවා. ඒවා දැකලා සමහරු සැනසුම් සුසුම් හෙළනවා. ඒ කියන්නේ මොකක්ද ? මේ මහ අර්බුදය ගොඩදාන්න පුළුවන් නායකයා රනිල් වික්‍රමසිංහ බව මේ උදවිය දන්නවා. ඔවුන් ගේ නායකයන් අසමත් බවත් දන්නවා. වෙනමොන කතාද ?"

රටඉඳි බද්ද රුපියලට බස්සයි !
ආනයනික රට ඉඳි කිලෝග්‍රෑම් 1ක් සඳහා රුපියල් 200ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 199කින් අද (28) සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කර ඇත.
රාමසාන් සමයේ මුස්ලිම් ජනතාවට සහන සැලසීමේ පියවරක් ලෙස මේ බදු මුදල් අඩු කරන ලෙස මුස්ලීම් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් අවස්ථා කිහිපයකම ප්‍රසිද්ධියේ ආණ්ඩුවට බලකරනු පසුගිය සමයේ දකින්නට ලැබිණි.
අදාළ බදු අඩුකිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය විසින් ද නිවේදනයක් නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි.

ඉන්දීය විදේශ ඇමති ජනපති හමුවෙයි
තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් අද (28) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු විය.
ජෙයිශංකර් මහතාගේ පැමිණීම පිළිබඳවත් ආහාර, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය ප්‍රදාන ලබා දීම පිළිබඳව ත් ජනාධිපතිවරයා එහිදී සිය සතුට පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ජෙයිශංකර් මහතා දිවයිනට පැමිණ සිටින්නේ, අද කොළඹදී ඇරඹෙන පස්වන බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වීම සඳහායි.
මේ අතර මේ වසරේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට 75 වසරක් සැපිරීම නිමිත්තෙන් සමරු කාසියක් සහ සමරු මුද්දරයක් නිකුත් කිරීම ඇතුළු සැමරීමේ උත්සව ගණනාවක් සංවිධාන කර ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා රත්මලාන විවෘත කෙරේ
රත්මලාන ගුවන්තොටුපොළ යළි ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් බවට පත් කර තිබේ.
වසර 54කට පසු රත්මලාන ගුවන් තොටුපලේ සිට ජාත්‍යන්තර ගුවන් ගමන් යළි ආරම්භ කර ඇත.
ඒ අනුව ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් බවට පත් කරමින් පළමු ගුවන් යානය (27) මාලදිවයින සිට පැමිණියේ ය.
මෙම ගුවන්තොටුපොළ යළි ජාත්‍යන්තර ගුවන්තොටුපළක් බවට පත්කිරීම වෙනුවෙන් වු නියමයන් සපුරා ඇති බව සදහන් කරමින් ගුවන් තොටුපොළ සහතික කිරීමේ ජාත්‍යන්තර සහතිකය ද මෙහිදී සිවිල් ගුවන්සේවා අධිකාරිය මගින් ගුවන්තොටුපොළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා පුද්ගලික සමාගම වෙන භාර දුන්නේය.

රනිල්ගේ උත්සාහය සාර්ථකයි : IMF වාර්තාව ගැන විවාදයක් !
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලංකාව සම්බන්ධයෙන් නිකුත්කර ඇති වාර්තාව ගැන පාර්ලිමේන්තුවේදී වහාම විවාදයක් පවත්වන ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉල්ලා ඇත.
මේ බව සඳහන් කරමින් එජාප මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත්කර ඇති අතර අදාළ වාර්තාව සම්බන්ධයෙන් රජය තම සැලැස්ම ඉදිරිපත් කිරීම අතිශය වැදගත් බවත්, මූල්‍ය ආධාර සඳහා IMF සම්බන්ධ කර ගැනීමට රජය තෝරාගෙන ඇති බැවින් පාර්ලිමේන්තුව තුල IMF වාර්තාව පිළිබඳව සාකච්ඡා කරන බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසූ බවත් එහි සඳහන් ය.
අදාළ නිවේදනය පහත දැක්වෙයි.
මේ අතර වාර්තා වන්නේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ ඉල්ලීම අනුව එළැඹෙන අප්‍රේල් මුල් සතියේ පාර්ලිමේන්තු විවාදයක් ලබාදීමට ආණ්ඩුව පාර්ශ්වය එකඟව ඇති බව ය.
ඒ බව ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු තහවුරු කර ඇත.
රනිල්ගේ උත්සාහය සාර්ථක වෙලා !
මාර්තු 23 පැවති සර්ව පාක්ෂික සමුළුවට පෙර IMF වාර්තාව සම්බන්ධයෙන් ආණ්ඩුව නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමට උත්සාහ කරත්, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ අදහස් හමුවේ IMF වාර්තාව ලැබීම පිළිගැනීමට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ට සිදුවිය.
එහිදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ අතර වචන හුවමාරුවක් පවා සිදුවූ අතර , කෙසේ වුවත් ලැබුණු අවස්ථාව ප්‍රයෝජනයට ගෙන රනිල් වික්‍රමසිංහ සිදුකළේ විපක්ෂ නායක භූමිකාවක් බව දේශපාලන ක්ශේත්‍රයේ කතා බහක් පවා නිර්මාණය වී තිබේ.
පාර්ලිමේන්තුවේදී සජබ මන්ත්‍රීවරුන් මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද අවස්ථා කිහිපයක්ම IMF වාර්තාව පාර්ලිමේන්තුව ට ලබා ගැනීම සම්බන්ධයෙන් මුදල් ඇමති වෙතින් ඉල්ලීම් සිදුවුවත් ඊට නිසි ප්‍රතිචාර ලැබුණේ නැත.
ඒ අනුව මෙය සර්ව පාක්ෂික සමුළුව අවස්ථාව උපයෝගී කරගෙන සිදුකළ දේශපාලන මැදිහත්වීමක ප්‍රතිඵලයක් බව දේශපාලන විචාරකයන් ද පවසයි.

මහින්ද යනවද ? අලුත් අග්‍රාමාත්‍යවරයකු එනවද ? මහින්දම කියයි !
අග්‍රාමාත්‍ය ධුරයෙන් මහින්ද රාජපක්ෂ ඉවත්ව ජුනි 10ට ප්‍රථම අලුත් අග්‍රාමාත්‍යවරයකු පත්වන බවට මේ දිනවල සමාජ ජාල ඔස්සේ සිදුකරන ප්‍රචාරයන් අසත්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සඳහන් කර ඇත.
මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් අගමැති මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ ,මේ මොහොතේ ධූරය අතහැර යාමට හෝ වෙනත් අයෙකුට පැවරීමට කිසිදු අවශ්‍යතාවක් නැති බවය.
තමන් හෝ ආණ්ඩුවේ වෙනත් මැති ඇමතිවරුන් පිළිබඳව විවිධ කතා පැතිර යෑමට ඉඩ ඇති බවත් මේවා සම්පූර්ණ අසත්‍ය බවත් ඔහු එහිදී පවසා ඇත.
ආණ්ඩුව හිතවාදී මාධ්‍යත් වාර්තා කළා !
කෙසේ වුවත් මේ පුවත සමාජ මාධ්‍ය ඇතුළු ප්‍රසිද්ධ වෙබ් අඩවි පවා වාර්තා කළ අතර , එහි විශේෂත්වය වූයේ ආණ්ඩුව හිතවාදී වෙබ් අඩවි පවා මෙම පුවත වාර්තා කර තිබීමය.
ඒවායේ සඳහන් වූයේ , නව අග්‍රාමාත්‍යවරයකුගේ පැමිණීම සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ විසින් අරලිය ගහ මන්දිරය භෝජනාගාර සේවකයින් වෙත ඉඟි පළකර ඇති බවයි.
කාගෙද මේ ප්ලාන්ට් එක ?
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ මෙවැනි පුවත් ආවට ගියාට ප්‍රචාරය නොවන බවයි.
අග්‍රාමාත්‍ය ධූරය අපේක්ෂා කරන පාර්ශ්වයක් වෙතින් මිස එවැන්නක් සිදුවිය නොහැකි බවත් විචාරකයන් පවසයි.

සජිත් සර්ව පාක්ෂික සමුළුවට නොගියේ : රනිල්ගේ ප්‍රතිරූපයට බයේද ?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉල්ලීමක් අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කැඳවා තිබූ සර්ව පාක්ෂික සමුළුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් වර්ජනය කර ඇත්තේ ප්‍රතිරූපය සම්බන්ධයෙන් වූ ප්‍රශ්නයක් නිසා බව අනාවරණය වෙයි.
මේ බව ජාතික පුවත්පතක "රාජ්‍ය රහස්" හෙළිදරව් කරන දේශපාලන ගොසිප් විශේෂාංගයක වාර්තා කර ඇත.
එහි සඳහන් ආකාරයට අදාළ සර්ව පාක්ෂික සමුළුව අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ නායක , හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රතිරූපය නැංවෙනු ඇති බවට සජබ ට වාර්තා වී ඇත. එහිදී සජබ කොන්කරනු ඇති බවටත් තොරතුරු ලැබී ඇත.
කොවිඩ් වසංගතය පැමිණි අවස්ථාවේ දී ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කැඳවූ සර්ව පාක්ෂික සමුළුව අවස්ථාව සඳහා සජබ නායක සජිත් ප්‍රේමදාස සහභාගි වූ නමුත් ප්‍රතිරූපය නැංවුනේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ බවත් දැනගෙන ඇත.
පසුව මේ ගැන පැරණි වීඩියෝ විමර්ශනය කිරීමට වෙනම කණ්ඩායමක් පත්කිරීමටත් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා කටයුතු කර ඇත.
ඔවුන් වාර්තා කර ඇත්තේ ද කොවිඩ් වසංගතය අවස්ථාවේ පැවැත්වූ සර්ව පාක්ෂික සමුළුවේදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රතිරූපය නංවා ඇති බවයි.
මේ සම්බන්ධයෙන් අදාළ පුවත්පත් වාර්තාවේ කොටස පහත දැක්වෙයි.
කලින් කළා වගේ රනිල් පුම්බයිද? වීඩියෝ බලන්න වෙනම ටීම් එකක්!
මීට පෙර පැවැති සර්වපාක්ෂික සමුළුවේදීද මෙවැනිම ආකාරයේ සිදුවීමක් සිදුවූ බව එහිදී කතා කළ බොහෝ දෙනා සජිත්ට දැනුම්දී තිබිණි. ඉකුත් කොරෝනා සමයේදී අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම සර්වපාක්ෂික සමුළුව පැවැති අතර, ඊට සජබ නායකයා සහභාගි වුවත්, රනිල්ගේ ප්‍රතිරූපය වර්ධනය වන ආකාරයට එහි මාධ්‍ය ආවරණ කටයුතු සිදුකොට තිබූ බව ඉන් කියැවිණි. ඒ අනුව සජිත් කළේ එදින රාත්‍රියේ විශේෂ කණ්ඩායමක් පත්කොට අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සර්වපාක්ෂික සමුළුවේ විකාශය කළ රූපරාමු ගෙන්වාදෙන ඒවා විමර්ශනය කරන ලෙස උපදෙස් ලබා දීමය. ඒ අනුව එම කණ්ඩායම වහාම අදාළ දිනයේ සියලුම රූපවාහිනී විකාශයන්වල රූප රාමු ගෙන්වාගෙන ඒවා විකාශය කළ ආකාරය සියුම්ව නිරීක්ෂණය කිරීමට පියවර ගත්හ. ඒ අනුව ඔවුන්ටද තහවුරු වූයේ රාජ්‍ය මාධ්‍ය පමණක් නොව ආණ්ඩුවට හිතවත් පෞද්ගලික මාධ්‍ය පවා රනිල්ගේ ප්‍රතිරූපය වර්ධනය වන ආකාරයට පුවත් විකාශය සිදුකර ඇති බවය. ඒ අනුව ඊට අදාළ වාර්තාව සකස් කළ එම කණ්ඩායම එදිනම රාත්‍රියේ සජිත්ට එය ලබාදීමට පියවර ගත්හ.
ප්‍රතිරූපය ඉබේ හදන්න බෑ : අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමත් නායකත්ව ලක්ෂණයක් !
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයකු පවසා සිටියේ , දේශපාලන පක්ෂ නායකයන් එකට විවෘතව අදහස් හුවමාරු කරගන්නා අවස්ථාවක එහි සම්පූර්ණ අවධානය අත්පත් කර ගැනීමත් නායකයකු සතු ගුණ ලක්ෂණයක් බවයි.
එහිදී වීඩියෝ කෝණ වලට වඩා දක්වනු ලබන අදහස් තීරණාත්මක බවත් වීඩියෝ කොණ හෝ වෙනත් තාක්ෂණික උපාය උපක්‍රම අතික්‍රමණය කිරීමට වැදගත් වන්නේ දක්වනු ලබන අදහස් සහ අන්තර්ගතය බවත් ඔවුන් පවසයි.
පසුගිය 23 වනදා පැවති සර්ව පාක්ෂික සමුළුව අවස්ථාවේ කැමරා කෝණ වලට වඩා හිටපු අග්‍රාමාත්‍යවරයා රටේම අවධානය දිනා ගත්තේ ලැබුණු අවස්ථාව උපයෝගී කරගෙන නායකයකු ලෙස දැක්වූ දේශපාලන පරිණතභාවය හරහා බවත් දේශපාලන විචාරකයන් පවසයි.
ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ජනාධිපති මාධ්‍ය ඒකකය හෝ ආණ්ඩුවක්, විශේෂයෙන් රාජපක්ෂ පාලනයක් කිසිම විටෙක වෙනත් දේශපාලන පක්ෂ නායකයකු ඔසවා තැබීමේ සැළැස්මක් යන්න විහිලුවකට වඩා වැඩි දෙයක් නොවන බවයි. විශේෂයෙන් ආණ්ඩුවත්, රාජපක්ෂවරුන් ගැනත් ජනතාව අතර බලවත් අප්‍රසාදයක් මතුව ඇති පසුබිමක එවැනි විහිලු විපක්ෂ නායක විශ්වාස කරයි නම් එය අදේශපාලනික බව ප්‍රදර්ශනය කිරීමක් බවත් දේශපාලන විචාරකයන් අවධාරණය කරයි.

ආණ්ඩුවේ 10ක් ස්වාධීන වෙන තීන්දුවක !
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනකු ඉදිරියට ස්වාධීන කණ්ඩායමක් ලෙස පෙනී සිටීමට තීන්දුවක් ගෙන ඇති බව වාර්තා වෙයි.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට සුසිල් ප්‍රේමජයන්ත , අනුර ප්‍රියදර්ශන යාපා , චන්දිම වීරක්කොඩි , නිමල් ලන්සා , ගෙවිදු කුමාරතුංග , ප්‍රේම්නාත් සී දොලේවත්ත යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම තවත් රාජ්‍ය අමාත්‍යවරුන් 03 ක් මේ පිරිස අතර සිටින බවත් වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් කරුණු පෙනී සිටින බව දැනුම්දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවීමට තීරණය කොට ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් අධිකරණ පවසයි.
මෙම මන්ත්‍රීවරුන් පිරිසට සුසිල් ප්‍රේමජයන්ත්, චන්දිම වීරක්කොඩි, නිමල් ලන්සා, ගෙවිඳු කුමාර, අනුර ප්‍රියදර්ශන යාපා, ප්‍රේමනාත් සි දොලවත්තය, රාජ්‍ය අමාත්‍යවරුන් තිදෙනකුද ඇතුළත් බවද වාර්තාවේ.

හාල් මෝල් වැඩ පෙන්වයි : නාඩු සුදු කැකුළු 200 ට නග්ගයි !
පොළොන්නරුවේ ප්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරිකයන් නැවත වරක් සතිපතා සහල් මිල ගණන් ඉහළ දැමීමට පටන්ගෙන ඇතැයි තොග වෙළෙඳ ව්‍යාපාරිකයෝ පවසති.
මොවුන් පසුගිය දෙසතිය තුළ වාර දෙකක් පමණ සිය නිෂ්පාදනවල මිල ඉහළ දමා ඇතැයිද මෙම ව්‍යාපාරිකයෝ සඳහන් කළහ.
පොළොන්නරුවේ ප්‍රධානම සහල් ව්‍යාපාර සමාගමක් වන අරලිය සමාගම වෙළෙඳුන් වෙත නිකුත් කර ඇති මිල ගණන් ලේඛනයට අනුව පසුගිය මාර්තු 12දා රු. 180/- ට අලෙවි කළ සම්බා සහල් කිලෝව මාර්තු 22දා සිට රුපියල් 205/- දක්වා රුපියල් රු. 25/-කින් මිල වැඩි කර තිබේ. මාර්තු 12දා රු. 175/- ට අලෙවි කළ නාඩු සහල් කිලෝව මාර්තු 22දා රු. 200/- දක්වා මිල ඉහළ දමා ඇත. එසේම මාර්තු 12දා රු. 175/- ට අලෙවි කළ සුදු කැකුළු සහල් කිලෝව මාර්තු 22දා රු. 200/- දක්වා මිල ඉහළ දමා තිබේ. මාර්තු 12දා රු. 180/- ට අලෙවි කළ රෝස කැකුළු මිල මාර්තු 22දා වනවිට රු. 205/- කි.
වී මිලදී ගැනීමේ සහතික මිල රජය විසින් ඉහළ දැමීම නිසා සහල් නිෂ්පාදන මිල ඉහළ යාමෙන් මෙලෙස සහල් මිල වැඩි කරන්නට සිදුවූ බව එම සහල් ව්‍යාපාරිකයන් සඳහන් කළ වග දේශය සමඟ මේ ගැන කරුණු දැක්වූ තොග වෙළෙන්ඳෝ සඳහන් කළහ.
-දේශය

IMF සමග වැඩ කරන්න : ජනාධිපතිගෙන් විශේෂ කමිටුවක් !
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කිරීම සඳහා ජාත්‍යන්තර නීති ආයතනයක් තෝරා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විශේෂ කමිටුවක් පත් කර ඇත.
විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් ගේ ප්‍රධානත්වයෙන් යුත් එම කමිටුවට අධිකරණ අමාත්‍ය අලි සබ්රි,ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල පත්කර ඇති බවත් වාර්තා වෙයි.
ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට රජය තීරණය කර ඇති අතර, එම කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා මෙම කමිටුව පත් කර ඇත .
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම සදහා අප්‍රේල් මාසයේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ වොෂින්ටන් නුවර බලා පිටත්ව යාමට නියමිත බවත් වාර්තා වෙයි.

තොණ්ඩමන්ගේ කොන්ග්‍රසය ආණ්ඩුවෙන් යන්න තීරණයක !
ලංකා කම්කරු කොන්ග්‍රසය පොදුජන පෙරමුණ ආණ්ඩුවෙන් ඉවත්වීමට එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණයක් ගෙන ඇති බව වාර්තා වෙයි.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ලංකා කම්කරු කොන්ග්‍රසය පක්ෂයේ නායක ජීවන් තොණ්ඩමන්ට කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා නොදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායකට කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාදීමට විරෝධය පළකරමින් ඔවුන් මෙම තීන්දුව ගෙන ඇත.
මේ වන විට ජීවන් තොණ්ඩමන් හට රාජ්‍ය අමාත්‍ය ධූරයක් ලබාදී ඇති අතර ඒ, වතු යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ලෙසය.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය අවස්ථාවේ පොදුජන පෙරමුණ සමග එක්ව ලංකා කම්කරු කොන්ග්‍රසය මන්ත්‍රී ධූර 4 ක් ලබා ඇති අතර මේ තීන්දුව අනුව ඔවුන් ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් ආණ්ඩුවට මන්ත්‍රී ධූර 04 අහිමි වෙයි.

බොරතෙල් මිළ යළිත් ඉහළට.....
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල නැවතත් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත.
රුසියානු තෙල් සහ ගෑස් සඳහා පැනවුණු බටහිර සම්බාධක මෙන්ම සෞදි අරාබියේ තෙල් ගබඩාවක් ප්‍රහාරයකට ලක්වීම ආදී කරුණු හේතුවෙන් මෙලෙස බොර තෙල් මිල ඉහළ ගොස් තිබේ.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතල් බැරලයක් ඩොලර් 120 යි ශත 70 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 114 ක් ලෙසයි.

ශ්‍රීලනිපය ආදර්ශයක් දුන්නොත් ඇමතිකම අත්හරිනවා - ඇමති නාමල්
අමාත්‍ය මණ්ඩලය අඩු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආදර්ශයක් ලබා දෙන්නේ නම් තමන් දරණ අමාත්‍ය ධූරය අත් හැරීමට සූදානම් බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.
අමාත්‍ය මණ්ඩලය අඩු කළ යුතු බවට සර්ව පාක්ෂික සමුළුවේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් කළ යෝජනාවට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
ඔහු මෙම අදහස් පල කළේ හොරණ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් කළ කරුණු විමසීමකදිය.
නෙත් එෆ්එම්

මැති ඇමතිලාගේ ගුවන් ගාය සනීප කරන්න තීන්දුවක් !
කැබිනට් ඇමැතිවරුන්ට සහ රාජ්‍ය ඇමැතිවරුන්ට රටේ විවිධ ප්‍රදේශවලට ගමන් කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂ අවසරයකින් තොරව හෙලිකොප්ටර් හෝ ගුවන් යානා ලබාදීම නතර කර ඇතැයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.
මේ සම්බන්ධයෙන් ‘ලංකාදීප’ ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුශාන් විජේසිංහගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කර ඇත්තේ ඉන්ධන ප්‍රශ්නය ඇතුළු හේතු කාරණා ගණනාවක් පදනම් කරගෙන එම තීරණයට පැමිණි බවයි.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා අගමැතිවරයා සහ විදේශීය රාජ්‍ය නායකයන්ගේ සංචාර සඳහා හෙලිකොප්ටර් හෝ ගුවන් යානා ලබාදීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව බැඳී සිටින බව ඔහු සඳහන් කර ඇත.
කැබිනට් හා කැබිනට් නොවන ඇමැතිවරුන්ට හෙලිකොප්ටර් හෝ ගුවන් යානා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙයට පෙර සපයනු ලැබීය.
මේ අතර හිටපු ඇමැතිවරුන් ගණනාවක් ඔවුන්ගේ ගුවන් සංචාර වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයවිය යුතු රුපියල් කෝටියකට වැඩි මුදලක් මෙතෙක් ගෙවා නැතැයි වාර්තා වෙයි.
Page 362 of 473