පුවත්

ඉන්ද්‍රා ට්‍රේඩර්ස් මුල්‍ය අනුග්‍රහයෙන් අපේක්ෂා රෝහලට පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්
රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව ප්‍රමාදවීමෙන් ගැටළු ගණනාවක් මතුවන බවත් මෙරට සමහර රාජ්‍ය ආයතන සමග වැඩ කිරීමේ දී සිදුවන ප්‍රමාදය අතිශය කණගාටුදායක කරුණක් බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසී ය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 'ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමූහ ව්‍යාපාරයේ' අධිපති ඉන්ද්‍ර කුමාර සිල්වාගේ පූර්ණ මූල්‍ය අනුග්‍රහයෙන් මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකිරීමට යෝජිත පස්මහල් ළමා වාට්ටු සංකීර්ණය සඳහා මුල්ගල තැබීමට අද (03) එම රෝහල් පරිශ්‍රයේ පැවති උත්සවයට සහභාගි වෙමිනි.
එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවයා...
සමහර රාජ්‍ය ආයතනවල වැඩ අතිශය ප්‍රමාදයි
''රෝහල්වල ඉදිකිරීම් සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශය බරපතල ගැටලු ගණනාවකට මුහුණ දී තිබෙනවා. සමහර ඉදිකිරීම් මීට වසර 08 කට පමණ පෙර ආරම්භ කර ඇතත්, එම වැඩකටයුතු යම් යම් හේතු නිසා අතරමඟ ඇණහිටීම හේතුවෙන් පළමු ඇස්තමේන්තුවට වඩා සියයට 50 ක 60 ක වැඩිවීමක් දිගින් දිගටම සිදු වී තිබෙනවා. එය විශාල ගැටලුවක්.
එමෙන් ම මෙරට සමහර රාජ්‍ය ආයතන සමග වැඩ කිරීමේ දී අතිශය ප්‍රමාද සිදුවෙනවා. එය ද ඉතා කණගාටුදායක තත්ත්වයක්.
මෙරට උපදේශන සේවා සහ ඉංජිනේරුමය සේවා සැපයීමේ දී මෙන් ම කොන්ත්‍රාත් වැඩපිළිවෙළේ දී තිබෙන ගැටලු සම්බන්ධව ජනාධිපතිතුමාගේ පවා අවධානය යොමු වී තිබෙනවා. භාණ්ඩාගාරය මුදල් ලබාදුන් පසු නියමිත කාලයේ දී ඉදිකිරිම් සිදු කළහොත් පමණක් ඇස්තමේන්තුවට අනුව එම කටයුතු අවසන් කළ හැකි යි. මුදල් වැඩි කර ඉල්ලා යොමු කරනු ලබන කැබිනට් පත්‍රිකා කිහිපයක් නිතර කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වෙනවා.
මින් ඉදිරියට රජය අලුතින් ඉදිකිරීම් ආරම්භ කිරීමේ දී එම ව්‍යාපෘති අවසන් කරන කාලය ජනතාවට ප්‍රදර්ශනය කිරීමට ද කටයුතු කරනවා. ඒ අනුව ජනතාවට ද ප්‍රමාදයන් පිළිබඳ යම් බලපෑමක් කළ හැකි වෙනවා.
මෙරට රෝහල් පද්ධතියට නව ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර (linear accelerator) 05ක්
මෙරටින් වසරකට අලුතින් පිළිකා රෝගීන් 33,000 ක් පමණ වාර්තා වන අතර එම පිළිකා රෝගීන් අතුරින් අපේක්ෂා රෝහලෙන් වසරකට පිළිකා රෝගීන් 11,000 ක් එනම් 35 % ක පමණ ප්‍රමාණයකට ප්‍රතිකාර සපයනවා. ළමා පිළිකා රෝගීන් ද 800 ක් පමණ හඳුනාගෙන තිබෙනවා. මෙම පිළිකා රෝගීන්ට ද ප්‍රතිකාර කිරිම සඳහා තිබෙන විශේෂිත මධ්‍යස්ථානය ලෙස අපේක්ෂා රෝහල හඳුන්වා දිය හැකි යි. පිළිකා රෝගීන්ට ප්‍රතිකාර සිදුකිරීම සදහා සෞඛ්‍ය උපකරණ ලබා දීමේ දී රජය දැඩි උනන්දුවකින් කටයුතු කරගෙන යනවා.
අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර සිදුකිරීම සඳහා ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර (linear accelerator) කඩිනමින් බලාදීමට කටයුතු කරනවා. නව ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර (linear accelerator) 05 ක් මෙරට රෝහල් පද්ධතියට ලැබීමට නියමිතයි. ආසියානු සංවර්ධන බැංකුව මගින් ද තවත් ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර (linear accelerator) යන්ත්‍ර දෙකක් මෙම රෝහලට ලබාදීමට කටයුතු කරනවා. එයින් පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සේවාවන්ට විශාල සහනයක් ලැබෙනවා.
පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කරනවා සේම පිළිකා රෝගයට ජනතාව ගොදුරුවිම වළක්වා ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය විවිධ ක්‍රමවේදයන් ඔස්සේ ක්‍රියා කරනවා.
මේ සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙස පිළිකා රෝහලේ මුළුතැන්ගෙය පෞද්ගලික රෝහලක මුළුතැන්ගෙයක මට්ටමට ම සංවර්ධනය කරනවා. රෝගීයා ඉලක්ක කරගෙන සකසන ආහාර වට්ටෝරුව රෝගියාට ලබාදෙනවා වෙනුවට රෝගියාගේ අවශ්‍යතාවය පරිදි යම් සංශෝධනවල යටත්ව රෝගියාට ගැළපෙන ආහාර වට්ටෝරුවක් ලබාදීමට නියමු ව්‍යාපෘතියක් පෝෂණය පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්ගේ දායකත්වයත් සමග මෙම රෝහලෙන් ආරම්භ කරනවා.''
රුපියල් මිලියන 600 කට ආසන්න මුදලක් වැයකර ඉදිකිරීමට යෝජිත මෙම පස්මහල් ළමා වාට්ටු සංකීර්ණය ඇඳන් 80 ධාරිතාවයකින් යුත් ළමා වාට්ටු දෙකක්, ළමා දැඩිසත්කාර ඒකකයක්, ළමා බාහිර රසායනික චිකිත්සා ඒකකයකින් ද යුක්ත ය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන මෙම ළමා වාට්ටු සංකීර්ණය වර්ෂයක් තුළ ඉදිකිරීම් නිම කිරීමට අපේක්ෂා කරයි. මෙහි සැලසුම් නිර්මාණය කිරීම ද පරිත්‍යාගයක් ලෙස නොමිලේ සිදුකර ඇත.
මෙම අවස්ථාවට: අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේකඛාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නාහිමියන්, හුණුපිටිය ගංගාරාම විහාරයේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි නාහිමියන්, අපේක්ෂා රෝහල් විහාරයේ විහාරාධිපති හේනේගම ධම්මාධාර නාහිමි ඇතුළු ව, ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමූහ ව්‍යාපාරයේ කළමණාකාර අධ්‍යක්ෂ රුෂාන්ත සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාෂල් බන්දු එදිරිසිංහ, මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර, නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය බී.අයි.කුරුකුලසූරිය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව, පිළිකා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය සංජීව ගුණසේකර, ඇතුළුව රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල නියෝජනය කරමින් පිරිසක් සහභාගි වූහ.
(සටහන - දීප්ති විජේතුංග)

අයවැයෙන් ඉහළ දැමු විශ්‍රාම වැටුප් මේ මාසයේ සිට
අයවැයෙන් ඉහළ දැමීමට තීරණය කළ, විශ්‍රාම වැටුප් මේ මාසයේ සිට ලබාදෙන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සදහන් කරයි.
අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න සඳහන් කළේ, විශ්‍රාමික රාජ්‍ය සේවකයින් ලක්ෂ 05කට අධික පිරිසකට එම ඉහළ දැමූ විශ්‍රාම වැටුප් හිමි වන බවයි.

කඳානේ වෙඩිතැබීමකින් එක් අයෙක් ජීවිතක්ෂයට
අද (03) උදෑසන කඳාන පොදු වෙළෙඳ සැල අසල දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩිතැබීමකින් තුවාල ලැබූ එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෝටර් රථයක සිටි පුද්ගලයන් දෙදෙනෙකු ඉලක්ක කර එම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව යි පොලීසිය සඳහන් කළේ,
තුවාල ලැබු පුද්ගලයන් දෙදෙනා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර එලෙස මිය ගොස් ඇත්තේ, අවුරුදු 50ක් වූ කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
මෙම වෙඩිතැබීමෙන් තුවාල ලැබූ අනෙක් පුද්ගලයා දිවංගත අමාත්‍ය මංගල සමරවීර ගේ පෞද්ගලික ලේකම්වරයෙකු වූ සමීර මනහර බව පොලීසිය පවසයි.

මර්වින් ඇතුළු තිදෙනාට ඇප
රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනාට ඇප නියම කර තිබේ.
ඒ මර්වින් සිල්වා විසින් ඉදිරිපත් කරන ලද ඇප අයදුම්පත අද (03) ගම්පහ මහාධිකරණ විනිසුරු ඩබ්. කේ. ඩී. විජයරත්න ඉදිරියේ දී සලකා බැලුණු අවස්ථාවේ දීය.
එහිදී විත්තිකරුවන් වූ මර්වින් සිල්වා, ජයන්ත කබ්රාල් සහ නවීන් වීරකෝන් යන විත්තිකරුවන් තිදෙනාටම ඇප හිමි වුණි.
තිදෙනාගෙන් එක් එක් අය සඳහා රුපියල් ලක්ෂ 2ක මුදල් ඇපයක් මෙන්ම ලක්ෂ 50ක ශරීර ඇප පහක් මත ඔවුන් මුදාහැර ඇති අතර ඔවුන්ගේ විදේශ ගමන් ද තහනම් කර තිබේ.
තවද සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙස විත්තිකරුවන්ට දැඩි ලෙස අවවාද කළ අතර සෑම ඉරිදා දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසද නියෝග කර ඇත.

IMF සිව්වන සමාලෝචනයට අනුමැතිය
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පූර්ණ කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 254ක්, එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක් පමණ වෙනුවෙන් ප්‍රවේශය හිමිවන අතර මේ දක්වා මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ලබා දී ඇති මුළු මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 1.74ක් දක්වා ඉහළ යනු ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා විසින් මේ බව නිවේදනය කර සිටී.

Starlink ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෙරේ
‘Starlink’ අන්තර්ජාල සේවාව මේ වන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක බව ලොව සුප්‍රකට ව්‍යාපාරික ඊලොන් මස්ක් සිය”X” ගිණුමෙහි සටහනත් තබමින් පවසයි.
Starlink උපකරණ කට්ටල 112ක් රට තුළට ආනයනය කර ඇති අතර Starlink සේවා ලබා ගැනීම සඳහා ආරම්භක පරිශීලකයන් ලෙස 12දෙනෙක් තෝරාගෙන පසුගියදා සේවාව ක්‍රියාත්මක කර තිබුණි.
ශ්‍රී ලංකාව සඳහා Residential පැකේජයේ මිල මසකට රුපියල් 15,000ක් වන අතර අවශ්‍ය උපකරණ සඳහා රුපියල් 118,000ක මුදලක් දැරීමට සිදුවෙයි.
මෙම පැකේජය සඳහා Unlimited Data පහසුකම හිමිවෙයි.

යෝෂිතට සහ ඩේසි ආච්චිට අධි චෝදනා
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වූ තවත් නඩුවක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරොස්ට් යන අයට අද (02) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාර දුන්නේය.
කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න ඉදිරියේ මෙම අධි චෝදනා භාරදීම සිදුවිය.
ඉන් අනතුරුව විත්තිකරුවන් දෙදෙනා රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද විනිසුරුවරයා නියම කළේය.
විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තා කැඳවන ලෙසත් විනිසුරුවරයා නියම කළේය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු ඇතුළු තිදෙනෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලංකා රේගුවේ නිශ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ආකාරයෙක් ලියාපදිංචි වූ වාහන සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයක් යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ ටොයොටා වර්ගයේ ජීප් රථයකට අදාළ අංක තහඩුව නිකුත් කිරීමට අනුමැතිය ලබා දීම සම්බන්ධව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වූ නිශාන්ත අනුරුද්ධ වීරසිංහ සහ ඊට අදාළව අනීතිකව දත්ත ඇතුළත් කිරීමට අවස්ථාව සලසාදීම සහ අදාළ දත්ත ඇතුළත් කිරීම සම්බන්ධව එම දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂ, තොරතුරු තාක්ෂන ප්‍රියන්ත බණ්ඩාර ඊරියගම සහ ලිපිකරුවෙකු වූ ධම්මික නිරෝශන් නැමැති තිදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අද (01) අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර සැකකරුවන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

සංශෝධිත බස් ගාස්තු..........
ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස් ගාස්තුව 0.55%කින් අඩු කිරීමට තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඉන්ධන මිල සූත්‍රය අනුව මාසික ඉන්ධන මිල සංශෝධනය සිදුවූ බැවින් ඉන්ධන මිල ගැලපීමෙන් පසුව නව බස්ගාස්තු සංශෝධනය 0.55%කින් අඩු කිරීමට තීරණය කළ බවයි එම නිවේදනයේ සඳහන් වෙයි.
කෙසේවෙතත් අවම ගාස්තුවේ වෙනසක් නොමැති බවයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සඳහන් කළේය.

ශ්‍රී ලංකන් හිටපු සභාපති තවදුරටත් රිමාන්ඩ්
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ ලබන 15 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මෙම නියෝගය නිකුත් කර තිබේ.
එදිනට පෙර විමර්ශන කටයුතු අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස ද මහෙස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමට නියම කර ඇත.

ඉන්ධන මිල සංශෝධනය කෙරේ
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.
ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රු.15 කින්, භූමිතෙල් ලීටරයක මිල රු. 7 කින් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු. 12 කින් ඉහළ ගොස් තිබේ.
මේ අතර, සෙසු ඉන්ධන මිල සංශෝධනය නොවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වේ
හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වී තිබේ.
පවුලේ ආරංචි මාර්ග පැවසුවේ මීට සුළු මොහොතකට පෙර ඒ මහතා අභාවප්‍රාප්ත වූ බවය.
මියයන විට ඒ මහතා 82 වියේ පසු විය.
ලොකුගේ මහතා 1960 දී එක්සත් ජාතික පක්ෂයේ (එජාප) සාමාජිකයෙකු ලෙස සිය දේශපාලන ජීවිතය ආරම්භ කළේය.
ඔහුගේ පළමු සාර්ථක ජාතික මට්ටමේ මැතිවරණ ව්‍යාපාරය 1983 දී සිදු වූ අතර, එහිදී ඔහු කැස්බෑව මැතිවරණ දිස්ත්‍රික්කය නියෝජනය කිරීම සඳහා පැහැදිලි බහුතරයකින් තේරී පත් විය. 1989 සහ 2002 දී එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් යුත් ආණ්ඩු යටතේ ඔහු සංචාරක අමාත්‍යවරයා ලෙස සේවය කළේය.
2006 දී, එවකට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සමඟ ඇති වූ පෞද්ගලික මතභේද හේතුවෙන්, ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රජයට එක් විය.
2007 ජනවාරි මාසයේදී, ලොකුගේ ක්‍රීඩා හා පොදු විනෝදාත්මක අමාත්‍යවරයා ලෙස පත් කරන ලදී.
ඔහු 2010 සහ 2015 යන වසර දෙකේදීම නැවත පාර්ලිමේන්තුවට තේරී පත් විය.
2019 නොවැම්බර් 27 වන දින ඔහු නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කරන ලද අතර 2020 අගෝස්තු 12 වන දින ඔහු ප්‍රවාහන කැබිනට් අමාත්‍යවරයා ලෙස රාජකාරි භාර ගත්තේය.

මහාචාර්ය මාලනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි
ඉතිහාස විෂය ජාතික මට්ටමින් ඉගැන්වීමට ඇපකැපවූ මහාචාර්ය මාලනී ඇඳගම අද (30) අභාවප්‍රාප්ත වී වූවාය.
80 දශකයේ ආරම්භයේ සරසවි දිවියට පිවිසි මහාචාර්ය මාලනී ඇඳගම දශක හතරකට වැඩි කාලයක් ආචාර්ය, මහාචාර්ය තනතුරුවල නිරතවුණි.
පසුව විශ්වවිද්‍යාලයේ සනාතන සභාව විසින් ප්‍රදානය කරන ලද සේවා සම්මානිත මහාචාර්ය පදවියෙන් පිදුම් ලැබූ මාලනී ඇඳගම වර්තමානයේ අපේ රටේ ඉතිහාසය අඛණ්ඩව ලියනු ලබන මහාවංශ සම්පාදක මණ්ඩයලයේ ලේකම් තනතුර දරනු ලැබීය.
ඉතිහාස විෂය ජාතික මට්ටමින් ඉගැන්වීමට ඇපකැපවූ මහාචාර්ය මාලනී ඇඳගම ”ශ්‍රී ලංකාවේ ගම්සභා ක්‍රමයේ ඉතිහාසය”, ”ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය ” ආදී ග්‍රන්ථ රැසක් රටට දායාද කර තිබේ.

සහකාර පොලිස් අධිකාරී වූට්ලර් නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කෙරේ
ශ්‍රී ලංකා පොලිසියේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පත් කර තිබේ.
ඒ අනුව හිටපු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පොළොන්නරුව කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස පත් කර ඇති බව සඳහන් වේ.

GMOA සභාපති ලෙස වෛද්‍ය සංජීව යළිත් වරක්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික නිලවරණයේදී සභාපති ලෙස වෛද්‍ය සංජීව තෙන්නකෝන් යළි තේරී පත්ව තිබේ.
එමෙන්ම එම සංගමයේ ලේකම්වරයා ලෙසද යළිත් වරක් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පත්ව ඇත.
ඒ ඊයේ (28) පැවැති එම සංගමයේ වාර්ෂික නිලවරණයේදීය.
එහිදී ඡන්ද 60%කට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් ඔවුන් නැවතත් එම තනතුරුවලට පත්ව තිබේ.
මෙම මැතිවරණයේදී වෛද්‍ය සංජීව තෙන්නකෝන් සහ වෛද්‍ය ප්‍රභාත් සුගතදාස එක් පාර්ශ්වයක් නියෝජනය කළ අතර අනෙක් පාර්ශ්වය ලෙස දර්ශන සිරිසේන සහ හරිත අලුත්ගේ පාර්ශ්වය තරග වැදුණි.
ඒ අනුව පැවැති මැතිවරණයෙන් දර්ශන සිරිසේන සහ හරිත අලුත්ගේ පාර්ශ්වය පරාජයට පත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නැවත බලය තහවුරු කර ගැනීමට වෛද්‍ය සංජීව තෙන්නකෝන් සහ වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පාර්ශ්වය සමත් විය.

කොළඹ වරායේ බහාලුම් තදබදය අවසන්
කොළඹ වරායේ ආනයන බහලුම් නිෂ්කාශනය කිරීමේදි ඇති ව තිබූ තදබදය මේ වනවිට අවසන් කර තිබෙන බව අතිරේක රේගු අධ්‍යක්ෂ සහ රේගු මාධ්‍ය ප්‍රකාශයක සීවලි අරුක්ගොඩ ප්‍රකාශ කර තිබේ.
අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ වැඩිදුරටත් සඳහන් කළේ දිනකට 1,200ක් පමණ ලැබුණු ආනයනික බහාලුම් ඇතැම් දිනවලදී 2,900 දක්වා ඉහළ ගිය අතර මේ හේතුවෙන් එම ආනයනික බහාලුම් නිෂ්කාශනය කිරීමේදි අතිරේක කාලයක් යෙදවීමට සිදුවූ බවයි.

බස් රියදුරන් ආසන පටි පැළඳීම ජුලි 01 සිට අනිවාර්යයි
ජුලි මස 01 වනදා සිට ක්‍රියාත්මක වනපරිදි බස් රථවල රියදුරන් ආරක්ෂිත ආසන පටි පැළඳීම අනිවාර්යය බව ජාතික ගමනාගමන කොමිසම පවසයි.
එහි සභාපති ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල සඳහන් කළේ, එසේ නොකරන රියදුරන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවය.
මෝටර් රථ පනතේ ප්‍රතිපාදන අනුව 2011 ඔක්තෝබර් මස 01 දින සිට වාහන රියදුරන් ආරක්ෂිත බඳ පටි පැළඳීමේ නීතිය ක්‍රියාත්මකය.
ගැසට් නිවේදනයක් මගින් එම නීතිය ප්‍රකාශයට පත්කෙරුණ ද බොහෝ රියදුරන් ආරක්ෂිත බඳ පටි නොපැළඳීම හමුවේ සිදුවී ඇත්තේ දිනෙන් දින රිය අනතුරු ඉහළයෑමකි.
මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම නීතිය ජුලි පළමු වැනිදා සිට අනිවාර්ය කිරීමට ජාතික ගමනාගමන කොමිසම පියවර ගෙන තිබේ.

ශානි අබේසේකර CID අධ්‍යක්ෂ ධුරයට නැවත පත් කෙරේ
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර පත් කර තිබේ.
ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය යටතේ මෙම පත් කිරීම සිදුකර ඇත.
Page 1 of 474