පුවත්

සාම්පූර් බලාගාරයට කැබිනට් අනුමැතිය !
ලංකා විදුලිබල මණ්ඩලය සහ ඉන්දීයාවේ ජාතික තාප විදුලි සංස්ථාවේ හවුල් ව්‍යාපාර සමාගමක් එකතුව ත්‍රිකුණාමලයේ සාම්පූර්හි සුර්යය විදුලි බලාගාරයක් ස්ථාපිත කිරීමට කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස විදුලිබල හා බලශත්කි අමාත්‍ය කංචන විජේසේකර විසින් එම යෝජනාව ඉදිරිපත් කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේතුව නිකුත් කළ කැබිනට් තීරණ දැනුම්දීමේ නිවේදනයේ සඳහන් වේ.
මීට පෙර සාම්පූර් ගල්අඟුරු විදුලි බලාගාරය ඉදි කිරීමට සැලසුම් කර තිබූ ස්ථානයේම මෙගාවොට් 135ක් සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් අදියර 02කින් ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියාවේ ජාතික තාප විදුලි සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය එකඟතාවයකට පැමිණ තිබේ.
එම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 42.5ක ඇස්තමේන්තුගත වියදමකින් සාම්පූර් සිට කප්පල්තුරේ දක්වා කිලෝමීටර් 40ක දිගකින් යුත් කිලෝමීටර් 220ක සම්ප්‍රේෂණ මාර්ගයක් ඉදිකිරීමට අපේක්ෂිතය.
මෙම අදියර 2024 සිට 2025 දක්වා වසර 2කින් නිම කිරීමට නියමිත බව සඳහන් වේ.
ව්‍යාපෘතියෙහි අදියර 02කදී අමෙරිකානු ඩොලර් මිලියන 72ක සම්පූර්ණ අයෝජනයක් යටතේ අතිරේක මෙගාවොට් 85ක ධාරිතාවකින් යුත් සූර්ය විදුලි බලාගාරයක් ඉදි කිරීමට නියමිතය.
එසේම, එම අදියර 02 යටතේ ජනනය කරනු ලබන විදුලිය බෙදාහැරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 42ක ඇස්තමේන්තුගත වියදමින් කප්පල්තුරේ සිට නව හබරණ දක්වා කිලෝවෝල්ට් 220ක ධාරිතාවක් සහිත කිලෝමීටර් 76ක දිගින් යුත් සම්ප්‍රේෂණ මාර්ගයක් ඉදිකිරීමට ද සැලසුම් කර ඇත.

හිටපු කථානයකවරයකු වූ ජෝසප් මයිකල් පෙරේරා දිවි ගමනට සමුදෙයි !
හිටපු කථානයකවරයකු වූ ජෝසප් මයිකල් පෙරේරා අද (28) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.
කලක් රෝගාතුරව සිටි ඒ මහතා මිය යන විට 81 වන වියේ පසුවුණි.
1964 වසරේ ජා ඇල නගරසභාවට තේරීපත් වෙමින් සිය ක්‍රියාකාරී දේශපාලන ජීවිතය ඇරඹූ ජෝසප් මයිකල් පෙරේරා මහතා 1976 වසරේදී මුල් වරට පාර්ලිමේන්තුවට පත්ව නියෝජ්‍ය අමාත්‍ය හා කැබිනට් අමාත්‍ය ධුර කිහිපයක්ම හොබවා තිබේ.
ජෝසප් මයිකල් පෙරේරා ශ්‍රී ලංකාවේ 17 වන කථානායකවරයා වශයෙන් 2001 - 2004 සමයේ කටයුතු කළේය.
ඔහුගේ දේහය පිළිබඳව අවසන් කටයුතු හෙට දිනයේ දැනුම් දීමට නියමිතය.

ජනපති නිවසට ගිනි පිම්බ සජබ කෙරුමෙක් හිරේ !
සමගි ජනබලවේගය පක්ෂයේ ක්‍රියාකාරිකයකු සහ කෝට්ටේ මහනගර සභාවේ හිටපු විපක්ෂ නායක වූ චන්දිම නයනජිත් අප්‍රේල් 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියට අදාළව කෝට්ටේ මහනගර සභාවේ හිටපු විපක්ෂ නායක චන්දිම නයනජිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබු අතර අද (28) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.
සැකකරු අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදි අදාළ සිදුවීම වූ දිනයේ දී සියදෙනෙකු එම ස්ථානයට රැගෙන ගිය බවට පැවසෙන හඬ පටයක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
එහි දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඒ අනුව ලබන මස 04 වනදා දක්වා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කෙරින.

අත්‍යවශ්‍ය සේවා වලට බාධා කරන ඛනිජ තෙල් සේවකයන් දොට්ට ?
අත්‍යවශ්‍ය සේවා සඳහා බාධා කරන ඛනිජ තෙල් සේවකයින් එම සේවයෙන් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස තමන් එම ආයතන සභාපතිවරයා වෙත දැනුම්දුන් බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්ය.
ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්තයේ හෝ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලට බාධාකරන වෘත්තීය සමිති නියෝජිතයින්ට හෝ සේවකයින්ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙසද ඔහු එමගින් දැනුම්දී තිබේ.
කෙසේ වුවත් ඊයේ ඛනිජ තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට රජය සූදානම් වන බව පවසමින් ඊයේ (27) සත්‍යග්‍රහයක් ආරම්භ කළ එහි වෘත්තීය සමිති එකමුතුව අද (28) වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත්කරනු ලැබිණ.

ඛනිජ තෙල් සේවක සත්‍යග්‍රහය වැඩ වර්ජනයක් බවට හරවයි !
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණයට එරෙහිව ඊයේ ආරම්භ කළ සත්‍යග්‍රහය අද (28) පස්වරුවේ නවතා වැඩවර්ජනයක් ආරම්භ කළ බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණයට එරෙහිව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව සත්‍යග්‍රහයක් ආරම්භ කරනු ලැබුවේ ඊයේ දිනයේදේය.
ඒ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සංස්ථාවේ කොලොන්නාව නිමාව ඉදිරිපිටදීය.
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණයට එරෙහිව ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුව අද පෙරවරුවේ දෙවන දිනටත් සත්‍යග්‍රහයේ යෙදී සිටියේය.
අනතුරුව අද දහවල් කෑම පැයේදී වෘත්තීය සමිති නායකයින් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සංස්ථාවේ කොලොන්නාව නිමාවේ සේවකයින් ඇමතු අතර පසුව වෘත්තීය සමිති නායකයින් නිමාව පරිශ්‍රයට ඇතුළු වීමේ පිවිසුම් දොරටු වසා දැමීමට පියවර ගෙන තිබුණි.
අනතුරුව යළි එහි පිවිසුම් දොරටු විවෘත කෙරුණද වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට සමගාමීව බවුසර් සඳහා ඉන්ධන පිරවීම නිමාව සේවකයින් විසින් අත්හිටුවනු ලැබීය.
ඉන්ධන පිරවීම අත්හිටුවීමත් සමඟ බවුසර් රියදුරන් සිය බවුසර් ගජබාපුර ප්‍රදේශයේ ගාල් කර ඇති අතර ඔවුන් බවුසර් සඳහා ඉන්ධන පිරවීමෙන් ද ඉවත්වී සිටින බවට බවුසර් හිමියන් ද චෝදනා කරයි.
කෙසේ වුවත් ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව අද පස්වරුවේ පැවැත්වු සාකච්ඡාවකින් පසුව සත්‍යග්‍රහය අවසන් කිරීමට පියවර ගත්තේය.
එහිදී තමන් බවුසර් සඳහා ඉන්ධන පිරවීමෙන් සහ බෙදාහැරීමෙන් ඉවත් වී අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව වැඩිදුරටත් සඳහන් කළේය.

ප්‍රවීන ගායන ශිල්පී සනත් නන්දසිරි දිවියෙන් සමුගනී
ප්‍රවීණ ගායන ශිල්පී හා සංගීතඥ සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතා අද (28) ජීවිතයෙන් සමුගත්තේය.
මිය යන විට ඒ මහතා වයස අවුරුදු 81 පසුවිය.
1942 පෙබරවාරි 15 වැනිදා හේරත් මුදියන්සේලා විලියම් පෙරේරාගේත්, දෝන අමලින් කටුගම්පළගේත් පවුලට එකතු වූ තුන්වැනි දරුවා සනත් නන්දසිරි සුපතළ වූයේ වාසනාවත්, උත්සාහයත්, නිර්මාණශීලීත්වයේ ප්‍රතිභාවත් ලංකාව පුරා පතුරවමිනි.
සනත්ට වයස අවුරුදු හතර වනවිට පෙරවරුවේ ගොතටුව මධ්‍ය මහා විද්‍යාලයටත්, පස්වරුවේ ශාන්ත මැතිව් විදුහලටත් අධ්‍යාපනය සඳහා යොමු කර ඇත.
රාත්‍රි කාලයේ ගුවන්විදුලියෙන් ප්‍රචාරය වන ශාස්ත්‍රීය සංග්‍රහයෙන් ඉන්දීය ගායන වාදනවලට සවන් දීමට ඔහු පුරුදු වූයේ කුඩා කාලයේ සිට බව සඳහන් වෙයි.
ඔහුට වයස අවුරුදු පහේ දී පමණ එනම් 1947 දී ජීවිතයේ මුල්වර ගීතයක් ගැයුවේ ගමේ උත්සවයක දී සිය වැඩිමල් සොයුරිය වූ ඊඩා සමගය.
සනත් නන්දසිරි මුලින්ම සිංහල ගුවන්විදුලියට පිවිසෙන්නේ 1955 දී වයස අවුරුදු 13 දීය. මේ කාලය තුළ මඩවල එස් රත්නායක, නන්ද ජයමාන්න, කරුණාරත්න අබේසේකර සහ සනත් විමලවීර සමඟ වැඩ කිරීමට ඔහුට අවස්ථාව ලැබුණි. වයස අවුරුදු 17 දී ඩී.ආර්. පීරිස් යටතේ තබ්ලා වාදනය හැදෑරීමට පටන් ගත්තේය. ඔහුගේ විවිධ ගුවන්විදුලි හා එළිමහන් වැඩසටහන්වලට නන්දසිරි සම්බන්ධ කළ ඔහුට මසකට වරක් ගුවන්විදුලි ජන ගායන වැඩසටහන්වලට සහභාගි වීමට ලැබුණි. 1960 දී වයස අවුරුදු 19 දී නන්දසිරි ඉන්දියාවට ගොස් භාත්ඛණ්ඩේ සංගීත ආයතනයේ ඩිම්ඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීය .
1965 දී ඔහු නැවත ලංකාවට පැමිණ ගුවන් විදුලියට සම්බන්ධ වී ගායන දිවිය ආරම්භ කළේය. ඔහු රජයේ සංගීත විද්‍යාලයට තේරී පත් වූ අතර 1967 සැප්තැම්බර් 7 දින අම්පාර උහන මහා විද්‍යාලයේ උගන්වමින් සිටියේය. කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස ආචාර්ය නන්දසිරි 1988 සිට 1992 දක්වා විශ්ව විද්‍යාලයේ සංගීත ප්‍රධානියා ලෙස සේවය කළේය. නන්දසිරි ගායන සංගීතය පිළිබඳ I කොටස විභාගයට පෙනී සිටි අතර 1992 දී "නිපුන්" විභාගයෙන් ප්‍රථම පන්තිය ලබා ගත් අතර මෙම ජයග්‍රහණය කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්විය.
1972 දී නන්දසිරි විසින් පටිගත කරන ලද “මහද වීණා” ගීතයක් ඔහු ප්‍රේමසිරි කේමදාසයන් 70 දශකයේ විසින් රචනා කරන ලද "සඳ බලන්න" සහ "ගමේ කෝපි කඩේ" ගීතත් නිසා ප්‍රකට විය.
1974 දී නන්දසිරි සිය ප්‍රථම ඒක පුද්ගල ගී ප්‍රසංගය ‘ස්වර්ණ කුණ්ඩල’ දියත් කළ අතර එය පසුව ප්‍රසංග 250කට අධික සංඛ්‍යාවක් සඳහා එය ගෙන ගියේය.
"ස්වර්ණ කුණ්ඩල" "කිසිවක් නොකියන""එගොඩ කන්දේ" "එක යායට මල්" සහ "මම නම් ආසයි" වැනි ගීත නිසා ඔහු පසුව ප්‍රකට විය.
දියණියගේ උපතෙන් පසු ඔහු 1982 වසරේ ‘අනුරාධා’ නමින් ගීත ප්‍රසංගයක් ආරම්භ කළ ඔහු 1998 දී ඔහු සංගීතය ඉගැන්වීම සඳහා විධිමත් අධ්‍යාපන මධ්‍යස්ථානයක් 'ගාන්ධාරි' ආරම්භ කළේය.
2015 දී නන්දසිරි විසින් ‘ප්‍රථම වසන්තයයි’ ප්‍රසංගය දියත් කළ අතර එහිදී ඔහුගේ දියණිය අනුරාධා ද මල්කාන්ති නන්දසිරි සමඟ ගායනා කළාය. පසුව, 'දූ අනුරාධා' නමින් ප්‍රසංගයක්ද ඇරඹීය.
පණ්ඩිත් අමරදේවයන්ගේ අභාවයෙන් පසු 2016දී සෞන්දර්ය හා රංග කලා විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස ඔහු පත්විය.
2018 සෞන්දර්ය විශ්වවිද්‍යාල නිකේතන ශ්‍රවණාගාරයේදී මහාචාර්ය සනත් නන්දසිරි මහතාට උපහාර පිදීමේ උත්සවයක් "නින්නාද 2018 තුන්පත් රට ස්වර දැහැන" නමින් ප්‍රසංගයක් සමඟින් පැවැත්විණි. ජනාධිප විශේෂ ගෞරව සම්මානයක් පිරිනැමීම ද සිදුවිය.
2019 දී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඔහු ජනාභිමානී ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය.

පාර්ලිමේන්තුව රැස්වීම ගැන තීන්දුවක් !
පාර්ලිමේන්තුව ලබන සතියේ 4 වැනි අඟහරුවාදා පමණක් රැස්වීමට නියමිත අතර ඒ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දිසානායක නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
නිවේදනයේ සඳහන් ආකාරයට කථානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය කර ඇත .
ඒ අනුව පාර්ලිමේන්තුව අප්‍රේල් 4 වනදා පෙ.ව 9.30 ට රැස්වන අතර පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වෙන්කර ඇත්තේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා බවද එම නිවේදනයේ සඳහන් වේ.
අනතුරුව පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා සෙස් බද්ද සංශෝධනය කිරීමට අදාළව 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ අංක 2306/15 දරන ගැසට් පත්‍රයේ පළ කළ නියෝගයක් සහ 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2320/46 සහ 2320/47 යන ගැසට් පත්‍රවල පළ කර ඇති රෙගුලාසි ද්විත්වයක් විවාදයට ගෙන අනුමැතිය ලබා ගැනීමට නියමිතය.
ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන්කර තිබේ.
තවද 2023 අප්‍රේල් 18 සිට 22 දක්වා යෙදෙන අප්‍රේල් මාසයේ දෙවැනි පාර්ලිමේන්තු සතිය වෙනුවට අප්‍රේල් 25 වන අඟහරුවාදා සිට අප්‍රේල් 28 වන සිකුරාදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට ද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව මහලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ඝාතනයක් සම්බන්ධයෙන් සජබ අපේක්ෂක අත්අඩංගුවට !
මෙවර පළාත් පාලන මැතිවරණයට තංගල්ලෙන් ඉදිරිපත්ව සිටින සජබ අපේක්ෂකයෙක් වන ජයවර්ධන පතිරණගේ සරත් නොහොත් ඩැනී බේබි නැමැත්තා විසින් සිදුකළ ඝාතකයක් සම්බන්ධයෙන් පොලිස් ආරංචි මාර්ග තොරතුරු අනාවරණය කරයි.
ඒ තංගල්ල නෙටොල්පිටිය වැලිආර ප්‍රදේශයේදී අද (27) උදෑසන පිහියකින් ගෙලට ඇන කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහාකාරවරියක මරා දැමීම සම්බන්ධයෙන් ය.
නෙටොල්පිටිය ,වැලිආර පදිංචි දීපශිකා ලක් රුවනි විජේදාස නැමැති 28 හැවිරිදි විවාහක කාන්තාවක් මෙසේ ඝාතනයකර තිබේ.
ඇය සේවය සදහා නෙටොල්පිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයට යමින් සිටියදී සැකකරු ඔහුගේ නිවස අසල රැක සිට ඇයට පිහියෙන් ඇන මෙම ඝාතනය සිදුකර ඇති බව විමර්ශන වලින් හෙළිවී ඇත.
සැකකරුව පොලීසිය මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර දැනට විමර්ශන වලින් හෙළිවී ඇත්තේ සැකකරු විසින් ඇගෙන් පොහොර ඉල්ලා ඇති බවත් පොහොර නොලැබීම හේතුවෙන් මෙසේ ඇයට පිහියෙන් ඇන ඇති බවත් ය.

ලාංකිකයින් 57 ගේ ඉරණම දියාගෝ ගාෂියාවේ හිරවෙලා !
දියාගෝ ගාෂියානි දූපතේ කඳවුරක වසර එකහමාරක් තිස්සේ රඳවා සිටින ශ්‍රී ලාංකිකයන් 57 දෙනෙකු තමන් මුදා හරින ලෙස ඉල්ලා ආහාර ලබා ගැනීම ප්‍රතික්ෂේප කරමින් උද්ඝෝෂණයක නියැළී සිටින බව වාර්තා වෙයි .
විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට බ්‍රිතාන්‍ය සහ අමෙරිකානු ඒකාබද්ධ කඳවුරක ස්ථාපිත කූඩාරමක මෙම 57 දෙනා ම රඳවා සිටින අතර ඔවුන්ට කූඩාරමෙන් පිටතට නොයන ලෙස ද තර්ජනය කර ඇත.
ඒ හේතුවෙන් කඳවුරේ ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු සියදිවි හානි කර ගන්නට උත්සහ දරා ඇති අතර එලෙස උත්සහ කළ 5 දෙනෙකු රුවන්ඩාවට රැගෙන ගොස් ඇති බව ද සඳහන් ය.
උද්ඝෝෂණයේ නියැළෙන පිරිසගෙන් දස දෙනෙකු පමණක් ක්ලාන්ත තත්ත්වයකට පත්වූ බව ත් කඳවුරේ කිසිවෙකු ඒ ගැන සොයා නොබලන බවත් කඳවුරේ රැඳවූවන් විදෙස් මාධ්‍යයකට පවසා තිබේ.
මොවුන් මෙසේ දූපතේ හිර වී ඇත්තේ, මන්නාරම පේසාලේ සිට හොර රහසේ යාත්‍රාවකින් කැනඩාව බලා ගමන් කරද්දී ය. දින දහයකට පසු අතරමගදී යාත්‍රාව අනතුරකට පත්ව ඇති අතර පසුව ඊට ආසන්නව ඇති දියාගෝ ගාෂියානි දූපතට මොවුන් සේන්දු වී තිබේ.
පසුව එහි ස්ථාපිත බ්‍රිතාන්‍ය- අමෙරිකා කඳවුරේ නිලධාරීන් යාත්‍රාව අලුත්වැඩියා කිරීමෙන් පසු මොවුන් මුදා හරින ලෙස දැනුම් දී තිබුණ ද දැනට මාස 8ක කාලයක් තිස්සේ මෙම ශ්‍රී ලාංකිකයන් කූඩාරමේ රඳවා සිටින බව කියයි.
කෙසේ වෙතත් වරින් වර සිය ඥාතීන් දුරකතන මාර්ග ඔස්සේ ඇමතීමට මොවුන්ට ඉඩකඩ ලබා දී තිබූ අතර තමන් මෙම කඳවුරේ රඳවා සිටින බවට ඔවුන් විදෙස් මාධ්‍ය වෙත පවසා ද එම අවස්ථාවකදී බවත් සඳහන් ය.
කෙසේ වෙතත් පසුගිය 19 වන දා සිට කූඩාරම තුළ උද්ඝෝෂණ පවත්වමින් ආහාර ප්‍රතික්ෂේප කරමින් කාලය ගත කරන මොවුහු තමන් මුදා හරින ලෙස හෝ සාමාන්‍ය ජනතාව සිටින ප්‍රදේශයකට යවන ලෙස ඉල්ලා ඇති බවත් වැඩිදුරටත් සඳහන් වෙයි.
ශ්‍රී ලංකාවට කිලෝමීටර 2,500ක් පමණ දකුණෙන් මෙම කඳවුර පිහිටා තිබේ. මොවුන් මුදා ගැනීමට බ්‍රිතාන්‍ය රජය සමග සාකච්ඡා පවත්වමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග පෙන්වා දෙයි.
මේ අතර, අදාළ පිරිස මුදා ගැනීමට අවශ්‍ය මූල්‍ය හා නෛතික ආධාර සපයා ගැනීමට ජාත්‍යන්තර වශයෙන් ද වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මැතිවරණයක් ගැන මහින්දගෙන් ඉඟියක් !
මෙම වසරේ දෙසැම්බර් මාසයට පෙර මැතිවරණයක් පැවැත්වෙනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
පොහොට්ටුවෙන් වෙන්වී සිටින පිරිස් ද නිසි වෙලාවේ දී නැවතත් එක් වනු ඇති බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කරයි.
නාරාහෙන්පිට අභයාරාම විහාරස්ථානයේදී පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ ඔහු මේ අදහස් දැක්වීය.

විදෙස් සමාගම් 03කට සිපෙට්කෝ ඉන්ධනහල් 450ක්
විදෙස් සමාගම් 03ක් සඳහා මෙරට සිල්ලර ඉන්ධන වෙළෙඳපොළ වෙත පිවිසීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.
විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව පවසයි.
ඒ අනුව මෙලෙස අවසර හිමිව ඇත්තේ Sinopec, United Petroleum සහ RM Parks of USA යන සමාගම් වෙතටයි.
මෙමගින් අදාළ විදෙස් සමාගම් සඳහා දැනට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අලෙවි නියෝජිතයින් හරහා මෙහෙයවනු ලබන ඉන්ධන පිරවුම්හල් 150ක් බැගින් මෙන්ම නව ඉන්ධන පිරවුම්හල් 50 ක් ඉදිකිරීම හරහා මෙරට සිල්ලර ඉන්ධන වෙළෙඳපොළ සඳහා පිවිසීමට අවසර හිමිවේ.
ඒ අනුව අදාළ සමාගම් වෙත වසර 20 ක් දක්වා ක්‍රියාත්මක වන බලපත්‍රයක් හිමිවන අතර එමගින් ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීමට, ගබඩා කිරීමට, බෙදා හැරීමට සහ අලෙවි කිරීමට අවසර හිමි වේ.

ලයිකා බැල්ල මුලින්ම අභ්‍යාවකාශයට යැවූ හේතුව ජවිපෙ සුනිල් හෙළිකරයි !
අභ්‍යවකාශයට මුල්ම වතාවට ‘ලයිකා’ නම් බැල්ලිය යවන ලද්දේ කාන්තාවන්ට දරාගැනීමේ ශක්තිය ඉහළින්ම ඇති නිසා බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.
අභ්‍යවකාශයට යවන පළමු කාන්තාව ලෙස වැලන්ටිනා තෙරෙස්කෝවා තෝරා ගත්තේද ඒ නිසා බවත් ඔහු පවසයි.
පිරිමින්ට වඩා කාන්තාවන්ට දරාගැනීමේ හැකියාව ඇති බව ජීව විද්‍යාත්මකව ද තහවුරු වී ඇතැයි සඳහන් කල හිටපු ජවිපෙ මන්ත්‍රීවරයා කාන්තාවන්ට ඇති මෙම සුවිශේෂී දරාගැනීමේ හැකියාව රටක් සංවර්ධනය සඳහා යොදාගත යුතු මිස අසමාන සැලකිල්ලට ලක්විය යුතු නැති බවද කියා සිටියි.
කාන්තාවන්ට නිසි තැන ලබා දුන් පසු එම සමාජය දියුණු වීම වැළැක්වීම කිසි ලෙසකින් නැවැත්විය නොහැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි රිට් පෙත්සමක් නිෂ්ප්‍රභා කෙරේ
බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි රිට් පෙත්සමක් නිෂ්ප්‍රභා කිරීමට අභියාචනාධිකරණය අද (27) නියෝග කළේය
ගාලුමෝදර ගෝඨා ගෝ ගම අරගලයට පහරදීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කෙරුණු රිට් පෙත්සමක් ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභා කිරීමට අධිකරණය විසින් නියෝග කරනු ලැබීය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ, මරික්කාර් යන අය විසින් මෙම තීන්දුව ලබා දී තිබෙයි.

අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 29කට නොමිලයේ සහල්
රජය විසින් මෙවර මහ කන්නයේ දී ගොවි ජනතාව වෙතින් මිල දී ගන්නා ලද වී සහල් බවට පත් කර ඒවා අඩු ආදායම්ලාභී පවුල් අතර බෙදා දීමේ වැඩ සටහන හෙට සිට (27) ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.
මෙවර මහ කන්නයේ දී රජය වී මෙට්‍රික් ටොන් 61,300ක් මිල දී ගැනීමට අවශ්‍ය කටයුතු යොදා තිබිණි.එහි පළමු අදියර යටතේ රුපියල් බිලියන 10ක් වෙන් කළ අතර වී මිල දී ගැනීම වී අලෙවි මණ්ඩලය විසින් නොව දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් සිදු කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කළේය.
අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 20කට මෙම සහල් ලබා දීමට නියමිතය.
ඒ අනුව මාසයකට එක් පවුලකට සහල් කිලෝග්‍රෑම් 10ක් බැගින් මාස දෙකක් සහල් නොමිලයේ ලබා දීමට රජය තීරණය කළේය. පවුල් ලක්ෂ 20කට මෙම සහල් සහනාධාරය දීමට සැලසුම් කර තිබුනත් පසුව එය ලක්ෂ 29ක් දක්වා වැඩි කිරීමට කටයුතු කළ බව කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමස්ත පවුල්වලින් සියයට 52ක් මෙම නොමිලයේ දෙන සහල් ඉල්ලා තිබෙි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ විශාල සංවර්ධනයක් පසුගිය කාලයේ සිදු වුනත් තවමත් සහනාධාර ඉල්ලන පවුල් සියයට 52ක් සිටීම සුළුපටු දෙයක් නොවේ යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය. නොමිලයේ ලබා දෙන සහල් කොළඹ, ගම්පහ, කලුතර, මහනුවර, රත්නපුර, ගාල්ල, මාතර හා තවත් දිස්ත්‍රික්ක කිහිපයකට ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යවරයා කීය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් සදහා සහල් ලබා දීම හෙට (27) අගුණකොළපැලැස්ස හා වීරකැටියේ දී සිදු කෙරේ.

පෞද්ගලික රෝහල් හා වෛද්‍ය රසායනාගාර 08 කට ලක්ෂ 55ක දඩයක්
උපරිම මිල ඉක්මවා ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂණ හා පූර්ණ රුධිර ගණන පරීක්ෂණ සඳහා ගාස්තු අය කළ පෞද්ගලික රෝහල් හා වෛද්‍ය රසායනාගාර 08කට රුපියල් ලක්ෂ 55 ක දඩ නියම කර තිබේ.
ඒ පාරිභෝගික කටයුතු අධිකාරිය එම ආයතනවලට එරෙහිව අලුත්කඩේ හා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණවලදී ගොනු කළ නඩුවල තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ය.
ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂාව සඳහා පනවා ඇති උපරිම මිල රුපියල් 1200කි.
එහෙත් එම පරීක්ෂණය සඳහා මෙම ආයතන රුපියල් 3000 ආසන්න වනතෙක් විවිධ ගණනින් මුදල් අයකර ඇති බව අධිකාරීය අධිකරණයට පැවසුවේ ය.
එම ආයතන පූර්ණ රුධිර ගණන පරීක්ෂණයට පනවා තිබූ උපරිම මිළ වන රුපියල් 400 ඉක්මවා රුපියල් 1000කට ආසන්න වන තෙක් මුදල් අයකර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ ය.
මේ අතර, උපරිම මිල ඉක්මවා ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂණ හා පූර්ණ රුධිර ගණන පරීක්ෂණ සිදු කළ තවත් ආයතන 10ක් සම්බන්ධයෙන් මේ වනවිට අධිකරණයට කරුණු ගොනු කර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසුවේ ය.

අවුරුදු මාසේ රාජ්‍ය සේවක වැටුප් ගැන ආණ්ඩුවේ තීරණය මෙන්න !
අප්‍රේල් මාසයට අදාළ රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් හා සමෘද්ධි ඇතුළු දීමනා අප්‍රේල් මස 10 වනදාට පෙර ගෙවීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ කෑගල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.
සිංහල හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් සාම්ප්‍රදායිකව සිදුකරනු ලබන එම ගෙවීම් නියමිත පරිදි සිදුකිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බවත් එහිදී රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය .

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසුරවනවද ? සාගලගේ උත්තරේ මෙන්න !
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසුරුවා හැරීමට රජයේ කිසිඳු සූදානමක් නොමැති බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක පැවසීය.
2015 කැබිනට් පත්‍රිකාවට අනුව සිවිල් ආරක්ෂක සේවය ක්ෂය වන සේවයක් ලෙස අනුමත කළත් එම කාලසීමාව ඉකුත්ව ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.
ඒ අනුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයන්ට වසර 60 ක සේවා කාලයක නිරත වීම සඳහා වසර 55න් ඉදිරියට සේවා දිගුව ඉල්ලා සිටිය හැකි බව පෙන්වා දුන් සාගල රත්නායක මහතා එම කටයුතු කිසිවක් වෙනස් වි නොමැති අතර ඉදිරියට ද වෙනස් කිරීමට සූදානමක් නොමැති බව අවධාරණය කළේය.
සාගල රත්නායක මහතා මේ බව සඳහන් කළේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඉටු කරන ලද සේවාව අගය කරමින් මොරටුව කටුබැද්දේ පිහිටි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේ දී ඊයේ (24) පස්වරුවේ පැවැති ඇගයීම් උළෙලට එක් වෙමිනි.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් මාතෘ භූමියට ඉටු කළ සේවාව ඇගයීමට ලක් කෙරිණි.
සාගල රත්නායක මහතා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජික සාමාජිකාවන්ගේ තොරතුරු විමසමින් ඔවුන් සමග සුහද කතා බහක නිරත වූ අතර සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් රංජිත් ළමාහේවගේ (විශ්‍රාමික) මහතා විසින් මෙම සංචාරය සනිටුහන් කරමින් රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වෙත සහ සාගල රත්නායක මහතා වෙත සමරු තිළිණ ප්‍රදානය කරන ලදී.
අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා සහ සාගල රත්නායක මහතා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු සොයා බලමින් එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඡාවකට ද එක් වූහ.
https://newstube.lk/news?start=4194#sigProIdef52f0ae20

අගමැතිගෙන් මැතිවරණ කොමිසමට කැඳවීමක් !
මැතිවරණ කොමිෂන් සභාව පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අවිනිශ්චිත ආකාරයෙන් කටයුතු කිරීම ගැන එම කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයන් ළඟදීම කැඳවා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව අගමැති දිනේෂ් ගුණවර්ධන පවසයි .
අගමැති මේ බව සඳහන් කර සිටියේ ඊයේ (24) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ය.
මැතිවරණ කොමිසම අවසානයක් නැති ප්‍රකාශ දිගින් දිගටම නිකුත් කරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අගමැතිවරයා මෙසේද සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කිහිපයක් විභාග වෙනවා. භාණ්ඩාගාර ලේකම්වරයා ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. මැතිවරණ කොමිසමත් කරුණු ඉදිරිපත් කළා. අපි ඒ අනුව ක්‍රියා ක්‍රියාමාර්ග ගන්නවා. අධිකරණයේ පවතින කරුණු ගැන මම සාකච්ඡා කරන්නේ නැහැ. අධිකරණයට ගියේ අපි නොවේ. මැතිවරණ කොමිසම ඊයේ ප්‍රකාශයක් කළා. ඒ ප්‍රකාශයත් අවසානයක් නැති ප්‍රකාශයක්. මා අමාත්‍යවරයා විදිහට ඒ අය කැඳවන්න බලාපොරොත්තු වෙනවා.
කොමිසම අවිනිශ්චිතව කටයුතු කිරීම ගැන සාකච්ඡා කරනවා. කොමිසමට බලපෑමක් කරනවා කියලා සමහරු මේ සභාවේ කිව්වා.කොමිසමේ අය ඒවිද දන්නෙ නැහැ. කොහොම නමුත් මම කැඳවා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පළාත් පාලන ආයතන නිල කාලය නීතිය අනුව 19 වැනිදා අවසන් වුණා. ඒ සභාවලින් ජනතාවට අවශ්‍ය සේවාව කරගෙන යනවා.
අධිකරණයට ගිහින් ප්‍රශ්න විසඳගන්න හැදුවේ ඔබතුමාලා. අධිකරණයට ගරු කරනවා. භාණ්ඩාගාරය විදිහට අපි පුළුවන් විදියට අධිකරණයට උත්තර බැඳලා තියනවා.
Page 234 of 488